තම හොඳම මිත්‍රයා අබ්බගාතයෙකු කිරීම පිළිබඳව වරදකරුවකු කළ අයකුට දඬුවම වශයෙන් ඔහුද එවැනිම අබ්බගාතයෙකු කිරීමට සෞදි අරාබියාවේ අධිකරණයක් තීන්දුකර ඇති බව අඟහරුවාදා පුවත්පත්වල පළ විය.
ගතානුගතිකත්වය ඉහළින්ම පිළිපදින සෞදි රජය අනුගමනය කරන්නේ ඉස්ලාමීය ෂරියා නීතිය බවද ඒ යටතේ ඉඳහිට පෞරාණික "ඇසට ඇසක් " යන උපහැරණයෙන් කියවෙන ආකාරයේ දඬුවම් ක්‍රියාත්මක කෙරෙන බවද එම ප්‍රවෘත්තිය කියයි.
මෙම දඬුවම නියමකර ඇත්තේ අලි අල් කවාහිර් නම්වූ 24 හැවිරිදි සෞදි අරාබියා තරුණයෙකුටය. මීට වසර 10යකට පෙර වයස අවුරුදු 14 රේදී අල් කවාහිර් තමන්ගේ මිතුරෙකුට පිහියෙන් ඇන තුවාලකර ඇත. කශේරුකාවට වැදුන එම පිහිපාරින් ඔහුගේ මිතුරා සදාකාලික අබ්බගාතයෙක් බවට පත්විය.මේ සඳහා අල් කවාහිර්ට හිරදඬුවමක්ද ඔහුගේ මිතුරාට වන්දි වශයෙන් ඇමෙරිකා ඩොලර් මිලියනයක් ගෙවීමටද නියම විය. පසුගිය වසර 10කම සිරගතව සිටි අල් කවාහිර්ට එතරම් මුදලක් වන්දි වශයෙන් ගෙවීමට කිසිම හැකියාවක් නොමැති බව පෙනීගොස් ඇති නිසා මේගැන කළයුත්තේ කුමක්දැයි තීරණය කිරීමේ අයිතිය අධිකරණය විසින් අබ්බගාතව සිටින ඔහුගේ මිතුරාට පවරා ඇත. මේගැන සලකා බැලු ඔහුගේ මිතුරා නිර්දේශකර ඇත්තේ තමාට සිදුවු අන්දමේම අතවරයක් ඔහුගේ මිතුරාටද විඳවීමට සලස්වන ලෙසටයි.
තම පුතා මෙම පීඩාවෙන් බේරාගැනීමට අවශ්‍ය වන්දි මුදල සොයාගැනීම සඳහා අල් කවාහිර්ගේ වියපත් මව දැඩි උත්සාහයක් ගත්තද ඇයට පිහිටවීමට කිසිවෙක් ඉදිරිපත්වුයේ නැති බවද එම වාර්තාවේ සඳහන්ව තිබුණි.
මෙම අධිකරණ තීන්දුව අනුව අල් කවාහිර්ගේ කොඳු නාරටිය එන්නතක් භාවිතා කර අඩපණ කිරීමටත් එමගින් ඔහු සදාකාලික අබ්බගාතයෙකු කිරීමටත් පියවර ගනු ඇතැයිද එම පුවත්පත වාර්තා කරයි.
මෙවැනි ඉතා අමානුෂික දරුණු ක්‍රියාවලියක් අනුගමනය කිරීම වධ හිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ ගිවිසුමේ සඳහන් වගන්ති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව මේ පිළිබඳව අදහස්දක්වන ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ඈන් හැරිසන් පවසා ඇත.
එම පුවත්පත් වාර්තාවේ දක්වා ඇති පරිදි 2010 දී මෙලෙසින්ම දබරයකදී සිදුවූ බරපතල ආබාධයක් වෙනුවෙන් වරදකරුවූවකුට එවැනිම තත්වයේ දඬුවමක් ලබාදී ඇත.
මීටපෙර ඇසිඩ් ප්‍රහාරයකින් දෙනෙත් අන්ධකිරීමේ වරදට දඬුවම් ලැබුවකුගේ දෙනෙත් සෞදි ආරෝග්‍යශාලාවකදී ශල්‍යකර්මයක් මගින් උලුප්පා දමා ඇත.
මෙවන් අමානුෂික දඬුවම් ලබාදෙන සෞදි අරාබියාවේ අධිකරණ පද්ධතිය සහ නඩු විභාගයන්ද රහසිගතව පැවැත්වෙන බවත් සැකකරු බොහෝ අවස්තාවල නිසි නීතිඥ නියෝජනයක් නොලැබෙන බවත් කියන මානව හිමිකම් සංවිධාන මෙවැනි ක්‍රියාදාමයන් තරයේම හෙළාදැකිය යුතු බවද පවසයි.
ඔවුන් පෙන්වාදී ඇත්තේ ලෝකයේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කෙරෙන රටවල් අතර සෞදි අරාබියාව ඉහලින්ම ඉන්නා බවයි.
සාමාන්‍යයෙන් එම රටේ මරණ දඬුවම ක්‍රියාත්මක කෙරෙන්නේ ප්‍රසිද්ධියේ හිස ගසා දැමීමෙනි. මේ අවුරුද්දේ පසුගිය ගෙවීගිය මාස තුන ඇතුලත සෞදි අරාබියාවේ හිස ගසාදැමීම් 8ක් සිදුකර ඇතිබව පුවත් පත් වාර්තා වල දක්වා ඇත.
