සෞදි අරාබියේ වසරක් පාසා පැවැත්වෙන අළුත් අවුරුදු උළෙල මෙවර නොපැවත්වන බව නැගෙනහිර පළාත් ශ්‍රී ලංකා විදේශගත වූවන්ගේ සංගමයේ උප සභාපති එල්.එස් පතිරාජ මහතා කීයයි.
වසර 10යකට අදික කාලයක් සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සුභ සාධන කටයුතු සම්පාදනය කරමින් සෑම වසරකම සිංහල අළුත් අවුරුදු උළෙල ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ නමුත් මේ වනවිට සෞදි අරාබියේ පවතින වාතාවරණය හා නීතිමය පසුබිම හමුවේ මෙවර සිංහල-හිංදු අළුත් අවුරුදු උළෙල සංවිධානය කිරීමට නොහැකිවීම ගැන නැගෙනහිර පළාත් ශ්‍රී ලංකා විදේශ ගතවූවන්ගේ සංගමය තම ශ්‍රී ලාංකික සහෝදර ප්‍රජාව වෙත කනගාටුව ප්‍රකාශ කර සිටී.
එමෙන්ම මෙම වාතාවරණය සමනය වූ වහාම ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දී සියළු උත්සව සහ අනෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද පතිරාජ මහතා සියළු ශ්‍රී ලාංකිකයින් වෙත දන්වා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්ත, අභියෝග කරන්න රටක් නැතුවටද අරාබි රටකට ගිහින් මුස්ලිම්වරුන්ට විරුද්ධව පුප්පන්නේ? (නි)
හැමදේටම ජාතිවාදය ගාවාගන්න එක වැරදියි (නි)
මේකේ ප්‍රතිචාර දාන ගොඩක් අය හැමදේටම ජාති වාදය ගාවාගන්නවා.(නදී)
සමන්ත, ඔබට මුදල් ඉදිරියේදී ජාතියක් නොමැතිවුණාට සෞදි වැසියන්ට ජාතියක් ආගමක් තිබෙනවා නේද? (නි)
මෙහෙ ඉන්න ඉස්ලාමීය පූජකවරුන් කියන්නේ අන්‍යාගමිකයින්ට වෙනස්කම් නොකර හොඳට සලකන්න කියලයි. ඒකටත් එක්ක සමහර අපේ හාමුදුරුවෝ? චීවරයටත් ලැජ්ජයි. (නි)
අපේ රටේ අපේ අනන්‍යතාවයක් ඇතුවා වගේ ඔවුන්ගේ රටේදී ඔවුන්ගේ නීති අපි පිළිගත යුතුයි. (නි)
මෙච්චර නීති නම් මොකටද සෞදි යන්නේ? (නි)
සෞදි අරාබියේ ආගමික හා සංස්කෘතික සහජීවනය... ? (නි)
බල සේනාව කෝ? නැද්ද? (නි)
සෞදියට අපේ අවුරුදු හරාම් ද? (නි)
සමන්, කතාවක් තියෙනවා කට වහගෙන ඉන්නකම් මෝඩයත් බුද්ධිමතා වගේ පෙනෙන්නෙ කියලා. බල සේනාව නොහිටියා නම් මේ වෙනකොට ලංකාවෙත් අවුරුදු උත්සව තියන්න අවසර ගන්න වෙලා තියෙයි. (නි)
මම ඉන්නේ සෞදි. මෙහෙ හැම අවුරුද්දකම අවුරුදු උත්සව, සංගීත ප්‍රසංග පවත්වනවා. හැබැයි කිසිම නීතිමය ප්‍රශ්නයක් නැහැ (නි)
අවුරුදු උත්සවය නැති නිසා ලාංකිකයෝ ටික මලු පටවාගෙන ලංකාවට ආවා නම් හරි හර්ෂ වගේ මෝඩ මීහරක් ඉන්නකම් ලංකාව හැදෙන්නේ නැහැ.(නදී)
අපි සෞදි එන්නේ අවුඅරුදු උත්සව තියන්න නොවේ. සල්ලි හම්බ කරන්න තමා සෞදි ආවේඅ.(නදී)
ඔන්න සර්වාගමික රටවල් හොදට බලාගන්න. කොහොම හරි අපේ අවුරුද්දත් හරාම් වුණා නේද? (නි)
