සෞදි අරාබියේ ජෙඩා කලාපයේ අවතැන් වූ ශ්‍රී ලාංකිකයින් ජෙඩාහි පිහිටි කන්දරා පාලමයට පෙරේදා සන්ධ්‍යා භාගයේ උද්ඝෝෂණයක යෙදුණු බව ගල්ෆ් නිවුස් මලයාලම් වෙබ් අඩවිය සඳහන් කරයි.
දෙසිය පනහකට අධික අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් උද්ඝෝෂණයක නියැලෙමින් ප‍්‍රකාශ කර සිටියේ විවිධ දුක් කරදර මධ්‍යයේ කිසිදු පිළිසරණක් නොමැතිව අවතැන්ව සිටින තමන් ශ්‍රී ලංකාවට යවන ලෙසයි. මහා මාර්ගය අවහිර කරමින් කරන මෙම උද්ඝෝෂණය සඳහා ඉන්දියානු අවතැන් වූ පිරිස් ද පැමිණ ශ්‍රී ලාංකිකයින් හට සහයෝගය දැක්වූ බවද ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය සඳහන් කරයි.
සෞදි ආරක්‍ෂක අංශ පැමිණ තත්ත්වය පාලනය කරමින් ප‍්‍රකාශ කර සිටියේ මාර්ග අවහිර නොකරන ලෙසත් වහාම සෞදි ආගමන විගමන කඳවුර වෙත ගොස් තම දුක්ගැනවිල්ල ප‍්‍රකාශ කරන ලෙසයි.
ඒ අනුව ආගමන බලධාරීන් හමුවූ ශ්‍රී ලාංකිකයන් තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කර ඇති අතර බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී සෞදි රජය විසින් යම්කිසි සහනදායි වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බැවින් එම කාලය එළඹෙන තෙක් තම නවාතැන්පොළවල් වෙත ගොස් සාමකාමීව කල්ගෙවන ලෙසයි.
අවතැන් වූ කිසිදු ශ්‍රී ලාංකිකයකුට සෞදි ආරක්‍ෂක අංශ විසින් කිසිදු හිරිහැරයක් හෝ පීඩාවක් නොකරන ලද අතර අවතැන් වූවන් වෙත සානුකම්පිතව කටයුතු කර ඇති බවද වාර්තා වේ.
කෙසේ වුවද මේ පිළිබඳව දසත පුවත් විසින් ජෙඩා පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ බලධාරියෙකුගෙන් කරනු ලද විමසීමකදී ප‍්‍රකාශ කර සිටියේ සිද්ධිය පිළිබඳව ජෙඩා කොන්සියුලර් කාර්යාලය දැනුවත් වී ඇති බවත් ඒ පිළිබඳව සෞදි බලධාරීන් හමුවේ කරන ලද සාකච්ඡුාවකදී නිලනොවන අයුරින් ප‍්‍රකාශ කර ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුළත ජෙඩා කලාපයේ අවතැන් වූ විදේශිකයන්හට සහනයක් සැලසීම සඳහා සෞදි රජයේ අවධානය යොමුවී ඇති බවත් සතියකට කිහිප දෙනා බැගින් ආගමන විගමන රැුඳවුම් කඳවුර වෙත භාර ගැනීමට කටයුතු කරන බවත්ය.
ජෙඩා කොන්සියුලර් කාර්යාලීය ආරංචි මාර්ග අනුව ජෙඩා කලාපයේ අවතැන්ව කාර්යාලයේ ලියාපදිංචි වූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව තුන්දහස ඉක්මවන බවද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි ආගමන විගමන (ජවසාත්) බලධාරීන් මේ වන විට පවසා ඇත්තේ විසිපස් දෙනා බැගින් අවතැන්වූ අපේ ලාංකිකයන් දිවයිනට යවන බවය . නමුත් කාල වකවානුවක් ඔහුන් සදහන් කරලා නැහැ . (නි)
මෙතන වැඩිපුර ඉන්නෙ වන්දනාවේ ඇවිත් පැනපු අයයි. රජයට සහ විදෙස් සේවා කාර්යංශයට දොස් පැවරීම වැරදියි (නි)
විදේශ සේවා කාර්යාලයේ ගැහැණු උදවිය සල්ලි ගන්න බලාගෙන ඉන්නවා ගුවන්තොටුපොළේදී. මේවට දෙන විසදුම් මොනවද කියල මම අසන්න කැමතියි ලොකු අයගෙන්.(නදී)
