නොයෙක් හේතු මත සේවා ස්ථානයෙන් පළා ගොස් අවතැන් වූ ශ්‍රී ලාංකිකයනට තාවකාලික රැකියා ලබා දීමට සෞඳි රජය එකඟ වී ඇති බවට පළ වූ වාර්තා අසත්‍ය යැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලාංකිකයනට පමණක් විශේෂ නීතියක් හඳුන්වා දී නැති බව ද, ශ්‍රී ලාංකිකයනට එසේ තාවකාලික රැකියා දෙන්නේ නම් ලක්ෂ සංඛ්‍යාත අනෙකුත් ජාතීන්ටද දීමට සිදු වනු ඇති බව ද එම නිලධාරියා කීවේය.
ලංකා රජය මැදිහත් වීමෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකු නැවත ගෙන්වීමට කටයුතු නොකිරීමට ගැන සෞදි ශ්‍රී ලාංකිකයෝ කනස්සල්ල පළකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ ඉන්න අපිට මොනාව වුණත් කමක් නැහැ. රට විරුවෝ ඩොලර් එවනවා නම් ඒ ඇතිනේ. (නි)
මේ අසරණ වෙලා ඉන්නේ සෞදි නීති රීති කඩපු අය නේද? හෙට වෙනකොට සෞදි රජය මොන තීරණයක් ගනීවිද දන්නේ නැහැ. කරන දෙයක් ඉක්මනට කලොත් හොඳයි. (නි)
සෞදි අරාබියාවේ නිතිය අනුව හාම්පුතාගෙන් පිට වැඩ කිරීම සපුරා තහනම්. මෙය එදා පටන් ආ නීතියකි. නිත්‍යනුකුල ආයතනයකට රැකියාවට එන්නේ නම් එහි ගිවිසුම් කාලය අවසන් වෙන තෙක් එම ආයතනයේම රැකියාව කළ යුතුයි. එසේ නොවී පිට වැඩ කිරීමට ගොස් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වුවහොත් දඩ මුදලකට යටත් වීමට සිදුවේ. ඇතැම් විට දඩ මුදලට යටත්ව රටින් පිටවීමටද සිදුවේ. (නි)
මේ කතාව ඇත්ත. දැන්වත් සෞදි රටට එන ශ්‍රමිකයන් හා සේවාදායකයන් අතර නව නීති රීති යටතේ සේවා ගිවිසුමක් සකස් කළ යුතුයි. (නි)
ආපු වැටුපට වැඩ කළා නම් ලංකාවේ ඉන්න කාටවත් බනින්න ඕනෑ නැහැනේ. ඔතැන ඉන්න 10.000 යෙන් 200 කට විතර ඕනෑ නම් ප්‍රශ්න තියෙන්න ඇති. අනිත් අය වැඩිපුර සල්ලි හොයන්න පිට වැඩට යනවා. මෙයාලා ඔය කියන විදියට දැනට සෞදියෙ ගොඩක් කල් වැඩ කරලා හොදට හම්බකරලා ඉන්නේ. (නි)