සෞදි අරාබියේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ විශාල වශයෙන් අවතැන්ව විවිධ දුෂ්කරතා මධ්‍යයේ සැඟවී හෝ පලාගොස් සිටින ලාංකිකයින් මව්බිමට ගෙන්වා ගැනීමට වහාම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමේ අවශ්‍යතාවය එහි සිටින ශ්‍රී ලාංකිකයෝකියති.
සෞදි රජයේ කම්කරු අමාත්‍යංශය මගින් දින කිහිපයකට පෙර හඳුන්වාදෙන ලද නව නීති රීති අනුව මාස 3ක සහන කාලයක් ලබාදී ඇති නමුත් අනවසරයෙන් හෝ නීත්‍යනුකූල නොවන විදේශිකයන් හට මෙම නීතිය සමග හඳුන්වා දී ඇති සහන කාලය මගින් කිසිදු සහනයක් නොලැඛෙනු ඇත.
නීත්‍යනුකූලව රටේ රැඳී සිටීමේ බලපත්‍ර ඇති එහෙත් නීත්‍යනුකුල හාම්පුතාගෙන් බැහැර (හාම්පුතාගේ අනුමැතිව ඇතිව) රැකියාව කරන සියලූම විදේශිකයින් මෙම සහන කාලය තුළදී අදාළ හාම්පුතා යටතේ හෝ එසේ නොමැති නම් හාම්පුතාගේ අනුමැතිව ඇතිව වෙනත් සේවා යෝජකයෝ වෙත තම ලියකියවිලි මාරු කරගනිමින් රැකියාව කිරීමට අවසර ලබාදී ඇති අතර එම කරුණු දෙකම සම්පූර්ණ කර ගැනීමට අපොහොසත් වන විදේශිකයින් සහන කාලය ඉවත්වීමට පෙර රටේ පිටවිය යුතුයි. එසේ රටෙන් පිට නොවන සියලූම විදේශිකයින් මාස 3ක කාලය ඉක්මවීමෙන් පසු මේ රටෙහි රැඳී සිටින්නේ නම් අනවසර නීත්‍යානුකුල නොවන සංක්‍රමිකයින් ලෙස හඳුන්වා අත්අඩංගුවට ගෙන දඩයකට යටත් කොට රටෙන් පිටුවහල් කිරීමට සෞදි රජය තීරණය කර ඇත. විශේෂයෙන්ම නීත්‍යානුකුල නොවන අනවසර සංක්‍රමිකයින් සන්තකයේ තබා ගැනීම යන වරදට අදාල පුද්ගලයාට සෞදි රියාල් ලක්ෂයක දඩ මුදලකට යටත්වීමට සිදුවනු ඇත.
කෙසේ වුවද විවිධ හේතු මත අවතැන් වූ විදේශිකයින් පිළිබඳව කිසිදු සඳහනක් බලධාරීන් නොපවසන නමුත් දැනට පවත්නා සංක්‍රමික නීති අනුව ආගමන විගමන කඳවුරු වෙත හෝ අදාළ ආරක්ෂක අංශ වෙත භාරවීමෙන් නීත්‍යනුකුලව මෙරටින් පිටවීමේ හැකියාව විදේශිකයන් සතුව ඇති නමුත් යම්කිසි අපරාධයකට හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ පුද්ගලයින් සෞදි අරාබියේ පවතින නීතිය යටතේ ක්‍රියාකරනු ඇත.
තත්ත්වය මෙසේ තිබියදී සෞදි අරාබියේ අවතැන් වූ හෝ නීත්‍යනුකූල නොවන ලක්ෂ සංඛ්‍යාත විදේශිකයන් අතරින් ලාංකික අනවසර සංක්‍රමිකයන්ගේ ගණන 5000 සිට 10000 ඉක්මවා යනු ඇති බවට සාක්කි ඇත. රියාද් ලංකා තානාපති කාර්යාලය විසින් පසුගියදා කරන ලද සංඝණනයකදී හෙළිවූ කරුණු අනුව රියාද් මධ්‍යම කලාපයේ 3000 ඉක්මවා ඇති අතර ජෙඩා කලාපයේ ජෙඩා කොන්සියුලර් කාර්යාල බලධාරීන්ගේ සංඛ්‍යාලේඛන අනුව 4000 දහස ඉක්මවා ඇත්තේ ලියාපදිංචි වීම සඳහා බැවින් ලාංකිකයින්ගේ ප්‍රමාණය අනුව විය. පසුගිය තානාපති ජංගම සේවාව පැවැති අප්‍රේල් 5 වැනි දින නැගෙනහිර පළාතේ ලියාපදිංචි වූ ඒ අතරින් කාන්තාවන් 28 දෙනෙක් වූ අතර පිරිමින් 73ක් විය.