විදේශ සේවා ආයතනය තියෙන්නේ අපි එනකොට අවුරුදු දෙකකට ගාස්තු අය කරගන්න මිසක් අපේ අයට උධවු කරන්න නෙමෙයි කියලයි මම නම් කියන්නේ. (නි)
ශ්රී ලංකා රජයටවත් සෞදි රජයටවත් බැනලා වැඩක් නැහැ. (නි)
තම තමන්ගේ පවුල් වල අය එක්ක අවුරුදු කාලා සතුටු වෙන දේශපාලක මහත්වරුනි, මේ දුක් විඳින මිනිස්සු ටික ලංකාවට ගෙන්න ගන්න පොඩි උදව්වක් කරන්න. මේ මිනිසුන් ලංකාවට ඇවිත් ඒ අයගේ පවුල් වල අයත් සමග එකතු වුණ දවසට ඔය ගොල්ලන්ට පින් සිද්ධ වේවි (නි)
කාලසීමාවක් ගැන සඳහනක් නැත්නම් නවාතැන් පොළවල් වෙත ගොස් කොහොමද ජිවත් වෙන්නේ? සෞදි රජයෙන් කන්න, බොන්න දෙනවද? (නි)
අනේ මන්දා වැඩ කරන්න බැරි නම් යන්නේ මොකටද කියලා. පිට රටවල ජීවිත අපේ රටේ වගේ සුන්දර නැහැ කියලා කලින්ම දැනගෙන යන්න. ඊට පස්සේ බොරුවට ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. මේ ගොල්ලෝ ගිවිසුම් අත්සන් කරලානේ යන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. අනික රටවල් වලින් පිටරට වල අයට රස්සාවල් දෙන්නේ ඒ රටවල ඒ රස්සාවල් කරන්න කට්ටිය නැති නිසා. සමහර වෙලාවට ඒ රස්සාවල් මන්නුසයන්ට කරන්න බැරි දේවල්. කොරියන් රස්සාවලුත් එහෙම තමා. (නි)
කට්ටිය ඔක්කොටම හොදට සැලකුවලු. මට දුක අහවල්ලු ගැන. (නි)
එක ලාංකික තරුණයෙක් මියගිය බව රියාද් වල ඉන්න ඇපිට දන්නගන්න ලැබුනා. පොඩ්ඩක් මේ ගැන සොයා බලන්න.(නදී)
නදී,පෙරෝස්, එතකොට ඒජන්සි අයගෙන් ආණ්ඩුව බදු ගන්නේ මොකටද? විදෙස් සේවා එක රට යන අයගෙන් වෙනම බදු ගන්නේ මොකෝ? අපි මෙහෙ ඉදන් එවන සල්ලි වලටත් බදු ගහන්නේ මොකෝ? (නි)
අනේ!මේ දරුවෝ කන්නේ බොන්නේවත් කොහොමද මන්දා? (නි)
ශ්රී ලංකා රජය මේ ගැන යමක් නොකියන්නේ ඇයි? (නි)
පනින්න පෙර සිතා බලනු ! (නි)
නදී , අපි එයාලට ගෙවන්නේ මෙහෙම වෙලාවකට උදවුවට තමා. අපේ ඡන්දෙන් ගිය අයට අපි නොකියා, කියන්නේ ගස් ගල් වලටද? (නි)
දැන් ඔය ටැලන්ට් ෂෝ වලට කොපමණ මුදල් වියදම් කරනවද ? මින් සැනසෙන්නේ නටන්න සිංදුවක් කියන්න දන්නා අතලොස්සක් පමණි. නමුත් සෞදියේ පාලම්, බෝක්කු,ගස් යට නොකා නොබී දුක් විදින අපේම මිනිසුන් ගැන කිසිවෙකුට අවබෝදයක් තිබේද? (නි)
සල්ලි වියදම් කරන්න ඕනෑ මේ වගේ අසරණවුවන්ට. නැත්නම් රට විරු බොරු සෝබන වලට නෙමෙයි. (නි)
මේව සහගහන අපරාධ. මේ අහිංසකයො එවපු සල්ලි වලින් සැප විඳලා දැන් අහක බලගෙන ඉන්න අයට නම් හොදක් නොවේවා! (නි)
මෙතන ඉන්නේ අපේ ශ්‍රී ලාංකිකයෝ. ඒ අය වහාම ලංකාවට ගෙන්වීම රජයේ වගකීමක්. මේ විදියට අපේ අයව හෑල්ලු කරන්න එපා. සල්ලි නැත්නම් වහා අරමුදලක් සම්පාදනය කරන්න. අපි කවුරුත් සහභාගී වෙනවා. (නි)
අපේ රටේ ඉන්න දේශපාලකයෝ නැති බංග වේවා! ඇයි අපි මේ අයට ඡන්දය දුන්නේ? බලන්න මිනිස්සුන්ගේ චුක් ගැනවිලි බලන්නේ නැතුව බොරුවට ජාතිවාදය අවුස්සලා උඩ බලාගෙන හිනා වෙනවා. මිනිස්සු මේවා බලලා ආයෙත් ඡන්දය එයාලටම දෙනවා (නි)
