(විනීතා එම්. ගමගේ)
සෞදියේ සේවය කළ නිවසේ උඩු මහලෙන් ඇද වැටී ඉකුත් නොවැම්බර් 11 දා මියගිය දඹුල්ලේ නෙල්කා දීපානි කුමාරසිරි ගේ දේහය ඉදිරි සතියේ දිවයිනට ගෙන්වා ගැනීම සඳහා කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
එම මෘත ශරීරය ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් ලබාදුන් බව කාර්යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
නෙල්කා දීපානි මහත්මිය 2011.11.17 දින ගෘහ සේවිකාවක වශයෙන් රැකියාව සඳහා සෞදි අරාබියට ගොස් ඇති අතර වසර දෙකක සේවා කාලය ඉක්මවීමෙන් පසු තවත් වසරක කාලයක් එම නිවසේ හාම්පුතාගේ ඉල්ලීම මත ඇය රැකියාවේ නිරතවී තිබේ.
නිවසට එන්නට නොදෙන බැවින් ඇය සේවය කළ නිවසෙන් පැන යාමට තැත් කළ අවස්ථාවේ උඩු මහලින් වැටී ඇති අතර එසේ ඇද වැටුණු 2015 අගෝස්තු 10වැනිදා සිට ඉකුත් නොවැම්බර් 17 වැනිදා දක්වා සෞදියේ කින්ග් කාලිඩ් රෝහලේ ප්‍රතිකාර ලැබුවාය.
ඇය එහි ප්‍රතිකාර ගනිමින් සිටියදී 2017.11.11 දින මරණයට පත්ව තිබේ. ඇයගේ දේහය දිවයිනට ගෙන්වා දෙන ලෙස ඉල්ලා 2017.11.14 දින ඇයගේ පුත්‍රයා විසින් කාර්යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව ඇයගේ දේහය දිවයිනට ගෙන්වා ගැනීම සඳහා සෞදි රියාල් 11700ක මුදලක් (රු.477,507.42) ක මුදලක් වැය වන බව ජෙඩා කොන්සල් කාර්යාලය මගින් කාර්යාංශයට දැනුම් දී තිබේ. එම දේහය දිවයිනට ගෙන්වා ගැනීමට වැය වන මුදල කාර්යාංශයේ සේවක සුබ සාධක අරමුදල මගින් ලබාදෙන ලෙස අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් කාර්යාංශයේ නිළධාරීන්ට උපදෙස් ලබාදන් බවද එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඇයි මේ සිංහල කාන්තාවකට බලෙන් වගේ මුස්ලිම් ඇඳුමක් අන්දලා, දැන් එතකොට මුස්ලින් අයත් ලංකාවට එනකොට අර ඇඳුම අයින් කරලා අපේ සිංහල රටේ ඇඳුම් පැළදුම් අඳිනවද? අර සහජීවනයට පොඩි හරි පලුද්දක් වෙනවා නම්... ඔන්න ඔහේ උත්තර ඕන නැහැ
මානව හිමිකම් ගැන තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැති රටක් තමයි සෞදි අරාබිය. නිදහසෙන් පසු අවුරුදු 70ක් පාලනය කළ මේ පාලකයන්ට මැදපෙරදිග යන කාන්තාවන්ගේ ප්රශ්නය ඇයි තාම විසඳන්න බැරි?
අපේ රටේ සොයාගෙන තියෙන ගෑස් නිධි මීට අවුරුදු පනහකට කලින් ගොඩ ගත්තානම් පිටරැටියන් ගෘහ සේවයට එන්නේ අපේ රටට. නමුත් අවාසනාවක මහත. අපේ තියෙන සම්පත් වලින්වත් වැඩක් ගන්න සැලැස්මක් අපට නැහැ. ඒ කෙසේවෙතත් මේ කාන්තාවට නිවන් සුව පතමු !
කොච්චර ලස්සනද මේ ඇඳුම ඇන්දහම?
වහල් සේවකයෙකුට වුවත් සෞදි වල සියලු ආවරණ සහිත වෛද්‍ය රක්ෂණයක් ලබාගැනීමට පුළුවන්. ඒ සඳහා හාම්පුතෙකුට වසරකට වැයවන්නේ රුපියල් 40,000 ක පමණ මුදලක්. බීයූපීඒ සමාගම ඉතා ජනප්‍රියයි. එයින් සියලු ප්‍රතිකාර වගේම මෘත දේහය නැවත යැවීමට සිදුවුවහොත්ස සවුදි-රියාල් 10,000 ක වන්දියක්ද ලබාදෙනවා. කාර්යාංශය මෙය සියලු සේවකයන්ට අනිවාර්ය කළයුතුයි. මීට අමතරව සේවක වන්දි ආවරණ සහ රාජ්‍ය සමාජ ආරක්ෂණ ආයතනය මූලාශ්‍ර ජීඕඑස්අයි ආවරනයෙන්ද එම සේවා සහ රුපියල් දශ ලක්ෂය දක්වා වන්දි මුදලක්ද ලබාදෙනවා. බීයූපීඒ සේවය ඉතා සුහදශීලී මෙන්ම වන්දි ලබාදීම ඉතා කාර්යක්ෂම බව සඳහන් කල යුතුයි. මුදල් පමණක් අරමුණු කරගත් ශ්‍රී ලංකා රැකියා නියෝජිත ආයතන මේවා සඟවා තබා එවැනි වියදම් තම ලාභ බවට හරවා ගන්නවා.
2013~2014 දි වි.සේ.නි කාර්යාංශයේ රු. කෝටි 24 ක පමණ මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇතැයිද, එහි උත්සවයකට රු. ලක්ෂ 20 ක් ලබාදීම, මැයිදින රැළි, පාගමන්, පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීමට අතිවිශාල මුදල් වැය කිරීම, මුල්ගල් තැබීමේ උත්සවයක් සඳහා රු.ලක්ෂ 20 ක් වැය කිරීම, කිරිඅම්මාවරුන්ගේ දානයක් සඳහා කාර්යාංශයේ මුදල් වැය කිරීම, එමෙන්ම පසුගිය කාලය තුළ එහි ප්රචාරක අංශයේ වියදම පමණක් රු. මිලියන 362 ක් බවද පුවත්පත් වලම පළවුනා. මෙහෙම වියදම් කරලා තියෙන්නේ මේ වගේ දහදුක් වදිලා ජිවිතයෙන් වන්දි ගෙවූ අපේම අම්මලාගේ අක්කලාගේ දහදිය වලින් හොයපු සල්ලි තමයි.
උඩු මහලෙන් වැටුණාද තල්ලු කලාද කියල ? වැටුණා කියන කතාව පිළිගන්න ටිකක් අපහසුය. සවුදි අරාබිය ඉතා කෘර මිනිසුන් සිටින රටක් .මැද පෙරදිග රටක මම වගකිව යුතු ආයතනයක රැකියාවක් කරන කාලයේදී දිවි නසාගන්න උඩුමහලින් බිමට පැන්නා කියන කතා තුන්වතා වකදී බොරු බවට ඔප්පු කල ද .. ඔවුන්ගේ රටේ පොලිසිය නිතරම ඔවුනට පාක්ෂිකව සාක්ෂි සටහන් කර නඩුව දිනාගත්ත ..කණගාටුවට කරුණ අපේ රටේ වගකිවයුතු නිලධාරීන් මේ අහිංසක මිනිසුන්ටම වරද පටවා මුනිවත රකී...