IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සනත්ට ශෝකය පළ කරන්න විවාදයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ විවාදයක් ලබන 22  වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මෙම විවාදය එදින  පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නායකයන්  රැසක් මෙම විවාදයේදී අදහස් දැක්වීමට නියමිතය.

මෙම විවාදය දැක බලා ගැනීමට සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා සහ දරුවෝ තිදෙනා පාර්ලිමේන්තුවට පැමිණෙති.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා  කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේදී  ඉකුත් ජනවාරි මස 25 වැනිදා  සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.



අදහස් (7)

සනත්ට ශෝකය පළ කරන්න විවාදයක්

පිටරටවැසියා Friday, 16 February 2024 04:40 PM

අයියෝ... අපේ බදුමුදල් මේ අය කිසිම හිරිකිතයක් නැතිව අවභාවිතා කරන හැටි..!

:       3       46

nimal Friday, 16 February 2024 04:46 PM

මේ රටේ ඉන්න එක ගැන පුදුම ආඩම්බරයක් දන්නේ නෑ.

:       3       35

Nimal Friday, 16 February 2024 05:24 PM

මේ අය ගැන මොකට දුක් වෙනවද?

:       1       20

මැක්ස් Friday, 16 February 2024 05:47 PM

සමාජ මාධ්‍යයේ තප්පුලන උන්දැලාට කෙසේවෙතත්, සනත් නිශාන්ත මහතාගේ අවමගුලට පැමිණි දහස් ගණනක් වූ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එය කළ යුතුයි. එසේම එය පාර්ලිමේන්තු සම්ප්‍රදායද වේ. ඒ ගැන වගේ වගක් නොදන්නා අඳ බාල කොමෙන්ට්කරුවන්ගේ අදෝනා අලුයමලු කෙළ පිඩක් සේ ඉවතලා එම සම්ප්‍රදාය අනුගමනය කරන්න...!

:       48       8

RajahSaturday, 17 February 2024 01:18 AM

මැක්ෂ් මට ඔබ ගැන පොඩි කණගාටුවක් තියෙනවා. තවමත් කඩේ යනවාද?

:       0       8

ගිහාන්Saturday, 17 February 2024 07:53 AM

දැන් සනත් නිශාන්තලා වගේ අය වෙනුවෙන් කමෙන්ට් දාන්නේ දූෂිත දේශපාලන ක්‍රමයෙන් පුද්ගලිකව ප්‍රතිලාභ ලබන මැක්ස් වගේ දේශපාලන වහලුන් විතරයි.

:       0       8

චතුරි Saturday, 17 February 2024 01:54 AM

මේක පුදුම වැඩක්නේ. සනත්ගේ මරනේ දවසේ වටවෙලා අඬලා ඉවරයක් කරන්න තිබුණානේ මොවුන්ට රටේ වෙන ප්‍රශ්න නැත්ද? සනත්ගේ බිරිඳට පේන්නද? මම් තමයි ගොඩක් ආදරෙන් හිටියා කියන්න. යලෝ ජේ.ආර්ටවත් ඇඬුවේ නැහැනේ මෙහෙම. මොවුන්ට දුක මැරවරෙයෙක් නැතිවුණු එක චන්දේ ලන්වෙනකොට...!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site