අරාබියේ වෙන දේවල් වලට ඇයි ලංකාවේ මුස්ලිම් අයව ගාවාගන්නේ.(නදී)
හලාල් ගැන නෙමෙයි අපි හිතන්න ඕනෑ. සෞදි අරාබියේ වෙසෙන මිලියන දෙකකට වැඩි විදේශිකයන්ගේ රැකියාවල් ගැනයි. (නි)
සහෝදරවරුනි, අපි ජාතිවාදීව අන්ධ නොවී අපි ඉදිරියේ සිදුවන සූරාකෑම් වලට විරුද්ධව පෙළ ගැසෙමු. (නි)
රොෂාන්, මේ කියවන්නේ පිස්සු විකාරෙන් ද නැති නම් හීනයක් දැකලද ? සමන්ට පුදුම හිතේ අමාරුවක් තියෙන බව පේනවා. මතක තියා ගත්තොත් හොදයි සමන්, සේනාව තිබුනේ නැත්නම් ලංකාවම මේ වෙනකොට හලාල් කරලා ඉවරයි, සමන්ලගේ නෑ පිරිවර (නි)
සමන්, එයාලා දැන් මෙහෙ නැතිලු. (නි)
රටේ නීතිය කෙසේ වෙතත් එයට යටත් වී වැඩ කරන්න බැරි නම් ඇයි ලංකාවට යන්නේ නැත්තේ? අපි ඇවිල්ලා ඉන්නේ හම්බ කරන්න. නිකන් ලංකාවේ ඉඳලා බනින්න එපා. එහෙනම් අපට රැකියාව කිරීමට බෞද්ධ රටක් හොයලා දෙන්න. බොරුවට ලංකාවේ ඉඳගෙන ජාතිවාදී අදහස් දාන එකෙන් වළකින්න. හරාම් හලාල් කෙසේ වෙතත් අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. (නි)
සෞදි අරාබියේ අයට අනුන්ගේ සතුට දරාගන්න බැහැ. එයාලට පුලුවන් නම් අපිට බැරි ඇයි? අපේ සේනාවට ජයවේවා! (නි)
අප සංගමය මගින් අඋරුදු උත්සවය පමණක් නොව සියලුම ආගමික උත්සවයන් පවත්වනවා. සෞදියේ සිටින සියලුම ශ්‍රීලංකික ප්‍රජාව සහභාගීවන්නේ අගම් බේද, ජාති බේද කිසිවත් නොසලකා. හරි හැටි තතු නොදන්නා අය අකවශ්‍ය ප්‍රශ්න , ඇතිකිරීමට , මේවට a ප්‍රතිචාර , දැක්වීමෙන් වැළකී සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මෙම උත්සව පැවැත්වීමට හලාල්l, හරාම් ප්‍රස්නයක් ඇතිවී නොමැත.(නදී)
වහාම අපේ සේනාව පිටත් කර යවනු! (නි)
අපට උත්සව අවශ්‍ය නැහැ. ජාතිවාදී අදහස් දමන්නේ නැතුව අපේ පාඩුවේ ඉන්න දෙන්න. නැති ප්‍රශ්න ඇති කරන්න එපා. සේපාල කියනවා වගේ අපට බෞද්ද රටක් හොයල දෙන්න. ලංකාවේ දුවන හැම වහනයක්ම දුවන්නේ අරාබි රටවල හලාල් සල්ලි වලින්. බොදු බල සේනාවට පුළුවන් නම් අරාබි රටවලින් තෙල් ගේන එක නවත්වන්න. රටේ ජාතික ආදායම වී ඇත්තේ මැද පෙරදිග රැකියාවෙන් එන සල්ලි කියලා දන්නේ නැද්ද.?(නදී)
සෞදි අරාබියට සිංහල අවුරුදු උලෙළ හරාම් ද? දන්නෙ නැති නිසයි අහන්නේ.(නදී)
කොච්චර නීති තිබුනත් අදටත් ගොඩක් අපරාධ ගොඩක්ම තිබෙන එකම රට සෞදියයි. (නි)
අදටත් මරක්කලයෝ මනුස්සකම් අතින් සෞදියේ උඩින්ම ඉන්නවා (නි)
මෝඩකමට මේකට ආගම් පටලවන්න එපා. දැන් සෞදියේ තියෙන ප්‍රශ්නේ අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීමයි.(නදී)
