දැනගෙන කතරගම යද්දී දැන් ඉස්සර වගේ නෙවෙයි. බලන්න කියන්න දේවල් බොහොමයක් තියෙනවා. දැන් ලංකාවේ වෙන කිසිම තැනකදී ලබාගන්න නොහැකි අත්දැකීම් රුසක් දකුණු පුරවරයේ එහා කෙළවරේදි ඔබට ලබාගන්න පුළුවන්. රිදීගම සෆාරි උද්‍යානය.
හම්බන්තොට කුරැලු උයන, වියළි කලාපීය උද්භිද උද්‍යානය ආදිය පහුගිය අවුරැදු 2-3ට එකතුවුණ දේවල්. දැන්ම අපි මේ තැන්වලට ඔබ එක්කගෙන යන්නේ නෑ. මුලින්ම මේ හැමදේකටම මැදිවෙලා තියෙන අපූරු නවාතැන් පොළකට ඔබ එක්ක යනවා. අපි අද යමු බඳගිරිය විලේජ් එකෝ රිසෝට් එකට. බඳගිරිය විලේජ් එකෝ රිසෝට් සුවිශේෂී වෙන්න හේතු කිහිපයක් තිබෙනවා. ප්‍රධානම හේතුව මේ අපූරු නවාතැන ගොඩනඟා තිබෙන ස්ථානය.
සාමාන්‍යයෙන් හම්බන්තොට කියන්නේ ශුෂ්ක දේශගුණයක් තියෙන ප්‍රදේශයක් වුණාට බඳගිරිය විලේජ් පිහිටලා තිබෙන්නේ මනාව සෑදුනු තුරු පෙළක් සෙවණ කරගෙන. සාමාන්‍ය සංචාරක හෝටලයක තිබෙන කාර්යබහුල බැවින් සම්පූර්ණයෙන්ම පාහේ මිදිලා, මුවන්, හාවුන් වගේ සුරතල් සතුන් රුසක් මැද අපූරැ ගැමි හෝ දේශීය, විශේෂීය ආහාර වේලක රසබලමින් සුන්දර සති අන්තයක් ගත කරන්න මනා නවාතැනක් විදිහට බඳගිරිය විලේජ් රිසෝට් හඳුන්වන්න පුළුවන්.
ප්‍රසාද්









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd