සෞදි අරාබියේ රැකියාවන් කරන සියළුම විදේශිකයින් වෙනුවෙනු මාස 3 කාළයකට යටත්ව කම්කරු නීතී ලිහිල් කිරීමට සෞදි අරාබි කම්කරු අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි සෞදි අරාබි පුවත්පත් සදහන් කරයි.
අනවසරික සංක්‍රමිකයින් හා නීත්‍යනුකූල ආයතනයෙන් පරිභාහිරව රැකියා කළ විදේශිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම තාවකාලිකව නවතා ඇත.
සෞදි පුවත්පත් පවසන අන්දමට රටේ රැදී සිටීමේ නිත්‍යනුකූල බලපත් ඇති එහෙත් නිත්‍යනුකූල ආයතනයෙන් හෝ හාම්පුතාගෙන් බැහැරව වෙනත් ස්ථාන වල රැකියාව කරන සියළුම විදේශිකයන් සෞදි රජය විසින් ලබා දෙන මෙම මාස තුනක කාළය තම නිත්‍යානුකූල ආයතනයට හෝ හාම්පුතා යටතට පැමිණ රැකියාව කළ යුතු බවත් තම සේවා යෝජකයා සතුව නියමිත රැකියාවක් නොමැති නම් රැකියාවක් ලබා ගත හැකි වෙනත් ආයතනයකට මෙම ලියකියවිලි නිත්‍යනූකූලව මාරු කළ යුතු බවත් ඒ සදහා සෞදි කම්කරු අමාත්‍යංශය වෙතින් පහසුකම් සලසන බවත් සදහන් කරයි.
කෙසේ වුවද මෙම කාර්යන් දෙකම ඉටු කර ගැනිමට අපොහොසත් වන විදේශිකයන් මෙම කාල සීමාවේදී මෙරටින් පිට විය යුතු බවත් සදහන් කරන අතර කාල සීමාව ඉක්මවා යාමෙන් අනතුරුව අදාල සේවා යෝජකයාගෙන් පරිභාහිරව රැකියාවක් කරන සියළුම විදේශිකයින් නිත්‍යනුකූල නොවන අනවසරික සංක්‍රමිකයින් සේ සලකා අත්අඩංගුව ගෙන විශාල දඩ මුදලකට යටත් කොට රටින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බවද පවසයි.
මේ අතර විවිධ දුෂ්කරතා මධ්‍යයේ අවතැන් වු විදේශිකයින් පිළිබදව කිසිදු සදහනක් මෙම පුවත් මගින් හෙලිදරව් කර නොමැති අතරම අනවසරික සංක්‍රමිකයින් සදහා පොදු සමා කාලයක් හෝ සහන කාලයක් පිළිබඳව කිසිදු තොරතුරක් සෞදිරජය විසින් මෙතෙක් ඉදිරිපත් කර නොමැති අතර මේ පිළිබදව රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියකුගෙන් විමසීමේදී කියා සිටියේ ශ්‍රී ලාංකික අනවසරික සංක්‍රමිකයින් හා අවතැන් වුවන් වෙනුවෙන් සහනයක් ලබා ගැනීම බලාපොරොත්තු මත ශ්‍රී ලංකා රජයේ ඉහල බලධාරීන්ගේ මැදිහත්වීමෙන් සෞදි රජය සමග සාකච්ඡා කිරිමට සදහා තම තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකා රජයට සංදේශයක් ලබා දිමටද කටයුතු සිදු කරනා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු සමා කාලයත් දුන්නට වැඩේ හරියන්නේ නැහැ. ඊලගට මේ රටට එන අයටත් මේ තත්වයට මුහුණ දෙන්න සිදුවෙනවා. අපේ සේවක සේවිකාවන්ටත් මුහුණ දෙන්න සිදුවෙනවා. (නදී)
අර බල සේනා ඇමරිකා ගිය නිසා සමහරවිට ලංකාවේ පවතින විරැකියා පූශ්නෙට විසදුමක් ලැබෙයි. ලාංකිකයන්ට සෞදි නොගොස් රැකියා සදහා ඇමරිකා යන්න පුලුවන්.(නදී)
අපි දන්නෙ නැද්ද අපේ බලධාරින්ගේ වැඩ? (නි)
ජයතිස්ස, මෝඩ කතා කියන්න එපා. නීතියට ගරු කරලා සාධාරණයෙන් සල්ලි සොයන්න වැඩිම ඉඩ තියන රට සෞදි අරාබියාවයි. (නි)
සවුදි රටේ රස්සා නැතිව සිටින අය මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. අපේ දුප්පත්කමට මේ රටවල්වලට යන්නේ. සමහරු තමන් විසින් අමාරුවේ වැටෙනවා. සමහර අය ඒජන්සි නිසා අමාරුවේ වැටෙනවා. කොතනද මේවට විසදුම් තියෙන්නෙ???? (නි)
මේ රට ගැන දැන් අපිට කියන්න දෙයක් නැහැ. අලුතින් කවුරුවත් මේ රටට එවන්න එපා (නි)
ජයතිස්ස, ඔය එහෙනම් සව්දියේ ඉන්න හැමෝම බෞද්ද රටකට යවන්න උත්සහ කරන්න. ඔය බල සේනාවට කෑ ගැහුවට රජයේ ප්‍රදාන අදායම් මාර්ගය මද පෙරදිගින් එන සල්ලි කියල ඔයා දන්නේ නැද්ද ?(නදී)
මෙහි ඇත්ත තත්වය සෟදියේ තරුණයන් ලක්ෂ 25කට රැකියා නැහැ. මේ අය සඳහා ලක්ෂ 20ක විදේශිකයන් සෟදියෙන් යැවිය යුතයි. ජුනි මස 9 වෙනි දිනට කලින් මෙහි ස්ව්ර්ණබරණ සාප්පු, එළවලු කඩ, සහ බැංකු වැනි ස්ථානවල සේවයෙහි සිටින විදේශිකයන් අඩු කර සෞදි කට්ටිය බඳවා ගත යුතයි.(නදී)