සෞදි අරාබියේ වෙසෙන අනවසර විදේශ සංක්‍රමිකයන් හට ඉදිරි දිනකදී පොදු සමා කාලයක් දීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ උසස් නිලධාරියෙක් කියයි.
ඔහු පැවැසුවේ සෞදි අරාබියේ වෙසෙන විවිධ රටවලට අයත් අනවසර සංක්‍රමිකයින් අවම කිරීමේ අදහසින් සෞදි අරාබි කම්කරු අමාත්‍යංශය බොහෝ දුරට ඉදිරි දිනකදී යම්කිසි කාල සිමාවකට යටත්ව පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බවට නිල නොවන ආරංචි මාර්ග සදහන් කරන බවයි.
අවතැන් වී හෝ විවිධ හේතු මත පළා ගොස් සිටින විදේශිකයන්හට තම රටට යාම සදහා මහඟු අවස්ථාවක් මෙමගින් ලැබෙන බව තානාපති ආරංචි පවසයි. ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව මෙම පොදු සමාව ලබා දීමට ඉඩ ඇති බැවින් අවතැන්ව විවිධ ස්ථානවල රුදී සිටින ශ්‍රී ලාංකිකයින් රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටත්, ජෙඩා කොන්සියුලර් කාර්යාලයයටත් නැගෙනහිර කලාප ජංගම සේවා පැවැත්වෙන ස්ථානයකට ගොස් ඡායාරූප දෙකක් සහිතව ගමන් බලපත්‍රයේ පිටපතක්, තමා සන්තකයේ ඇත්නම් එයද රැගෙන ලියාපදිංචි වන ලෙස දන්වා සිටී.
පොදු සමා කාලයෙන් පසු සෞදියේ රැදී සිටින අනවසර විදේශිකයන් හට විශාල දඩුවමකට යටත් වීමකට සිදු වන බැව දන්වා සිටින එම නිලධාරියා පැවැසුවේ කුමන පසුබිමක් යටතේ වුව ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ලියාපදිංචි වී සිටිම කාලෝචිත බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොද වැඩක් (දී)
ඔන්න බෙරෙනවානම් වෙලාව (දී)
නීතියට අනුව වැඩ කලාම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ (දී)
මිනිසුනේ හොර වැඩ කරන්න එපා (දී)
මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න (දී)
රටක නීති විරෝදී ලෙස ඉන්න බය නැද්ද (දී)
මෙවැනි අවස්ථා වල ඔබලාගේ නිලබලය පමණක් නොපෙන්වා මේ අසරණ අයට අවංකව පිහිට වෙන්න. (නි)
ඔය අවස්ථාවෙන් බේරිලා මවු රටට එන්න (දී)