තමන්ගේ නිර්දෝෂී භාවය පිළිබඳව අනේක අප්‍රමාන ගැනවිලි කියාපාමින් මරණ දඩුවම වෙනස් කරන ලෙසට වසර අටක් තිස්සේ විවිධාකාරයේ ඉල්ලීම් ඉදිරිපත් කෙරුනද තමා භාරයේ සිටි මාස හතරක ළදරුවකු මරාදැමීමේ වරදට ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවක් වූ රිසානා නෆීක් පසුගිය ජනවාරි මාසයේ හිසගසා මරාදමනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපුල්, ඔය කියන දඩුවම උසාවියෙන් දුන්නු තීන්දුවක් නොවෙයි. අබ්බගාත තරුණයා විසින් ලබාදුන්නු තීන්දුවක්. (මම හිතන්නේ එහෙමයි) අද ඔය වන්දි මුදල් ගෙව්වා නම් විත්තිකරු නිදහස් (නි)
එතකොට මේවා මානව හිමිකම් උල්ලංඝණය කිරීම් නොවේද? පුංචි අපේ රටට තමයි හැම නීතියක්ම, ඇමරිකාව සෞදි රජයට බයද? (නි)
ලංකාවටත් මේවා ඕනෑ කරනවා. (නි)
දෙවියන්ගෙ කැමැත්තනෙ..... (නි)
කව්රු මොනවා කිව්වත් ඔය නීතිය ලංකාවට තියෙන්න ඕන . පැය 48 ක් ඇතුලත අපරාද අඩුකරන්න පුළුවන් . නීතිය ක්‍රියාත්මක වෙන නිසා තමා අපරාදේ කරපු කෙනාට විතරක් දඬුවම් දෙන්නේ . ලංකාවේ වෙන්නේ අනිත් පැත්ත .මිනිහ වරද කරනම් එකට මුළු පව්ලම වන්දි ගෙවන්න ඕනේ .පලියට පලිය අපේ ප්‍රතිපත්තිය . (නදී)
නීතිය කාටත් එකයි. (නි)
මෙහේදි යම් කෙනෙකුගේ කකුල ඌරෙක් සපා කෑවොත් ඌරගේ කකුලත් කාවි නේද?(නදී)
ඔය රටේ පොළව යට තිබුණු හිර ගෙයකට ගංවතුරක් ඇවිත් ඒකේ හිටපු හිරකරුවෝ ඔක්කොම මැරුණු කතාව ඇත්තද? (නි)
ෂරියා නීතිය නොහොත් නීත්‍යනුකුල පළිගැනීමේ ක්‍රමය - මෙය පුද්ගලයා සකස් කරන මානව හිතවාදී නීතියක් නොවේ, පලිගැනීම් වලට ඉඩදෙන ම්ලේච්ච ක්‍රමයක්. රටක නීතිය අසාධාරණයට ලක්වුවන්ට සහනය දීම මෙන්ම වැරදිකරු තම තුලින්ම නිවැරදි කර ඔහු අතින් එවන් වැරදි සිද්ධ නොවීමට පුද්ගල දියුණුවක් ඇතිකරන්නක් විය යුතුයි. වරදට දඩුවම ක්‍රමය ප්‍රාථමික එකක් , ඒ වෙනුවට වරද අවබෝධ කරවීම තුලින් පුද්ගලයා නිවැරදි කිරීම වඩා උසස් ක්‍රමයයි.(නදී)
බලන්න මිනිස්සු 999 ක් මරාදැමු රුදුරු ගොර අංගුලිමාල එකම එක බුදු වදනකින් කඩු බිමදම සාන්ත සුවයට පැමිණ අවසාන බවුන් වඩා මහරහත් වූ හැටි මතකද. ඉන්පසු උන්වහන්සේ විසල පිරිසක් මේ සසරින් එතෙර කරවීමට මුල් උනා. ඒ අසිරිමත් බුදුවදන "අංගුලිමාල නවතින්න", සියලු පව්කම් වලින් වැළකී මිදී සිටින හෙයින්, යලි කාර්ම රැස්වීමක් නොවන හෙයින්, සසර දුක් අවසන් කර සාන්ත සුවයට පත් වූ බැවින් මම නැවතී ඇතැයි කියමි, අංගුලිමාල ඔබත් දැන් නවතින්න" දරුනු ආයුධ රුදුරු දෑතින් බිම වැටුණි! පාපය නතරවිය, ආලෝකය පහල විය , අංගුලිමාල නතර විය. (නදී)
සෞදිය කවදාවත් හැදෙන්නෙ නම් නැහැ. (නි)
රිස්වාන් මල්ලි ඔයා ඔහොම කිව්වට ඔයක් ඉන්නේ ඔහේ තමයි.(නදී)
සමාවක් දෙන්න බැරි මිනිස්සු වෙන කෙනෙක් උදවු කරයි කියලත් හිතනවලු, අනේ මන්දා. (නි)
චීනෙත් මේ වගේ තමයි. අගතියට පත් පාර්ශවයේ කවුරුන් හෝ වෙඩි තියන්න දන්නවා නම් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ඒ කෙනාට අවසර දෙනවා. (නි)
සිල්වා මහත්තයෝ. මටත් පුළවන් කෑම උයන්න. ආවොත් කන්න පුළුවන්ද දන්නේ නැහැ.(නදී)
