පොලිතීන් ආහාරයට ගැනීම නිසා රෝගාතුරව පොළොන්නරුව ගල්ලෑල්ල නෙළුම්විල ප්‍රදේශයේ වැතිර සිටින අලියකු දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසීහු සහ වනජීවී නිලධාරීහු සති දෙකක් තිස්සේ අපරමණ වෙහෙසක් ගනිති. දිවා රෑ නොබලා අලියා නහවති. සේලයින් දෙති.
සති දෙකක් පමණ තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත මේ සද්ධන්තයා දෙස බලීමට එන සියලු දෙනා ඒ සෙද බලා හූල්ලති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයානි මේවා කගෙවත් වැරදි නෙවේ ඔයාලගේ අපේ වැරදි, පරිසරය ගැන ආදරයක් තියනවනම් අපේ හැමෝම පරිසරය පණ වගේ රැකගන්න ඕනේ. (බ)
ඔබලාට මේ සතා වෙනුවෙන් කරන්න පුලුවන් හොඳම දෙය පොලිතින් භාවිතය පුලුවන් තරම් අඩු කිරීමයි. දියුණු රට වල පොලිතින් වල මිල වැඩි කිරිමෙන් එය කර ඇත. එවිට මිනිසුන් පොලිතින් භාවිතයයෙන් නිකන්ම ඈත් වෙනවා. (නි)
දැන්වත් ඔය අඬන ටෙලිනාට්‍ය නවත්වා මිනිසුන්ට හරවත් දැනුමක් දෙන වැඩසටහන් පෙන්වන්න. පොලිතීන්, කුණු පරිසරයට මුදාහැරීම, සතුන්ගේ ජීවත්වන පරිසරයට කරන හානිය, ලෝකයේ දියුණු රටවල් කොහොමද කුණු කළමනාකරණය කරන්නේ කියලා වගේ දේවල් (නි)
නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා! (නි)
බොරු සිහින මාළිගා නැතුව ලංකාවේ මිනිසුන්ගේ බිංදුව සිට පටන් අරන් දැනුම වර්ධනය කරගත යුතුය. කුණු වලට මොකද කරන්නේ? පොලිතීන් වලට මොකද කරන්නේ? දියුණු යුරෝපීය රටවලින් කොහොමද දැනුම ලබාගන්නේ? ලංකාවේ මිනිසුන් අඩුම සමාජ දැනුමක් ඇති අයයි. පරිසරයට කරන හානිය විශාල පාපයකි. නිකරුනේ ජනතාවගේ මුදලින් වැටුප් ලබන දැනුමක් නැති හිස් මිනිස්සු කවදාද ඉගෙනුම ලබන්නේ. පරිසර අමත්‍යංශයේ අවධානය යොමු වේවා! (නි)
සංසාරයේ නිවනින් නිවෙනතුරු උතුම් මිනිසත්බවම ලැබ ඉපදේවා. ඉක්මනින් සුවවේවා.! (ර)
කාගේ වැරදිද මේවා? හරිම දුකයි. තෙරුවන් සරණින් සුවපත් වේවා.!! (නි)
නිසි සුදුසුකම්ලත් වෛද්‍යවරුන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සුදුසුයි නේද. (නි)
මේ අසරණ සතා ගැන හරිම දුකයි (නි)
ලංකාවේ වැඩිපුරම පොලිතින් එළියට දාන්නේ ෆූඩ් සිටි, කාර්ගිල්ස්, ලාෆ් වැනි ආයතන. ඊට අමතරව සියලුම කඩ සාප්පු. මේවා වග කියන්න ඕනෑ මේ රටේ පොලිතින් වලින් වෙන පරිසර හානියට. පැණිබීම බෝතල් සමාගම් වලින් එළියට දානවා පමණයි. එකතු කිරීමට විකල්ප නැහැ. පරිසර ඇමති ජනාධිපති වෙච්ච රටේ තත්වය ඕකයි. මේවට විකල්ප තිබුනත් ඒවා කරන්න ආයතන උනන්දු නැහැ (නි)
කරුණාවන්ත මිනිසුන් පිරිසක් (නි)
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... (නි)
දේශපාලකයිනි, හිතක් පපුවක් තිබෙනවා නම්, රට ගැන හිතලා, මොන පාඩුවක් වුණත් කමක් නැහැ, "සිලි කවර' සම්පුර්ණයෙන් තහනම් කරන්න. ප්ලාස්ටික් භාජන, යෝගට් කෝප්ප වැනිදේ සඳහා විධිමත් නීතිරීති අනුගමනය කරන්න. (නි)
පොලිතින් පිළිස්සීමේදී පිටවන දුමාරයද අධික විෂසහිතයි. කරුණාකර පොලිතින් සඳහා අධික බද්දක් පනවන්න. කාගේත් හොඳට. (නි)
වනජීවී ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තවම ආවේ නැද්ද? (නි)
පොලිතින් ආහාරයට ගැනීම නිසා අසාධ්‍ය තත්වයට පත්වුයේ නම්, එහි ශාපය පොලිතින් වැනි අපද්‍රව්‍ය ඉවත දමන කකුල් දෙකේ සත්වයාට හිමිය. (නි)
ඉතාමත් ශෝචනීය සිද්ධියක් (නි)
අනේ! අපේ අලි පරපුර අපි ඉදිරියේම ඇස් පනාපිට වඳවෙන හැටි? හස්ති රජාණෙනි, ඔබට සුවය ලැබේවා!!! (නි)
හක්ක පටස් දීලයි වෙඩි තියලයි කොටසක් මරනවා, කෝච්චි වල හප්පලා තව කොටසක් මරනවා, මහන්තත්තකම පෙන්නන්න තියාගෙන තුවාලවලට වෙදකම් නොකර තව කොටසක් මැරෙන්න අරිනවා. ඉතුරු සත්තු ටික පොලිතීන් කවලා මරන්න හදනවා. රුවනි කියනවා වගේ පරිසරයවත් අපේ වන සම්පතවත් රැක ගැනීම ගැන හරියටම වදින්න කියාදෙන එකම වැඩසටහනක්වත් ජනමාධ්‍යවල තියෙනවද? (නි)
මේ සතා කුණු කන්න ඇත්තේ අවුරුදු ගණක ඉඳල නේද? එක සැරෙන් මේ වගේ අසාද්‍ය වෙන්න බැහැ නේ . ඒ වගේම තවත් අලි මැරිල ඇති මේවගේම. තවමත් කුණු කන අලි ඇති . විසදීමක් ගන්න ඕන මීට අවුරුදු ගානකට කලින්. අපරාදේ ඉතිරි සත්තු ටිකවත් බේර ගන්න ක්‍රමයක් ඕන. අලි විතරක් නෙමේ පොලිතීන් කන හැම සතාම. (අ)
මගේ මියගිය අසල්වැසියාගේ ගෙදරට තනි රකින්න එන අයගේ අරක්කු බෝතල්, ප්ලාස්ටික් කෝප්ප හා බෝතල්, පොලිතීන් මලු, ඉතිරිවූ බයිට් ආදිය පිරි පාර පිරිසිදු කිරීම මේ දිනවල මගේ පළමු රාජකාරියයි. කවදාද මේ මිනිසුන් හැදෙන්නේ. (අ)