ඉස්ලාම් හැරෙන්නට වෙනත් කිසිම ආගමකට ඉඩ නොදීම සෞදියේ නීතියයි. එය ඉස්ලාම් පටන් ගැන්මේ සිටම පැවත එන්නක්. කොයි ආගමත් සමානයි. කාටත් ආගමික සංස්කෘතික අයිතිවාසිකම් තිබිය යුතුයි කියන අදහස අනුව ඉන්නේ හා ඒය නීතිගත කර තියෙන්නේ ලංකාව ඇතුළු රටවල් කීහිපයක් පමණයි.(නදී)
ඔන්න සහජීවනය. අපි ඉඩ දීල වැඩියි . බලසේනාව නැත්තම් අපිවත් හලාල් කරලා.(නදී)
කෝ මුස්ලිම් මිනිස්සුන්ගේ අන්‍ය ආගම් වලට තියෙන ගරුත්වය? ඉතින් ලංකාව ගැනත් බොදු බල සේනාව කියන දෙය ඇත්ත තමා. (නදී)
මේ අවුරුද්දේවත් අඩුගානේ බලධාරීන් නැගෙනහිර හා ලංකාවේ අනෙකුත් බෞද්ධ උරුමයන් රැකගන්න ඇපකැප වීමෙන් වැඩකරත්වා!(නදී)
මේ දිනවල තදින්ම ක්‍රියාත්මක කෙරෙන වලංගු වීසා රහිතව රැදී සිටින පුද්ගලයන් හා තම සේවා යෝජකයගෙන් බැහැරව රැකියාව කරන අය නීතියට අනුගත කිරීමේ ක්‍රියාදාමයක් සිදුවේ. කරුණාකර ලංකාවේ සිට අදහස් දක්වන අය ප්‍රශ්නය ගැන අනවබෝධයෙන් අදහස් දැක්වීම නොකරන්න ... (නි)
මේ රටට ආවා නම් මේ රටේ නීතියට ගරු කරන්න ඕනෑ. අනාගතේ මෙහෙ එන්න බලාපොරොත්තු වන අයත් මෙහෙ නීතිය දැනගෙන ආවොත් හොදයි. විශේෂයෙන් ගෘහ සේවිකාවන්. බොදු බල සේනාව ගැන විවේචන එපා. අඩුම ගනනේ එයාලවත් නොහිටියා නම් බලාගන්න තිබුණා. (නි)
චින්තක,චතුරංග, සඳරුවන්,කසුන්,අජිත්,දිනේෂ්,හර්ෂ යන අයට නම් ජාතිවාදය හැරෙන්නට වෙන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ වගේ (නි)
නීති නැති ලංකාවේ හැටි පේනවනේ. මිනිස්සු සෞදි එන්නේ ආර්ථික වශයෙන් ගොඩ එන්න ඕනෑ නිසා. මේ අදහස් ඒ මිනිස්සුන්ට බලන්න ඒ අයට පහසුකම් නැහැ. එහෙනම් නියම පිළිතුරු ලබන්න තිබුනා කට්ටියට. (නි)
අපේ රටේ මුස්ලිම් අයගේ හිත රිදවන්නේ හලාල් ප්‍රශ්න උඩ.එහෙම බලනකොට මේක සුළු දෙයක්. (නි)
සමන්ත අපිත් ඉන්නේ අරාබි රටවල තමයි. ඒත් සල්ලි වලට ඔහොම නහින්නේ නැහැ. කරුණාකරලා රට ජාතිය ගැන හැඟීමෙන් කතා කරන්න. බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න. නැතිකම එකක් ගැතිකම තව එකක්. හෙට මෙහෙන් යන්න වුණත් මම මගේ රටට යන්නේ සතුටින්. මොකද නිකං ඉඳලා නෙමයි, අපේ ශ්‍රමය විකුනලා අපි සල්ලි හොයන්නේ. (නි)
ජාතිවාදීන් නිසා අපි අවුරුදු 30 ක යුද්ධකට පැටළුනා.දැන් සමහරුන්ට ආයිත් ඕනෑ කරන්නේ ඒක කරගන්න. (නි)
සමන්ත වගේ හිත හොද අය ඉන්න ඕන ලංකාවෙ...!(නු)
අනේ මම නම් දැකල නැහැ මේ තරම් මිනිස්සු කෑගහන්නේ ඇයි ඔය ප්‍රශ්නෙට කියලා. සෞදියේ ලංකාවේ මිනිස්සු ගොඩක් ප්‍රශ්න වල ඉන්නේ ඔය අනවසර සංක්‍රමිකයන් නිසා. ඒ ප්‍රශ්නේ ඉවර වුණාම අපි අවුරුදු සමරමු. බොරුවට කෑ ගහලා වැඩක් නැහැ. (නි)