(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ විවාදයක් ලබන 22 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙම විවාදය එදින පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නායකයන් රැසක් මෙම විවාදයේදී අදහස් දැක්වීමට නියමිතය.
මෙම විවාදය දැක බලා ගැනීමට සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා සහ දරුවෝ තිදෙනා පාර්ලිමේන්තුවට පැමිණෙති.
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේදී ඉකුත් ජනවාරි මස 25 වැනිදා සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ... අපේ බදුමුදල් මේ අය කිසිම හිරිකිතයක් නැතිව අවභාවිතා කරන හැටි..!
මේ රටේ ඉන්න එක ගැන පුදුම ආඩම්බරයක් දන්නේ නෑ.
මේ අය ගැන මොකට දුක් වෙනවද?
සමාජ මාධ්‍යයේ තප්පුලන උන්දැලාට කෙසේවෙතත්, සනත් නිශාන්ත මහතාගේ අවමගුලට පැමිණි දහස් ගණනක් වූ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එය කළ යුතුයි. එසේම එය පාර්ලිමේන්තු සම්ප්‍රදායද වේ. ඒ ගැන වගේ වගක් නොදන්නා අඳ බාල කොමෙන්ට්කරුවන්ගේ අදෝනා අලුයමලු කෙළ පිඩක් සේ ඉවතලා එම සම්ප්‍රදාය අනුගමනය කරන්න...!
මේක පුදුම වැඩක්නේ. සනත්ගේ මරනේ දවසේ වටවෙලා අඬලා ඉවරයක් කරන්න තිබුණානේ මොවුන්ට රටේ වෙන ප්‍රශ්න නැත්ද? සනත්ගේ බිරිඳට පේන්නද? මම් තමයි ගොඩක් ආදරෙන් හිටියා කියන්න. යලෝ ජේ.ආර්ටවත් ඇඬුවේ නැහැනේ මෙහෙම. මොවුන්ට දුක මැරවරෙයෙක් නැතිවුණු එක චන්දේ ලන්වෙනකොට...!