සංඛ්‍යා ලේඛන මෙසේ වුවද එදින ලියාපදිචි නොවූ නැගෙනහිර පළාතේ අවතැන්ව සිටින ලාංකිකයන්ගේ ගණන 3000 සිට හාරදහස දක්වා විය හැකි බව ප්‍රයෝගිකව සනාථ කිරීමට කරුණු ඇත. දැනට නැගෙනහිර පළාත් තුළ පමණක් අවතැන්ව තම සේවායෝජකයාගෙන් පලාගොස් ඉතා වැඩි වැටුපකට ගෘහසේවිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් දහස ඉක්මවා යනු ඇත. ඒ අතර දමාම් ප්‍රදේශයෙන් දුර බැහැර ප්‍රදේශ වන අල්හතාල ජුබෙල්ල කජ්ජි අබුහදරිනා ඇතුළු ඈත ප්‍රදේශවල අවතැන්ව ඇතිලාංකිකයන්ගේ ගණන මේ සංගණනය සඳහා කිසිසේත් ඇතුළත් නැති අතර රියාද් සහ ජෙඩා ප්‍රදේශවලින් බැහැරව ඈත ප්‍රදේශවල අවතැන් වූ කිසිවෙකුත් පිළිබඳ තොරතුරු තානාපති කාර්යාල සතුව නැත.
මේ අනුව සමස්ත අවතැන්ව ඇති ලාංකිකයින්ගේ ගණන දසදහස ඉක්මවා යන බව පැහැදිලිව කිව හැක. ඒ අතරම ජෙඩා පිහිටි ආගමන විගමන රැඳවුම් කඳවුර රියාද් චලයා කඳවුර සහ දමාම් කඳවුරෙහි දැනට රඳවා සිටින 70ක් පමණ වන රැඳවියන්ද මෙම සංඛ්‍යා ලේඛනවලට ඇතුළත්ව නැති බව කිව යුතුය.
දැනට දමාම් ආගමන විගමන රැඳවුම් කඳවුරෙහි පමණක් අනවසරික විදේශිකයන් 800ක් පමණ රඳවා සිටින අතර එහි සිටින ලාංකිකයන්ගේ ගණන 55කිග මෙහි සිටින ලාංකිකයින් පවසනුයේ නියමිත වාතාශ්‍රයක්ල හිරුඑළියක් නොලැබීම මගිනුත් විශාල පිරිසක් එක් කුටියක රඳවා තැබීමේ හේතු මත විවිධ දුෂ්කරතා මෙන්ම ලෙඩ රෝග බෝවීමේ ප්‍රවණතාවයක්ද පෙන්නුම් කරනු බවයි.
විශේෂයෙන්ම නිදාගැනීමේ පහසුකම් නොලැබීමේ හේතු මත සහ වායුසමීකරණ පද්ධතිය ඔරොත්තු නොදීමේ හේතු මත විශාල පීඩාවකට පත්ව ඇති බවයි. කෙසේ වුවද රියාද් තානාපති කාර්යාලයේ බලධාරීන් පවසනුයේ මෙහි සිටින 55 දෙනාගෙන් 50 දෙනෙකුට පමණ වීසා ලබාදී ඇති නමුත් ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා ඔවුන් සතුව මුදල් නොමැති වීමෙන් ගුවන් ගමන් සඳහා ආසන වෙන්කර ගැනිමට ඇති අපහසුව නිසාත් රැඳවුම් භාරයේ තවදුරටත් තැබීමට සිදුව ඇති බවයි.
මේ පිළිබඳව ලංකා රජයේ දැඩි අවධානය යොමු කළ යුතුව ඇති අතරම මෙම මාස 3ක කාලය ඉක්මයාමට මත්තෙන් ලංකා රජයේ ඉහළම බලධාරීන්ගේ මැදිහත් වීමත් සමගම සෞදි රජය සමග සාකච්ඡා කොට ලිහිල් ක්‍රමවේදයකට අනුව මෙම පිරිස ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බව විචාරකයන්ගේ මතය වි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මොහමඩ්, අපේ රටේ නීතිය මුස්ලිම් අයට බලපාන්නෙ නැද්ද? (නි)
තවම මෙය සාකච්ඡා මට්ටමේ තිබෙන කරුණක්. තව කාලයක් ගතවෙනවා මේ ප්‍රශ්නය විසදෙන්න. මොකද ? අපේ සියලුම අදහස් වලට සෞදි රජය එකග නොවන නිසා. (නි)
මේනක, සේපාල කියන කතාව නිවැරදියි කියලා මමත් හිතනවා. (නි)