අාගම දහම කුමක් වුවත් සාධාරණ නීති ක්‍රමයන් තුළ "දඬුවම් පැනවීම" සහ "පළි ගැනීම" පැහැදිලිව වෙන්කර ගත හැකි විය යුතුයි. මනුෂ්‍යත්වයෙන් දුරස්වූ ම්ලේච්ච ගති ඇති සමාජයන්හි "දඬුවම් පැනවීම" වෙනුවට "පළි ගැනීම" තවමත් ක්‍රියාත්මක වේ. එවන් දඬුවම් ගැන අසන්නට ලැබීමෙන් උද්දාමයට පත්ව අදහස් ප්‍රකාශ කරන ඕනෑම කෙනෙකුට ඒ හා සමානවූ නොදියුණු පහත් මානසිකත්වයක් තිබිය යුතුබව කිව යුතුයි. (නි)
බමුණුසිංහ, ඔබේ නමට ඔබින නියම බමුණු මතයක්! (නි)
රිස්වාන්, නීතියට කවුරුත් යටයි නම් ඇයි ලංකාවට විතරක් මානව හිමිකම්? (නි)
රිස්වාන් නීතියට කාටත් එක නම් ආයි ලංකාවට විටරක් මානව හිමිකම් චෝදනා(ස)
සුගත් ලාල් හරි. එහෙම නම් අරාබියේ වැඩ කරන සිංහල හැමෝවම ලංකාවට ගෙන්නලා, මට කියන්න එතකොට මුස්ලිම් කට්ටිය අරාබියට යවමුද? (නි)
"රිස්වාන්" පිස්සු හැදෙන සඳ ,මේ වගේ මිලේච්ච ක්‍රියා ,අනුමත කරන්න කාටද පුළුවන් ,මේ වගේ ගෝත්‍රික නීති ලොවෙන් සදහටම දුරු වේවා !!!(ස)
මාලි, එතකොට ලංකාවේ දේශපාලකයෝ එකෙක් වත් ඉතිරි වෙන එකක් නැහැ.(නදී)
ස්ත්‍රී දුෂණය කරපු පිරිමින්ව දුෂණය කරන්න මැෂින් එකකුත් හදලා තියනවාලු. (නි)
අපරාධ වලට දඩුවම් දියයුතුයි තමයි. නමුත් ඒ මේ වගේ ප්‍රාථමික විදියට නෙමෙයි. (නි)
අපේ රටේ මේ නීතිය ක්‍රියාත්මක කළොත් මෙහෙ ඉන්න බහුතරයක් ලොක්කොයි, එයාලගේ පුත්තුයි අබ්බගාතයෝ වේවි. (නි)
දඬුවම් දෙන්නේ ඕන. වෙන කෙනෙක් එම වරදම ආපහු නොකර ඉන්න. සවුදියේ කරන්නේ ඒකම තමයි. හොරකමට අත කපනවා. ඒ නිසා හොරකම් වෙනවා අඩුයි.. (ස)
දෙවියන්ට බැරිද කැඩිච්ච කොන්ද හදන්න? මම අහලා තියෙන විදියට ඔය දෙවියන්ට ඕනෑ දෙයක් කරන්න පුළුවන්ලු. (නි)
මෙහෙම දඩුවම් දුන්නයි කියලා අපරාද සංඛ්‍යාව බින්දුව වෙන්නේ නැහැ. හැබැයි අපේ වගේ පැයෙන් පැයට වන අපරාධ කවදාවත් එහෙ අහන්න දකින්න නැහැ. (නි)
නිතීයක් නැති ලංකාව වගේ මංමුලා වෙච්ච රටක් කොහොමද නීතියක් තියන රටක නීතිය විවේචනය කරන්නේ. (නි)
හොරකම් කළාම අත කපන එක, විවාහයෙන් පිට ලිංගික සබඳතා හසුවූවිට ගල් ගසා මැරීම ඉතාම තිරිසන් වැඩකි. එහෙත් මේ ඇසට ඇසක් සංකල්පයට නම් මම එකඟයි. කවුරු හරි කෙනෙක් තව කෙනෙකු මුලු ජීවිත කාලෙම විඳවන දෙයක් කළා නම් එයාටත් ඒ දෙයම කළ යුතුයි.(නදී)
කන්ගැට්ටට වෙච්ච දෙයක් නැහැ දැන්. උදයන් පත්තරේට ගහලා, තාත්තා දුව දුෂණය කරලා, ඝාතකයෝ එළියේ, පොල් හොරකන් කළහම සිසුවියට 50000 ඇප... මෙන්න අපේ නීතිය. (නි)
ඇත්තටම ලංකාවටත් මේවා හදුන්වලා දෙන්න ඕනෑ. එතකොට ලංකාව ධර්මදීපයක් වෙනවා නිසැකවම. (නි)
ලංකාවෙත් ඔය නීතිය තිබුණා නම් අහවලායි, එයාගේ පුතයි දෙන්නම ඉවරයි. (නි)
චතුල, වර්ගවාදී ලෙස ගල් ගහ ගහ මිලේච්ච විදියට ප්‍රශ්න වලට උත්තර හොයන අයගේ වැඩත් මීට එහා නැහැ. (නි)
සුගත් මහත්තයෝ, අරාබියේ නෙමෙයි ලෝකේ මොන රටක වුණත් පවතින නීතිය අකුරටම ඉටු වෙන්ට ඕනෑ. එතකොට තමයි රටක අපරාධ අඩු වෙන්නේ. මම මුස්ලිම් වූ පමණින් අරාබියටවත් එහෙමත් නැත්නම් වෙනත් මුස්ලිම් රටකටවත් කත් අදින්ට සුදානම් නැහැ. මම අරාබියේ වෙන වැඩ අනුමත කරන්නෙත් නැහැ. ඒ වගේම ලංකාවේ වෙන වැඩ අනුමත කරන්නෙත් නැහැ. (නි)
