
(යොහාන් භාසුර)
සීනි, ලොකු ලූණු සහ අර්තාපල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති.
සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 130 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් වෙළෙඳපොල තුළ සීනි හිඟයක් ඇති වී ඇති බවත් වෙළෙන්දෝ කියති.
ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 150 ත් 160 ත් අතර වීම නිසා මේ වන විට ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දේශීය ලොකු ලූනු සමය ආරම්භ වීම නිසා ලූණු මිල ඉහළ යෑම සාමාන්‍ය තත්වයක් බවත් පසුගිය වසරේ දේශීය ලොකු ලූනු සමයේ උච්චතම කාලය වූ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී කිලෝවක් රුපියල් 400 ක් දක්වා ඉහළ ගිය බව ද වෙළෙන්දෝ පවසති.
ලංකා අර්තාපල් කිලෝවක කොළඹ තොග මිල රුපියල් 130 ත් 140 ත් අතර වීමත් සමඟ සිල්ලර මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවත් රට අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 110 ත් 115 ත් අතර පැවති බැවින් කිලෝවක සිල්ලර මිල රුපියල් 160 ත් 180 ත් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙළෙන්දෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොග සහ සිල්ලර මිල අතර ඉහල වෙනස. ලංකාව තුල මෙතරම්ම මිල වෙනස්වීම අසාධාරණයි. කොහේ වුවද වගාකරන්නා හිඟන මිල ලබන්නා වන අතර අතරමැදියන් වවන්නා සහ පාරිභෝගිකයා සූරාකනවා. රජයක් නැතිකම පේනවා.
මේ රට දැන් තනිකරම පාලනය කරන්නේ කළු කඩ මාෆියාවකින්. එක්කෝ ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය සහ රජය කියන්නේ නිකන්ම නිකන් බෝඩ් ලෑලි සෙට් එකක්, එහෙමත් නැත්තම් ඔවුන් ඇවිල්ලත් මේ කළු කඩ මාෆියාවේම කොටසක්.
සාධාරණ වැඩි කිරීමක්
භාණ්ඩ ප්‍රවාහන ලොරිවල පසුපස පැත්තේ KMP,H 40 ලෙස දක්වා තියෙනවා.. නමුත් ඒ ලොරි යන්නේ අධිවේගී හෙවත් KMPH 80 ඉක්මවා යායුතු මාර්ගවල මේ රටට වෙලා තියෙන්නේ ඒකයි...
නන්දසේන ෆේල් .ඉන්න හිටින්න දෙන්න ආපු කෙනා රට කනවා
"මට අහන්න තියෙන්නේ දැන් සැපද කියලා විතරයි" කියලා කිව්වේ කවුද හැබෑට...!!!
ආහාර වර්ග වල මිල වැඩිවීම ඉතාම සාධාරණයි. මේ රට රැක ගැනීමට නම් භාණ්ඩවල මිල පමණක් නොවෙයි ගෑස් මිල වැඩි උනාසේ ඉන්ධන මිලත් වැඩිවිය යුතුයි. කාට හෝ හිතෙනවා නම් ලංකාවේ බඩු මිල වැඩියි කියලා පිටරටකට යන්න. මතකනේ, පහුගිය රජය දින සියය තුල අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසකම මිල අඩු කරලා, ඉන්ධන මිල අඩුකරලා කරගත්ත දේ? ඒ මදිවාට රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් දාහකින්ම වැඩි කළා. ඒ කාලේ අපි කෑවේ වඳ කොත්තු, ඇන්දේ වඳ බ්‍රශියර්, ඒ මදිවාට දොස්තර සාෆි ගැබ් ගෙල මිරිකලා වඳ කරනවා. මතක් වෙද්දීත් බයයි. දැන්, බදුර්දීන් විල්පත්තුව කපන්නේත් නැහැ. මුළු රටම ගස් කොලන් වලින් පිරිලා, කාබනික පොහොර යොදලා කරපු වගා වල අස්වැන්න සරුවට තියනවා. ඒ නිසා දේශීය ගොවීන්ට ඔවුන්ගේ ශ්රමයට සරිලන ප්රතිලාභ ලැබෙන්න ඕනා. මොනවලින්ද අඩුපාඩු? අපිට ජීවත් වෙන්න රටකුයි ඕනා. ඒ නිසා කරුණාකර තව භාණ්ඩ වල මිල වැඩි කරන්න කියලා මම රජයෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මෙතරම් හොඳට ජනතාවට සලකන පාලකයින්ගේ අගය නොදැනීම ජාතියේ අවාසනාවක්??
අල, බොම්බයි ළුණු ලගදී කෑවයි? වෙනස සැප ද........
බන්දුල එන්න වේදිකාවට, ඔයාගේ රස්සාවනේ. මොනවහරි කියවන්න . "යහපාලනය" වචනයත් අඩංගු කරන්න අමතක කරන්න එපා