මේක හලාල් විරෝදයට දීපු රතු එළියක් මොනවා උනත් මම නම් මුලින්ම හිතුව මෙහෙම වෙයි කියලා. කොරියා යුද්ධෙත් අවොත් එහෙ ඉන්න ලන්කිකයොත් එනවා සයිප්‍රස් වල පඩි නැතිව ලොකු ගණනක් හිරවෙලා ඉන්නවා . මේ හැමදෙයින්ම වෙන්නේ ලංකාවේ ආර්ථිකය කඩ වැටෙන එකයි. හැම දෙනෙක්ම පරිස්සමෙන් උපාය ශීලීව මොලෙන් වැඩ කලයුතු අනාගතයක් එන්නේ එත් අපේ අන්තවාදී කොටස් එකට ඉදගෙන කියන සාදාරන ප්‍රශ්ණ තියෙනවා.(නදී)
මේනක සව්දි, ඔයාට මෙහෙ හලාල් වෙලා නම් ඇයි තවත් මෙහෙ ඉන්නේ. ලංකාවට ගිහිල්ලා හරාම් කන්නකෝ. ඔයාගේ පවඅලේ සාමාජිකයන් ජීවත් වන්නේ සෞදියෙ ඔය උපයන හලාල් සල්ලි වලින් නෙවෙයිද? (නි)
රජයේ ජාතික ආදායම මැද පෙරදිගින් එන සල්ලි තමයි. ඔය කලබල සේනාව කෑගැහුවට කන්නේ න්නේ වාහන වල දුවන්නේ මේ අරාබි රටවල හලාල් තෙල් වලින් එම නිසා කට වගගෙන ඉන්න කියන්න.(නදී)
අපේ සේනාව කරපු වැඩ වලට ප්‍රතිවිපාක තමයි මේවා. (නි)
සේපාල , කටවහගෙන ඉන්න මෝඩ කතා කියන්නෙ නැතුව. (නි)
ලෝකයේ හැම රටකම ඉන්න ශ්‍රී ලාංකික මුස්ලිම් සහෝදරයන් දෙමල සංවිධානය වගේ සංවිධානයක් පිහිටුවන්න ලැහැස්ති වෙනවා කියලා ආරංචියක් තියෙනවා. (නි)
රටේ නීතියට සැවොම යටත් වියයුතුයි. (නි)
මිනිස්සුන්ට මොනවා වුණත් මොකෝ අපේ කට්ටියට විදෙස් විනිමය රටට එනවා නම්. කවදා සරණක් ලැබෙයිද? සේවක සුබසාධනය කියලා මුකුත් නැහැ. (නි)
ලංකා ආර්ථිකයට ප්‍රබල ලෙස බලපාවි. (නි)
ඔය එම්බසියේ ඉන්න මුස්ලිම් කාර්ය මණ්ඩලය වහාම ඉවත් කළ යුතුයි. මොකද එයාලා හිතාගෙන ඉන්නේ එයාලා සෞදි කියලාද කොහෙද? (නි)
මෙම ලිපියේ සඳහන් තොරතුරු සියල්ල ඇත්ත. අවතැන් අය කියන්නේ තමා සේවය කළ තැනින් හොරෙන් පලාගිය අයටයි. හාම්පුතාගෙන් හෝ සමාගමෙන් කරදර නම් පඩි නොදෙන්නේ නම් ඔහුන් කළ යුත්තේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හෝ අදාල කොන්සල් ජනරල් කාර්යාලයට දැනුම් දීමයි. නමුත් එය එසේ සිදු නොවීම කණගාටුවට කරුණකි. මේ තත්වය මත අප රජයට හෝ සෞදි රජයට දොස් පැවරීමෙන් පලක් නැත. (නි)
නිසි බලධාරින් ලැජ්ජාවිය යුතුයි, මෙම ගැටළුවට විසදුමක් දීමට මෙතරම් කල් මැරීම සම්බන්ධයෙන්. (නි)
බාලසුබ්‍රමනියම්ගේ කතාව ඇත්ත. පළමු රැස්වීම ලබන ඉරිදා සවස.(නු)
සෞදි අරාබියේ ලිහිල් ක්‍රමවේද නැත. රජය වහාම මැදිහත්ව කළ යුත්තේ මේ පුද්ගලයින් දී ඇති සහන කාලයට පෙර ලංකාවට ගෙන්වා ගැනීමයි. (නි)
විදේශ රැකියා කාර්යාංශය මේ අයව ලංකාවට ගෙන්වා ගත යුතුයි. බොරු සෝබන වැඩ වලට සල්ලි තිබෙනවා , නමුත් තමන්ගේ විපතට පත් පුරවැසියන් ගලවා ගන්න මුදල් නැහැ. කියන්නේ නම් කොරියාවේ යුද්ධයක් ඇති වුණොත් විශේෂ ගුවන් යානා යවලා 25000 ලංකාවට ගෙන්වා ගන්නවා කියලා. නමුත් සෞදියේ ඉන්න 55 ලංකාවට ගෙන්වා ගන්න මුදල් බැරි වුණා තවම. (නි)
සම්පත්, මේක හලාල් ප්‍රශ්නයක් නෙමෙයි. අපි මේ රටට හලාල් වෙලා ගොඩක් කල්. මේක සියළුම විදේශිකයන්ට පොදුවේ බලපාන ගැටළුවක්. සේපාල, මේක ආගමික ගැටළුවක් නොව, රැකියාමය නීති ගැටළුවකි. (නි)
වගුරේගමගේ කතාවට මමත් එකගයි (නි)
සත්‍ය කතාව දන්නේ මෙහේ ඉන්න අපි. (නි)