ඇයි අපේ සේනාව නාට්ට්‍යක් රගපෑව ලගදි. අන්න එකෙත් අපි දැක්කේ ෂරියා නීතියේ ගල් ගහන වැඩ.(නදී)
අර සේනා මේ සේනා ලැහැස්ති වෙන්නේ අපේ රටෙත් මේ වගේ මිලේච්ච පාලනයකට.(නදී)
සල්ලි තිබුණා නම් අද දඩුවම් නැහැනේ... (නි)
මේ ම්ලේඡ්ච නීති ශ්‍රී ලංකාවට නෙමෙයි, ලොවෙනුත් අතුගා දැමිය යුතු තිරිසන් නීති. (නි)
මේක ආගම ශස්තෘෘවරුන් ගැන ප්‍රශ්නයක් නෙවෙයි . මෙතන තියෙන්නේ උන්වහන්සේලා කියාදුන් අගම ගැන මිනිසා තුල තිබෙන ආද්‍යාත්මය ගැන ප්‍රශ්නයක් . ඒ නිසා ආගමික නායකයින්ට දොස් කියන එක වරදියි. (ස)
කුණු බිත්තර ගහන්ට, ගල් ගහන්ට කතාකරන අර සේනා මේ සේනා වලත් මිට වඩා වැඩි වෙනසක් නෑ.(නදී)
මුස්ලිම් අයට ලොකු අරාබියේ අයම තමයි. බලමු. (නි)
අපේ ආණ්ඩුව ආශ්චර්ය ගැන කතා කරමින් සිටිනවා මිසක් මේ මිනීමරු දේශයට ශ්‍රමිකයන් යැවීම නතර කරනේ නැහැ, මේ මිනීමරු නීති අපේ රටට අවශ්‍ය නැහැ , අවශ්‍ය වන්නේ තිබෙන නිතිය හරි හැටි ක්‍රියාත්මක කරවීමයි (ස)
කෝ තම්බි? නියම මුස්ලිම් නම් අදහස් සාධාරණනව දැමිය යුතුයි. (නි)
ෂෙරිෆ් බොහොම ස්තුතියි. පිහිටනම් නැතුවට කමක් නැ, ඊට වඩා හොඳයි කෝච්චියට බෙල්ල තියන එක.(නදී)
පුළුවන් පසින්ද එත් ඔයාට ඕන විදියට , වෙලාවට නෙවෙයි . ( අන් අයගේ ආගම ගැන තිබෙන විශ්වාසයට ගරහන්න එපා ගරු කරන්න . එක නැතිකම තමයි දැන් අපේ රටේ වෙන ප්‍රශ්න වලට මුල ) (ස)
අනේ වාසනවාන් අප මහා බෝසතාණන්ගේ මග අනුගමනය කිරීමෙන්.මේ මහපොළොවේ ජනිත වන්නට මා කර ඇති කුසල කර්මයන් කොතරම් අගනේද.(ස)
ලසන්ත, ඔබ කියන දෙය ඔප්පු කරන්න පුළුවන්ද? මම දන්නා (දැනට ජීවත් වන) චීනයෙ නම් ඒවැනි නීතියක් නැහැ.(නදී)
අපරාද අඩු ගරන්න මේ වගේ මිලේච්ච දඩුවම් ඕනෑ නැහැ. බලන්න නොර්වේ වල ළමයි සියගනනක් මරපු මිනිමරුවටත් දුන්නේ අවරුදු 20යි. එහෙත් ඒ රටවල අපරාධ අඩුයි. ඒ වගේම නිදහසත් තියෙනවා. අපි ආදර්ශයට ගන්න ඕනෑ අන්න ඒ වගේ රටවල්. (නි)
ලන්ඩන් මාලි. ඔයා ඕවා ලන්ඩන් වලට අඳුන්වලා දෙන්න ධර්මදිපයක් කරන්න හදන්නේ වෛරය වපුරලාද? අනික මේ වගේ නීති තිබුණා කියලා සෞදි අපරාධ අඩුවෙලා නැහැ.අපේ වගේ නිදහස් මාධ්‍ය නැති නිසා එහෙවෙන අපරාධ පිටට යන්නේ නැහැ.(ස)
සදරුවන් සත්තු වගේ කට්ටිය ලගට තමයි ලංකාවේ අක්කල නංගිලා යන්නේ.(නදී)
ලංකාවට මෙහෙම නීති හදුන්වල දුන්නොත් හැම මැතිවරනයකටම අලුතින් අපේක්‍ෂයින් හොයන්න වෙලා අපහසුතාවයට පත්වෙයි... (ස)
බුදු බල සේනාවෙන් මේ සම්භන්දව පෑහෑදිලි කිරීමක් අවශ්‍යයි.(ස)
මේකෙන් ඉතාම පැහැදිලි වන්නේ, මිනිසාගේජීවිතේ හරි වටිනා බැවි, අනුන්ට හිංසා නොකරන්න.(ස)
අසේල, ඕක මටත් හිතුනා රත්නපුරේ මිනීමරුවො නිදහස් වෙලා ගෙදර යනකොට. (ස)
මෙහෙ අයට මොනවා උනත් අපිට මොකද...එත් ඇයි? අපේ අය මෙහෙට තවමත් එවන්නේ..කවුරුත් ලැබෙන අදායම අඩුවෙන හින්ද මේ ගැන හරියට බලන් නැ..අපිත් දුප්පත් කමට මෙහෙට එනවා. (ස)
