සෞදි අරාබියේ ජෙඩා නුවර අතරමංවී සිටින සහ වීසා නැතිව සිටින පිරිස් කඩින් කඩ ගෙන්වා ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
අතරමංවී සිටින පිරිස 200කියි විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා එසැණේ චමින්ද මඩවලට පැවසීය.
අසරණ වී සිටින අයට රජයෙන් ගුවන් ටිකට් නිකුත් කරන බවත්, වීසා නැතිව අතරමංවී සිටින අය ඔවුන්ගේ මුදලින් පැමිණිය යුතු බවත් සෞදියේ ශ්‍රී ලාංකා ආරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මෙයාලව එකවර ගෙන්නන්න බැරි? නීතිමය ගැටළු තියෙනවද? (නි)
රියාද් වල තියන ලංකාවේ එම්බසියේ පාස්පොර්ට් කොපියක් නැත්නම් ලියාපදිංචි වෙන්නත් බැහැ. ඒ කියන්නෙ ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
විදේශ සේවා කාර්යාංශය නිලදාරීන් කෙසේ කිවත් සෞදි බලදාරින්ගේ මතය විවෘර්තව මේ වෙනකම් ප්‍රකාශයට පත් කර නැහැ. මොකද ?ශ්‍රී ලාංකිකයන්ට පමණක් සීමාවූ ප්‍රශ්නයක් නොව පොදු මහත් අනවසර සංක්‍රමිකයන්ට බලපාන ප්‍රශ්නයක් බැවිනි සෞදි රජය මේ අවස්ථවේ පොදු එකගතාවයකට පැමිණීමට සාකච්චා පවත්වන බව සෞදි විදේශ අමාත්‍යංශයේ තොරතුරු සදහන් කරයි.(නදී)
මේ පිරිස ගිහින් තියෙනේ විනෝද ගමනක්වත් ,වන්දනා ගමනක්වත් නෙමෙයි. කීයක්හරි හම්බකරගෙන අපේ රටට අරන් එන්න. අර ඉන්දියාවේ වන්දනා නඩයට කොටි හිතවාදීන් ගහපු වෙලාවේ විශේෂ ගුවන් යානයක් යවලා පිරිස පැය කිහිපයකදී ලංකාවට ගේනවා. මේ ගොල්ලෝ මාස ගණන් පාලම් යට දුක්විදිනවා. මිහින් ලංකා එකක් යවලා හරි මේ පිරිස මත්තලට ගෙන්වන්න බැරිද? (නි)
මොකද කඩින්කඩ ගෙන්වන්නේ අපේ එක පුරවැසියෙක් 40000 වටිනේ නැද්ද ? (නු)
තියන්න එපා එකම සිංහලයෙකුවත් සෞදිවල. සේරම අයව එහෙන් ගෙන්වා ගතයුතුයි. (නි)
මම දකින විදියට මේ ප්‍රශ්න නොවිසදෙන්නේ තානාපති කාර්යාල වල බවලතුන්ගේ හැංගිමුත්තන් සෙල්ලම් නිසයි. (නි)