සෞදි අරාබියට බලපා ඇති ආර්ථික අර්බුදයත් සමග බොරතෙල් බැරලයක මිල පහත බැසීමේ ඉඩ ඇතැයි එරට ආරංචි කියයි.
එරට ආර්ථික අර්බුදය හේතුවෙන් කර්මාන්තශාලාවල සේවය කරන විදෙස් ශ්‍රමිකයන්ට රැකියා අහිමි වීමේ ප්‍රවණතාවයක් මතුව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
ලාංකික ශ්‍රමිකයන් සේවය කරන කර්මාන්තශාලා දෙකක් මේ වන විට මෙම අර්බුදයට මුහුණ පා ඇතැයි එම කාරයංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ උපුල් දේශප්‍රිය මහතා කියයි.
සෞදියේ රියාද් හි සාඩ් සමාගමේ සේවය කළ ලාංකිකයන් 12 දෙනකුට රැකියා අහිමි වී ඇතැයි ද කියති.
ඔවුනට ආහාර ඇතුළු පහසුකම් නොලැබෙන බව වාර්තා වූ අතර ඒ පිළිබඳ සොයා බැලූ බවත්, වහාම ඔවුනට ආහාර ලබා දීම සඳහා තානාපති කාර්යාලය මගින් මුදල් ලබා දීමට පියවර ගෙන ඇති බවත් දේශපි‍්‍රය මහතා සඳහන් කරයි.
එසේම මෙම සමාගම මගින් වැටුප් නොගෙවීම සම්බන්ධයෙන්ද අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින අතර එම කටයුතු අවසන් වූ පසුව මොවුන් ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
මේ අතර රියාද් හී පිහිටි සෞදි ඕජර් සමාගමේ ශ‍්‍රි ලංකා ශ‍්‍රමිකයින් 100 ක් පමණ පිරිසක් සේවය කරන බවත්, ඔවුන්ද මෙම ගැටලූ වලට මුහුණ දී සිටිති. ඔවුන් අතරින් සේවකයින් 40 දෙනෙකු පමණ රියාද් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ බව පැමිණිලි කර ඇති බවද ඔහු කියා සිටී. මෙම සේවකයින් සඳහා ආහාර පහසුකම් තානාපති කාර්යාලය හරහා ලබා දීමට පියවර ගෙන ඇති බවද උපුල් දේශපි‍්‍රය මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ කොකිවරුන්ට , පෙදරේරු , වඩු , මෝටර් කාර්මික වැනි රැකියා කරලා සවුදියේ හම්බවෙන වැටුපට වැඩි වැටුපක් ලබාගත හැක , නමුත් අපේ මිනිස්සු කැමති අඩු වැටුපට , දුක්විදිමින් මැද පෙරදිග වැඩ කරන්න (ම)
දැන් බොදු බල සේනාවට කිව්වනම් ඉවර නේද මියන්මාරයෙන් රැකියා ගෙනත් දෙන්න කියලා? (අ)
රැකියා ලක්ෂ 10ක් විතර නැතිවෙන ලකුණු තියෙන්නේ. රජයෙන් කම්පැනිවලට දෙන්න තියෙන සල්ලි දෙන්නෑ. (බ)
අනෙක් රටවල තානාපති කාර්යාලවලින් කොම්පැනි වලට බලපෑම් කරලා අස්කරන අයගේ මුදල් අරන් දෙනවා. මම හිතනවා මේවාට අපේ තානාපති කාර්යාලවලින් සහයක් ඕනේ (බ)