තමන්ගේ නංගිව දූෂණය කරොත් ? තමන්ගේ තාත්තව මැරුවොත් මොකද්ද කරන්නේ ? කීයක් හරි ඉල්ලගෙන යන්න කියනවද ? මම දන්නා තරමින් ශරිඅ නීතිය කියන්නේ අපරාදයට ලක්වුණු කෙනෙක්ට තීරණයක් ගැනීමට පුළුවන්. වෙන කාටවත් බැහැ. (ස)
කවදා හරි මේවගේ රටවල් ලෝකයෙන් තුරන්ව් යාවි .(නදී)
සෆ්හන් වගේම ෂරිය නීතිය හොදයි කියන කට්ටියට මම කියන්නේ, සෆ්හන් කියන විදියට යන්නකෝ අරාබියට. එතකොට එයාලට ෂරියා නීතියට අනුකූලව එහෙ ජීවත් වෙන්න පුළුවන්. හලාල් ප්‍රශ්නෙත් ඉවරයි. (නි)
ලෝකේ නීතියක් නැති රටක් තමයි ලංකාව.(නදී)-
මේ වගේ නීති ලංකාවට ඉල්ලන අය බලන්න ඕනේ පොලිසියට අහු උනාම බේරෙන්න පගා දෙන්න උත්සහ කරන හැටි. මහලොකුවට රටේ නිතිය ගැන කතා කරනවා. නීතිය ආරක්ෂා කරන්න කිසිම හැඟීමක් නෑ. (ස)
මේ නීති තිබුනා කියලා සෞදි අරාභියේ අපරාධ අඩුවෙලා තියෙනවද, ශරියා නීතිය නිසා අපරාද අඩුවුන රටක් තියෙනවාද ? (ස)
එහේ මේවා කරන්නේ නිතියානු කුලව. මෙහෙ වෙන්නේ අතුරුදහන්, මිනි මැරුම්, සුදු වැන්, හදුනා නොගත් ඝාතන, හොරකන්, මැරකන්, පහරදීම්, ස්ත්‍රී දුෂණ, බාල අපචාර, මොකද්ද වෙනස?(නදී)
වාර්තා කියවන අය දන්නවා ඇති හැම පැය 4 කටම රිය අනතුරකින් කෙනෙක් මැරෙනවා. සෑම විනාඩි 9 වරක් කාන්තා සහ ළමා ලිංගික හිංසනයක්, ලොව වැඩිම ලිංගිකත්වය ගැන සොයන රට, දකුණු ආසියාවේ බස් වල යාමට නොදන්නා මිනිසුන් ඉන්න රට මේක. තව මොන කතාද? (නි)
මේ රටේ මානව හිමිකම් නැද්ද මිනිස්සු නැද්ද මේ වාට යොජනා නැද්ද?(නදී)
චීනයේ මරණ දඩුවම තියෙනවා ,නමුත් ලසන්ත නම් කියන්නේ බොරු.(නදී)
මටත් පෙනෙන්නේ අදහස් දක්වන අයට මොකක්හරි වෙලා වගෙයි (නි)
ඔය එක එක අදහස් දක්වන මේ අයට මේ වගේ දෙයක් උනානම් තේරෙනවා ෂරියා නිතිය හරිද වැරදිද කියලා.(නදී)
මම හොඳටම දන්නවා, ලංකාවේ මිනීමැරුම් වැඩිකරන්නෙත් 100%ක්ම සිංහලයෝ. මේ වගේ දඬුවම් පැනෙව්වොත් එහෙම සිංහලයන්ගේ ජනගහනය තියෙනවට වඩා 4/1ක් වෙන්න පුලුවන්. (නි)
චතුල, ඔයාට වාතයක් ගියත් බොදුබල සේනාවද පලි?(නදී)
මෙයාලා තවම ගෝත්‍රික යුගයේ ඉන්නේ. දඩුවම් දෙන්න ඕනා ඒත් මෙහෙම දඩුවම් කවුරුවත් අනුමත කරන්නේ නැහැ.(නදී)
දඩුවම් දෙන්න ඕනේ. ඒත් මෙහෙම නරුම දඩුවම් ෂිෂ්ඨ සමාජයක කවදාවත් අනුමත කරන්නේ නැහැ. මෙයාලා තවම ගෝත්‍රික යුගයේ ඉන්නේ.(නදී)
මේ නීතිය ලංකාවේ තිබුනානම් කීදෙනකුට සාදාරන ඉටුවෙන්න තිබුනද ? (ස)
මෝඩ චින්තක, ඇමරිකාවට බය නම් ඔබාමා ටවර් එකට ගහනවද? (නි)
හැමෝම සෞදියට ඇඟිල්ල දික් කරනවා මිනීමරු දේශය කියලා. පොඩ්ඩක් මේ පුවත් පත්වල පලවෙන අපේ රටේ සිදුවෙන අපරාද ගැනත් හිතන්ට. ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මිනීමැරුම් සහ කොතෙකුත් සමාජ විරෝදී ක්‍රියා කාරකම් වලට අපේ රටේ නීතියට වැට බඳින්ට පුළුවන් වෙලා තියෙනවද? එහෙම වුනානම් අනෙක් රටවලට චෝදනා කරන්ට පුළුවන්.(නදී)
සෞදිය තවම ඉන්නේ ගල් යුගයේ. මෙයාලා 21 ශත වර්ෂයට ගන්න එක හරි අමාරු වැඩක්. (නදී)
ශ්රී ලංකාවට මෙවැනි නීති ගේන්න ඕනා. මොකද අපේ රටේ ඕනෑම ජරා වැඩක් කරලා ඉක්මනට නිදහස් වෙන්න පුළුවන්. දඩුවම් දුන්නම තමයි හැදෙන්නේ.(නදී)
