(ප්‍රසාද් මුතුකුඩ)
සීදුව ව්‍යාපාරිකයකු (49) කල්පිටියේ ව්‍යාපාරික කටයුත්තකට ගොස් සිය ජිප් රියෙන් ආපසු එමින් සිටියදී සීදුව ඊරියගහළිඳ පාර අසලදී තවත් මෝටර් රියකින් පැමිණි අයකු ඔහුගේ රියට වෙඩි තබා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඔහු පැමිණි කටුනායක - මීගමුව මාර්ගයේ දී එම මෝටර් රිය ඔහුගේ ජිප් රියේ ගැටීමට ගොස් ඔවුන් දෙපිරිස අතර ආරවුලක් ඇතිව තිබෙන අතර එහිදී බහින්බස්වීමක් ඇතිවීමෙන් පසු යළි ව්‍යාපාරිකයා සිය නිවසට පැමිණෙද්දී ඒ පසුපස පැමිණි මෝටර් රියකින් ආ අයකු මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
වෙඩි තැබීමෙන් ඔහුගේ ජිප් රියට හානිවී ඇති අතර එම ස්ථානයේ තිබී ජීව උණ්ඩයක් සොයාගත් බවත් පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් සීදුව පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd