ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය දැන් පැවැත්වෙන ප‍්‍රධානතම අන්තර් කී‍්‍රඩා සමාජ කි‍්‍රකට් තරගාවලියේදී ගුවන් හමුදා කණ්ඩායම නියෝජනය කිරීමට සූදානම් වෙයි. සනත් ජයසූරිය අද (සෙනසුරාදා) පෙරවරුවේදී කෙළඹ ගුවන් හමුදා කී‍්‍රඩාංගණයේදී පුහුණුවීම් වල නිරතව සිටියේය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, ගෲප් කපිතාන් ඇන්ඩි විජේසූරිය මහතාද පවසා සිටියේ ලබන සඳුදා (12 වැනිදා) පැවැත්වෙන තරගයේ සිට ගුවන් හමුදා පිල නියෝජනය කිරීමට සනත් ජයසූරිය සූදානම් බවයි.
දැන් පැවැත්වෙන ප‍්‍රධානතම කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරග වදින ගුවන් හමුදා පිල මේ වන විටත් තරග තුනකට සහභාගි වී ඇත. මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට පෙර පැවැත්වෙන ගුවන් හමුදා පිල සහ වරාය අධිකාරී පිල අතර තරගය ලබන සඳුදා බී. ආර්. සී. පිටියේදී පැවැත්වීමට නියමිතය.
සිය කි‍්‍රකට් දිවියේ මුල් කොටසේදී කොළඹ කි‍්‍රකට් සමාජය (සී. සී. සී.) පිල නියෝජනය කළ සනත් ජයසූරිය, කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට පෙර බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩා සමාජය නියෝජනය කළේය. වසර 2007 දී ටෙස්ට් පිටියෙන් සමුගත් සනත්, පසුගිය ජූනි මාසයේදී එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී සිය අවසන් එක්දින තරගයට සහභාගි විය.
මෙම ප‍්‍රවීණ වමත් පිතිකරුවා ටෙස්ට් තරග 110 කට සහභාගි වෙමින් ලකුණු 6973 ක් රැස්කරගත් අතර ති‍්‍රත්ව ශතකයක්ද ඊට ඇතුළත් විය. එක්දින තරග 445 කදී ලකුණු 13,430 ක් රැුස්කරගෙන ඇති සනත් ජයසූරිය විසින් දවාගන්නා ලද එක්දින කඩුලූ සංඛ්‍යාව 323 කි.
කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමෙන් පසුව කි‍්‍රකට් විස්තර විචාරකයකු වශයෙන් කටයුතු කළ ජයසූරිය, ශී‍්‍ර ලංකා පිල සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ටෙස්ට් තරගාවලියේදීද විස්තර විචාරකයකු ලෙසින් කටයුතු කළේය.
ජයසූරිය ගුවන් හමුදා පිලට එක්වන්නේ තරගාවලිය ආරම්භ වීමෙන් පසුව වුවත් ඔහුට ගුවන් හමුදා පිල නියෝජනය කිරීම සඳහා මේ වන විටත් අවසර ලැබී ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරියකු පවසා සිටියේ කිසියම් කී‍්‍රඩා සමාජයක් සඳහා ලියාපදිංචි වීමෙන් දින හතකට පසුව එම කී‍්‍රඩකයාට අදාළ කී‍්‍රඩා සමාජය නියෝජනය කළ හැකි බවයි. විදෙස් ගතව සිටි කී‍්‍රඩකයන්, ඔවුන් දිවයිනට පැමිණි දිනය සනාථ කිරීම සඳහා විදේශ ගමන් බලපත‍්‍රය ඉදිරිපත් කිරීමෙන් පසු, එදිනම වුවත් දේශීය කි‍්‍රකට් තරග සඳහා සහභාගි විය හැකි බවත් එම නිලධාරියා පැවසීය.


1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් කැමතියි මේ වැඩේට මොකද තාමත් මොනවහරි කරගන්න පුළුවන්
ඇයි අනිත් අයගේ අවස්ථාව නැති කරන්නේ.
සනත් දක්ෂයෙක්නිසා අනිත් අයට පැහැදිල් පරාජයක් අත්වෙයි
පුළුන්නම් ගහන්න සනත්
ඔහොම යං සනත් අයියා!!!
සනා බොයි තව වැඩ කිඩ පෙන්වන්න හොදේ
එළ එළ ජයසූරිය අයියා...
හොදයි....... අපේ රටෙන් බිහිවූ අග්‍රගන්‍ය ක්‍රීඩකයෙක්ගෙ දායකත්වය අපේ රටට තව දුරටත් ලැබීම ගැන ...... අනාගත තරුණ ක්‍රීඩකයින්ට හොද ශක්තියක් ......මගෙන් සනත් අයියාට සුභපැතුම් ..........
සනත් වාර්තාවක් තියයිද
ඔයා ගුවන් හමුදාවෙද අයියේ
මේකෙන් වෙන්නේ අලුත් ක්‍රීඩකයකුගේ අවස්ථාව නැති වෙන එක නේද
ඇත්තටම ගොඩක් සතුටුයි සනත් අයියා ආයෙත් සෙල්ලම් කරන එක. ඔයාට සුබ පතනවා
ගොඩක් හොද තීරණයක් සනත්
සනත් අයියේ ඔබගෙ දක්ෂකම උපරිම පේනවා. යළිත් අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කරන්න උපරිම දක්ෂතාවය ලබා දෙන්න. ඔබට ජය...
ඉතා හොද තීරනයක් සනත් අයියෙ.... අපිට ක්‍රිකට් එපා වෙලා තිබුනෙ මෙ දවස් වල. . . මෙ ආරංචියට එකට දෑන් අපි හරි සතුටුයි...
තාම අතඅරින්න හිත නෑ වගේ
සෙල්ලම්කරපු එකනම් හොදයි. ඔහුට ශක්තිය තියනවා. අනිත් අයට දැනෙන්නම අරගන බලන්න.
ලංකාවෙ අයට ඉක්මනින් මුල අමතක වෙනවා. මගේ ආවුසත් අරගන මැරෙනකම්ම සෙල්ලම් කරන්න පුළුවන්නම් කණ්ඩායමට එන්න.
අපිටයි පිස්සු
කොහෙද ඔය කියන අළුත් ක්‍රීඩකය ඉන්නේ.
තවත් මොනවටද ඔච්චර?
මේ වැඩේට සල්ලි කීයක් හම්බ වෙනවද?
යුද්දෙ කාලෙ විතරද හමුදාවෙ වීරයො දක්ෂයො හිටියෙ. දැන් ඉන්නෙ ගායකයො විතරද..?
සනත් මහත්තයට කියල පුහුණු කරවගෙන හමුදාවෙ දක්ෂයො ටිකක් මතුකර ගත්තනම් නේද හොද...? එහෙම වුනොත් අපේ හෙට පරපුර බිහිවීම සිදු වේවි.
අනෙක් අයගෙ අවස්ථාව නැති වෙන්නේ කොහොමද?
මොකද සනත්?
ජයසූරිය ලංකා කණ්ඩායමට නැවත ක්‍රීඩා කරනවනම් මම මීට වඩා සතුටු වෙනවා
ලංකාව වෙනුවෙන් ලෝකය ඉදිරියේ ඔහු තවත් ක්‍රීඩා කරනවට අපිත් කැමතියි. ඒත් අපි කියන්නෙ රට ඇතුළෙදි දැන් ඔහු ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් මිසක් ක්‍රීඩකයෙක් නොවෙයි කියන එකයි.
ආර්ථීක ගැටඵ ඇති