ප‍්‍රවීණ නාට්‍යවේදී සැන්ටින් ගුණවර්ධන මහතා (75) අභාවප‍්‍රාප්ත විය.
හෙන්රි ජයසේන සූරීන් 1962 දී වේදිකාවට ගෙනා ”ජනේලය” නාට්‍යයෙන් රංගනයට පිවිසි සැන්ටින් ගුණවර්ධන මහතා වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ද විය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ”ගිරය”, සුමිත‍්‍රා පීරිස්ගේ ”ගැහැණු ළමයි” නාලන් මැන්ඩිස්ගේ ”දූ දරුවෝ” ඇතුළු ටෙලිනාට්‍ය රැසකටම රංගනයෙන් දායක වීය.
සැන්ටින් ගුණවර්ධන මහතා ”සිව් රඟ සේනා” සහ ”අරුමෝසම් වැහි” යන චිත‍්‍රපටවලද රඟපා ඇත.
ඔහු වෘත්තීයෙන් සැලසුම් ශිල්පියෙකි. මොරටුව, දහම් මාවතේ අංක 31 දරණ නිවසෙහි දේහය තැන්පත් කැර ඇත.
අවසන් කටයුතු බදාදා (17) සවස 4.30ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ රඟපෑ සමහර චරිත මතක් වන විට දැනුත් මගේ දෑසට කඳුළු එනවා. ඔබ එතරම් දක්ෂ ලෙස එම චරිත වල ජිවත් වුවා. ඔබට අජරාමර නිවන් සුව පතමි! (නි)
එතුමට සුව බර නින්දක්.(නදී)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මෙතුමා නියම දක්ෂ කලාකරුවෙක්. මගේ ශෝකය! (නි)
දහම් මාවතට මහා මෙහවරක් කරපු ඔබ සදා නොමැකෙන නමක් තබා අපෙන් වෙන්වුවද ඔබට අජරාමර නිවන් සුව පතමු!! (නි)
අයියෝ ...! (නි)
සොහොයුරාණෙනි,, මේ සසර සවාරියේදී අපි යලිත් හමුවෙමු! (නි)
හිතට දුකකි. ඔබ තුමාට නිවන් සුව පතමි.(නදී)
දයාබර සැන්ටින්, ඔබට නිවන් සුව ලැබේවා! (නි)