(යොහාන් භාසුර)
වත්තල ප්‍රදේශයේ ගබඩා තුනක සහ මාබිම ප්‍රදේශයේ ගබඩාවක තිබී මාස අටක පමණ කාලයක් වෙළඳපොළට නිකුත් නොකළ සීනි මෙට්‍රික්ටොන් 11,070කට පාරිභෝගික අධිකාරිය අද (31) මුද්‍රා තැබිය.
එඩේරමුල්ල ප්‍රදේශයේ ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 5500ක් ද, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 600ක් ද, හේකිත්ත ප්‍රදේශයේ ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 1200ක් ද, මාබිම ප්‍රදේශයේ ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 3770ක් ද, මුද්‍රා තැබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
මෙම ගබඩා හතරම පාරිභෝගික කටයුතු අධිකාරියේ ලියාපදිංචි කළ ඒවා වන බවත් එසේ වුවද මාස අටක් වසරක් අතර කාලයකින් සීනි තොග වෙළඳපොළට ඉදිරිපත් කර නොමැති බව තොගවල සටහන් දිනයෙන් සනාථ වන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියකු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා සද්දෙට ඔය සිල් කළාට අන්තිමට හීන් සැරේ ඔය ගජයෝ ටික සීනි තොගේ බේරා ගනීවි. මිනිස්සුන්ට අමතක වෙන්න ඇරලා. ඔන්න බලන්න හැමදාම වෙන්නේ ඔය සංගදිය තමයි. නැතුව ඕවා රාජ සන්තක කරලා අඩු මිලට ජනතාවට දේවි කියලා නම් හිතන්නවත් එපා.