මේ ඉන්නෙත් "රට විරුවෝ" බොරු සෝබනවලට වියදම් කරන සල්ලිවලින් මේ අයව ගෙන්නගන්න වැඩ පිලිවෙලක් හදන්න.(නදී)
මෙතන සමහරු කියන විදියට රජයට නොබැන බනින්නේ එෆ් බි අයි එකටද? මොකෝ ඔය සමහර ලොක්කන්ට ඉන්ටකූලර් වාහනේ ඉදගෙන බල්ලන්ට කන්න දෙන්නෙත් මේ මිනිස්සු. මිනිස්සු මේ රස්සාවලට යන්නේ ආණ්ඩුවේ අනුමැතිය දීලා තියෙන නිසා. (නි)
උදිත, කටින්ද කතා කරන්නේ? ඔහේ නොදැන හෝ මේ ආර්ථිකේ ඇතුලේ ඔහේට කන්න දෙන්නෙත් මේ මිනිස්සු. ඉතින් පාලකයන්ට නැත්නම් මේවා කියන්නේ ගස් ගල් වලටද ? (නි)
පෙරෝස්, ඔයා අවුරුද්දට බිපුව වැදිලද ඔහොම කතා කියන්නේ. ඔහෙලා පත් කරපු පාලකයෝ හරියට වැඩ කලා නම් මේ මිනිස්සු මෙහෙම යන්නේ නෑ. පාලකයන්ට නොකිය කාටද මේවා කියන්නේ පිටසක්වල ජිවින්ටද.(නදී)
අසරණ මිනිසුන්ට දොස් කියන්න එපා. රට ආපු අය තමයි දන්නේ මෙහෙ තත්වය. අපි එනකොට 12500 රජයට අය කරගෙනත් අපි අසරණ උනාම ඇස කන් පියන් ඉන්නේ ලජ්ජා නැතිකම නිසා. අපි නිසා තමයි ලොකු පුටුවල ඉන්න අය යැපෙන්නේ. මේවට වගකිය යුත්තන්ට හොදක් වෙන්න එපා.(නදී)
අර කිව්වා වගේම මේ අපේම අතරමන් උන සහෝදරයන් නිසා අපි අරමුදලක් ඇති කරලා මේ අසරණයන් ලංකාවට ගෙන්න ගමු. ගංවතුර කාලෙට අතරමන් උන අසරණයන් ට සහන සලසන්න පෙරමුණ ගත්තු අපේ රටේ පුද්ගලික රුපවාහිනී වලට මේ ආයාචනය කරන්නේ. අපි මේ අපේම අසරණයන් තවත් දුරට සෞදියේ දුක් විඳින්න නොදී ගෙන්න ගමු. ඒක අනික් රටවලටත් ආදර්ශයක් වේවි. ඉක්මනින් මොනවා හරි කරන්න පෙරමුණ ගන්න. (නදී)
රකීත් , තානාපති කාර්යාලයෙන් හෝ සෞදි රජයෙන් ආහාර දීමේ වැඩපිළිවෙලක් මේ වෙනකම් ක්‍රියාත්මක නැහැ . මෙහි වගකීම දරන්නෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි . නමුත් වී.සේ නි .කා. නිලදාරීන් මේ වෙනකම් මර නින්දේ . හරි කණගාටුයි .(නදී)
සෞදි රජය හා කුවෛට් රජය එක විදියටම ගේම දෙනවා. 2013 වෙනකොට මිලියනයක් කුවෛට්වෙලින් පිටුවහල් කරන්න පාර්ලිමේන්තුව තීරණය කරලා. දැන් හැම තැනම චෙක් කරනවා කුවෛට්වල. කියල වැඩක් නැ.(නදී)
මේ ඉන්න හැම දෙනාටම වග කියන්න ඕනේ ලංකාවෙන් මෙයාලව මෙහෙට එවපු එජෙන්සි කාරයෝ මිසක් රජය නොවෙයි. මේ ඉන්න අයගෙන් ලක්ෂ ගණන් අරගෙන මෙහෙට එවල තියෙන්නේ උන් තමා. මේ රටේ නීතිය ඔය වෙරෝනා,ඉතාලියේ ඉන්න අය තවම සෞදිය ගැන හරියට දන්නේ නැහැ.(නදී)
ආණ්ඩුවෙන් පුරාජේරු ගහන්නේ දකුණු කොරෙයාවේ යුධයක් ඇති උනොත් විශේෂ ගුවන්යානා යවල 25000 ලංකාවට ගෙන්වාගන්න පුලුවන්න් කියලා. , නමුත් සෞදියේ අසරණ වෙලා ඉන්න 300 ගෙන්වාගන්න ගන්න පියවර මොකක්ද? විදේශ ඇමතිවරු, විදේශ සේවා ඇමතිවරු මොකද කියන්නේ ? (නදී)
විදේශ සේවා අමත්යන්සයක් තියෙන්නේ මොකටද? මේ වගේ උදව්වක් වත් කරන්න බැරි නම් ඒ අමාත්‍යන්සේ අයින් කරලා ඉතුරු වන මුදල් වලින් මේ අසරණයන්ට පිහිටක් වෙමු!(නදී)
කිසිම රජයකට දොස් කියල වැඩක් නැහැ. පැනල වැඩකරන්න කලින් මේ ගැන හිතන්න තිබුනා.(නදී)