මෙහෙම දඬුවම් දීම ඉතාමත් කාලොචිත්ය් හේතුව මෙවෙනි දඬුවම් වලින් රට මිලේච්චත්වයෙන් එලියට ඒමක් වෙනවා ඔබට ජයවේවා සෞදි අරාබියාව !(ස)
ඔන්න ෂරියා නීතිය.(නදී)
ලොව මොන තරඟ දඩුවන් තිබුනත් වැරදි වැඩ 100% නැවතිය නොහැක. කලහැක්කේ දඩුවන් හරහා වැරදි අවම කිරීම පමණි. එමෙන්ම අගතියට පත් පාර්ශ්වෙට මානසික සතුටද ලබා දිය හැක. අපේ රටේ මේ කිසිත් නැත. ඇත්තේ බන කීම පමණි.(නදී)
මමත් සෞදි අරාබියේ පස් අවුරුද්දක් වැඩ කලා.රියාධ් වල තියෙන දිරා පල්ලියේ බෙල්ල කපන්නේ.මමත් එක බෙල්ලක් කපනවා බලන්න ගියා 2004, ආදී සුපොපබෝගී වාහනයකින් එන අලුගෝසුව මොනවදෝ අරාබි බෂාවෙන් කියල කඩුවකින් ඔලුව බෙල්ලෙන් වෙන් වෙන්න එක පහරක් දීල පව්කාරය ගියා.මිනිස්සු අගාම නිසා අන්ද වෙලා.වැරදි කරපු අයට ගල් ගහලත් මරනවා. ඒ මිනිස්සු කණුවක ගටගල ඉන්න වැරදි කරුට ගල්වලින් ගහන්නේ හරිම සතුටින්.මටනම් මතක් වෙනකොටත් ඔලුව නරක වෙනවා.(ස)
අපේ රටේ ඔය නීතිය දැම්මොත් ගොඩක්ම අබ්බගාතයෝ වෙන්නේ ඇමතිලගේ පුත්තු ටික. (නි)
සුභසිංහ, කරුණාකර නොදන්නා දේ ගැන කතා නොකර දන්න දේ ගැන පමණක් කතා කරන්න. එම සංවිධාන එහෙමවත් කතා නොකළා නම් තව අවුරුදු 5 - 6 යද්දී වෙනදේ කල්පනාවෙන් බුද්ධියෙන් විමසා බලන්න. රාණි, ඉතා ගුණවත් ආදර්ශවත් ක්‍රියා විශාල ප්‍රමාණක් අපේ රට තුළ සිදුවේ. එය සිදුවන නරක ක්‍රියා වලට වඩා බොහෝ වැඩිය. සිදුවන නරක අතලොස්සට පමණක් ලොකු ප්‍රචාරයක් ලැබේ. (නි)
මේ 21 වන සියවස. අරාබියේ අය තවම තිරිසනුන්ටත් වඩා අන්තයි. යක්ෂයෙක් අදහන අය. (නි)
මේවා ගැන මානව හිමිකම් සංවිධාන කතා කරන්නේ නැහැ. මොකද සව්දි අරාබිය කියන්නේ එයාලගේ හොඳ යාලු රටක්නේ!(නදී)
පේනවනෙ මුස්ලිම් අයගේ අදහස්. ඔයවගෙ ශාරියා නිතිය ලන්ක්වටත් අවම තේරේවි...(ස)
කෙනෙක්ට සාදාරණ නීතිය තවකෙකුට අසාදාරණයි. සාමාන්‍යයි..(ස)
අපව මැරුවත් ඔය වගේ අමානුෂික නීති නම් එපා.(නදී)
තිරිසන් නීති... (නි)
රත්තරන් ආකර තියෙන්නේ, තෙල් නිදි තියෙන්නේ නරකම මිනිස්සු ඉන්න ලෝකයේ තියෙන ලොකුම මුස්ලිම් රට.(නදී)
ඔය ක්ෂමා සංවිදානය ඇමෙරිකාව තරයේ හෙලා දකිනවා විතරයි. ඒ වගේ ලංකාවත් හෙලා දැකලා නිකන් ඉන්නකෝ අපිට කරදර නොකර. අනික මෙහෙ නිතිය තදින් තිබුනට අපරාද අඩුවක් නැහැ. ඒ ගැන කියල වැඩක් නැහැ. (නදී)
මනුස්ස ජාතිය ඔක්කොම එකයි හැමෝම වැරදී කරනවා. එකට ආගම දෙවියන්ට අපහස කරන්න එපා. ලැජ්ජයි සමහර අය ගැන හිතනකොට. ඉතින් මුස්ලිම් රටවලට සිංහල අය ජොබ් කරන්න යන්නේ මොකටද? යන්නකෝ වෙන කොහෙට හරි. (ස)
රෝයි, නීතිය නිසා නෙමෙයිද මේ තරම් දියුණු. නැත්නම් තෙල් නිසාද?(නදී)
මමත් සෞදි හිටියා. සල්ලි මල්ලක් බස් හෝල්ට් එකේ තියලා ගියත් මිනිස්සු බලන්නවත් බයයි. ඒකට අනේ අපේ රට ? (නි)
මේ වගේ මිනිස්සු ඉන්න අපි වගේ රටකට යුරෝපිය දඩුවම් ක්‍රම වේදනාත්මක මදි. (නි)
එම රටේ නීති නම් ම්ලේච්ඡ තමයි. එත් එක හොඳක් තියෙන්නේ රටේ රජ්ජුරුවන්ට වත් ඒ දඬුවම් වෙනස් කරන්න බැරි එකයි.(නදී)
ලලිත් අබන්ව මහතාට ඇසිඩ් ගසා ඇස් දෙක අන්ධ කරපු කෙනාවත් ඇසිඩ් බාල්දියක ගිල්වන්න යැයි මම යෝජනා කරමි. (නි)
මිනිස්සුන්ට වෙඩි තියපු අයටත් එකවර නොව තැනින් තැනට වෙඩි තබා ටික ටික මරා දමන්න යැයි මම යෝජනා කරමි. (නි)
ස්ත්‍රී දුෂකයින් හෝ ළමා අපචාර කරන්නන් හිරේ දමා අපේ සල්ලි වලින් කන්න බොන්න දෙනවා වෙනුවට යුරෝපෙන් මැෂිමක් අනයනය කර ඔවුන්ටද ඒ දඩුවමම දෙන්න. (නි)
වතුර තිබහට වතුර විදුරක් ඉල්ලගෙන ගෙදරට ගොඩ වැදුන වයසක අම්මගේ කනේ තිබුන කරාබු දෙක කන් දෙකෙන් ඉරා ගලවාගත් පල් හොරාගේ කන් දෙක කපා කිඹුලන්ට කෑමට දෙන්න. (නි)
මම වසර 5ක් තිස්සේ ඉන්නේ සෞදියේ,මේ රටේ ජීවත් වෙන මිනිසුන්ගේ හදවතේ මනුස්සකම කියන දේ හරිම අඩුයි. මේ වගේ මිනිසුන් කොටසකට මේ නීති නොතිබුනා නම් මිහිපිට අපාය සෞදිය වෙන්න තිබුනා. අපේ රටටත් මේ කැලේ නීතියම නොවුණත් ඔයිට වැඩි දැඩි දඩුවම් තිබුණා නම් මේ දිනපතා අහන්න වෙන ශෝචනීය කතා මීට වඩා අඩු වෙන්න තිබුණා. (නි)
සමහරුන්ට හිතෙනවා ඈති ශරියා නීතිය මෙහෙටත් ගෙන්න (ත)
ආරේ ගති නෑරේ.(නදී)
මගේ වියාපාරික අයෙතනයේ දිනකට 4-12 අතර පිරිසකට කෑම පිළියෙළ කිරීමට කෝකියකු සෙවුවා. මාසෙකට රුපියල් 15000යි. වෙනත් දීමනා Rs 5000 ඉදුම්හිටුම් කෑම බීම මාසෙකට නිවාඩු 8 සමග. හොයාගන්න අපහසු වුනා. නමුත් සෞදියේ රුපියල් 20000/= ට 30000/= හේ පඩි වලට යනවා. යන්නේ රුපියල් ලක්ෂයක් විතර ඒජන්සි වලට ගෙවලා.(නදී)
ලාංකීය අප සැම ජීවත්වන්නේ අරාබියෙන් ලැබෙන ප්‍රධාන ආයායම් මාර්ගයක් වන විදේශ විනිමය රැකියා මෙන්ම ණය සහ තෙල් බලෙන් නිසා ලංකාවේ කොදුනාරටිය කඩා දමා බොහෝ කාලයක් බව මේ අදහස් පලකළ ඇත්තෝ නොදන්නේද? (නි)
මේවා කොහොම කරනවද මන්ද (ස)
මිණිමරු දේශයට ලංකාවෙන් රැකියා සදහා යැවීම නතරකල යුතුයි.. (ස)
එක ඇමරිකන් කාරයෙක් මේ වෙනකොට එල්ලා මරලා තියෙනවද? මේ වගේ දඩුවම් වලින් පහත් තුච්ච නින්දිත ආශ්වාදයක් ලබන්නේ. (නදී)
එහෙනම් ඇයි මිනිස්සු අනිත් මිනිස්සුන්ට මේ වගේ අපරාධ කරන්නේ? බුදුහාමුදුරුවොත් කිවුවේ තමුන්ටත් මෙවැනි දේවල් වෙනවට අකමැති නම් ඒ දේ අන් අයටද නොකළ යුතු බවයි. මම කැමතියි මේක ලංකාවෙත් වෙනවා නම්. අපරාධ 95% අඩුවෙයි. (නි)
අපි සෞදියේ ක්‍රියාත්මක නීති ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නය. අපේ රටේ නීති හරියට ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එකයි. (නි)
තවත් අපේ අය කරන්නේ එයාලට ආවතේව කරන්න යන එකයි. අනේ අපේ රටේ ගෙදරක වැඩකරලා සාධාරන පඩියක් ගන්න බැරි නිසානේ මේ සියල්ලම (නි)
මොනවද ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? මේ දඬුවම අහපු ගමන් කොන්දත් සීතල වෙලා යනවා.වැරදිලාවත් තව කෙනෙකුට අනතුරක් වෙලා මෙවැනි දඬුවමක් මට ලැබෙයි කියලා බය හිතෙනවා.මේවා දකින අහන අය බයට හරි වැරදි නොකර ඉන්න පෙළඹෙනවා. අවුරුද්දකට මෙවැනි දඩුවම් කිහිපයක් දුන්නහම ජීවිත කීයක් නම් බේරෙනවද? නිහඩව හිටියොත් මේ රට විශාලා මහ නුවරක්, චිකාගෝවක්,මෙක්ෂිකෝවක්,අවීචී මහ නරකාදියක් වෙන දවස වැඩි ඈතක නැහැ. අපි ලංකාව හදාගමු.සෞදිය එයාලා හදා ගනී.මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.
