(නිමන්ති රණසිංහ)
ලංකා සතොස ආයතනයට අයත් රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදුලූණු කිලෝග්‍රෑම් 54,860- ක් සහිත කන්ටේනර් දෙකක් විකිණීමට ආධාර අනුබල ලබා දුන් බව කියන තැරැව්කරුවන් දෙදෙනා ලබන 05 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද (01) නියෝග කළේය.
මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කළේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කමල් කුමාර සහ වේලායුදම් ශ්‍රීධරන් නැමැති තැරැව්කරුවන් දෙදෙනෙකි.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය අද (01) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධිකරණ අංශයේ උප පොලිස් පරික්ෂක සරත් කුමාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශනය අපරාධ පරිකෂණ දෙපාර්ත්මේන්තුවට භාර දෙන ලෙසට පොලිස්පතිවරයා නියම කර ඇති බවය.
ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වගන්තිය ප්‍රකාරව මෙම සිද්ධියට අදාළ විමර්ශනයේ උදෘත සහිත ගොනුව අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුවට භාරදෙනු ලබන බව පැලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලට අනුව තවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බව ද මෙහිදී පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
රුපියල් ලක්ෂ 74ක් වටිනා සතොස ආයතනයේ සුදු`ථණූ කිලෝ 54,860- ක් තම අහිමතය පරිදි පෞද්ගලික වෙළෙඳ ආයතනයකට අළෙවි කර සාපරාධී විශ්වාසය කඩ කළැයි ලංකා සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සුසිර පෙරේරා මහතා දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරීමෙන් පසු රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට අධිකරණය නියෝග කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලූණු පටවපු බාපු අය, මුදල් ගණන් කරපු අය එහෙමත් අත්අඩංගුවට ගන්න, සල්ලි දීපු අය නම් ගන්න එපා, ඒ අය අහිංසකයි.
ඔය හාල් මැස්සෝ දෙන්නෙක්. තෝරව මෝරාව අල්ලන්න
එතකොට අනිත් කෙනා කවුද?
මාර වැඩක්නේ, තැරැව්කරුවන් දෙදෙනා අත්අඩංගුවේ.මේකට සම්බන්ද මහා මොළකරුවන් දෙන්නා නිදැල්ලේ
මේවයෙ මහ මොළ මොළකරුවන් සොයාගන්නා තුරු මෙවැනි සොරකම් සිදුවීම අනාගතයේ ද වළක්වන්න බැහැ