මෙයනම් පුදුම දෙවියෙක් . මොකට අදහනවද මන්ද (ස)
නීතිය නිසා තමයි ඒ රටවල් මේ තරම් දියුණු...(ස)
මේ මිනිස්සුද නැත්නම්.... ? (ස)
අපිට ඔය ජරා නීති එපා. අපි හැමදාම මේ වගේ නීති නැතිව ඉන්නෛ කැමතියි.(නදී)
අනේ ඉතින් අපේ අයටත් වෙන කිසිම දෙයක් නැහැ, ඕකම දැන් කතා කර කර ඉදිවී අවුරුද්දක් වුණත්. (නි)
නීතියක් නැති ලංකාවට වඩා මේක හොඳ නැද්ද? (නි)
රිස්වාන්, ෆාරිස්, ෂෙරිෆ්, වගේ කට්ටියට මොන තිරිසන් වැඩක් වුණත් අරාබියේ නම් හොදයි. (නි)
මේ රටවල මිනිසුන්ගෙන් 90% නාන්නේ නැහැ. දත් මදින්නේ සත්තු වගේ. පවිකාර රටවල්. (නදී)
මේ නීති ලංකාවටත් ගේන්න ඕනේ. (ස)
ලංකාවේ නිසි ක්‍රමයක් නොමැති නිසා අපගේ සොයුරු සොහොයුරන් මැද පෙරදිගට සුළු මුදලකට ශ්‍රමය පූජා කරනවා. (නි)
මේ එකට එක කිරීමක් .අනුමත කල නොහැකියි. මෙහෙම නියම කරන අයටම මේ දඩුවම් දෙන්න වෙන්නේ.(ස)
සෞදි ගිහින්ම බලන්න ඕනෑ සෞදියේ වෙන අපරාධ වල තරම (නි)
ලංකාවටත් මේ නීතිය කාලයකට හරි ක්‍රියාත්මක කරන්න ඕනෑ. පේනවා නේද දැකපු ගමන් කට්ටිය බයවෙලා තියෙන හැටි. (නි)
ඔය තරම් තද නීති වලිනුත් එහෙ ඉන්න මිනිසුන්ව මෙල්ල කරන්න බැරි බවක් තියෙනවා කියන එක ඔයාලට පෙනෙන්නේ නැති එකයි මට තිබෙන පුදුමේ. අනේ මන්දා ඉතින් මේවා මේ මිනිස්සු කවදා තේරුම් ගනීද කියන එක. (නි)
කවුද බොලේ මේ දෙවියා? (නි)
සෞදි අරාබියට අපේ ලංකාවේ අය කොච්චරනම් බනිනවද, අන්තිමට යන එනමන් නැතිඋනාම පිහිට පතනේ මැදපෙරදිග. ඔබ සැමට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි. (නදී)
වරදට නිසි දඬුවම දුන්නොත් තමයි සමාජයේ නිදහසේ ඉන්න පුළුවන් වෙන්නේ. දඬුවම් තද වුණොත් මිනිස්සු වැරදී වලින් ඈත්වෙනවා. හිතට බයක් එනවා වැරදි කරන්න. විවේචනය කිරීමෙන් වැළකිලා, යථාර්තය ගැන හිතලා බුද්ධිමත්ව හිතන්න. (නි)
ජොනි, ඔයාලා වගේ කට්ටිය හිටියත් ඉතින් මැරිලා වගේ තමයි ඉන්නේ (නි)
මෙන්න ශ්‍රී ලංකාවට ඉතාමත් ගැලපෙන නීති. කවදා මෙම නීති ලංකාවේ ක්‍රියාත්මක වේවිද දන්නේ නැත. (නි)
සඳරුවන් හරි, තම්බි ඇමෙරිකන්කාරයන්ට පන බයයි. (නි)
නීති තද උන තරමට අපරාද අඩු නොවන බවට සෞදිය හොදම උදාහරණයක්. මිනිසා ආගමේ හෝ දෙවියන්ගේ වහලෙක් නොවිය යුතුයි. (නදී)
මෙහේදි යම් කෙනෙකුගේ කකුල බල්ලෙක් සපා කෑවොත් බල්ලගේ කකුලත් කාවි නේද ? (ස)
ලෝකේ වැඩිම මුස්ලීම් ජනගහනයක් ඉන්න ඉන්දුනිසියාවේත්, මේ මිනීමරු, අමානුෂික ෂාරියා නීතියට සම්පුර්නයෙන් විරුද්ධයි. සිංහල, බෞද්ධ අයත් අමානුෂික ෂාරියා නීතියට සම්පුර්නයෙන් විරුද්ධයි. ෂාරියා නීතිය අවශ්‍ය කරනවා කියන අය ශ්‍රී ලංකාවේ ඉන්නවා නම්, ඒ අය කරුනාකර අරාබියටම යන්න. (නි)
ලංකාව ආසියාවේ අශ්චර්යනේ. ඒක නිසා ලංකාවේ කාන්තාවෝ මෙදපෙරදිග රටවල ගෘහ සේවයට ගිහිල්ල මරුම්කනවා. (නදී)
සෞදියේ කාන්තා හිංසනය පිළිබදව නම් කතා කරන්න එපා. (නි)
අන්න ආදර්ශමත් තීන්දු. ඒකට අපි ? (නි)