මීට දෙවසරකට පමණ ඉහත තංගල්ලේ හෝටලයකදී බි‍්‍රතාන්‍ය ජාතිකයකු මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන තිබෙන කි‍්‍රයාමාර්ග පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුවන සයිමන් ඩෑන් ෂක් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවට අද (7) පැමිණිලි කළේය.
ඝාතනයට ලක්වූ බි‍්‍රතාන්‍ය ජාතිකයාගේ සහෝදරයකු වන නසීර් කුරාම් සමග දිවයිනට පැමිණ සිටින ෂක් අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ මෙරට අන්තර් පාර්ලිමේන්තු සංගම් නියෝජිතයින්ට එම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
මේ ගැන නිසි පියවර ගන්නා බව එම කාර්යාලය ඔහුට දැන්විය.
තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු සැකකරුවෝ අට දෙනෙක් මේ ඝාතනය සම්බන්ධයෙන් ඇප ලබා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තවමත් ප‍්‍රාදේශීය සභා සභාපති ද? අනේ? (අ)
මේ කළ දේ ගැන අපිටත් කණගාටුයි (අ)
මෙහෙම දේවල් වුණහම සංචාරකයෝ එයිද අපේ රටට? (නි)
මේක ලංකාවනේ... (නි)
එයාව අල්ලලා සුදු මහත්වරුන්ටම භාරදෙමු. (නි)
සයිමන් මහත්තයෝ ඔබ විතරක් නොවේ අපිත් නොසතුට පළකරනවා. (නි)
උඩ පැන්නොත් බිම වැටෙන්නම වෙනවා. (නි)
අයියෝ සල්ලි (දී)
මෙන්න අපේ නීතියේ උතුම්බව විදහාපාන අවස්ථාවක් (ස)
සුද්දන්ට එන්න කියමු. අපේ රට බලන්න කියමු (ස)
මොනවා වුණත් කළු සුදු භේද නම් හොද නැහැ. (නි)
එන්ගලන්තයේ ඉන්න අපිට හරිම ලැජ්ජයි. (නි)
සුදු කලු භේදයක් අවශ්‍ය නැහැ. ඇයි නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රමාද? (නි)
තවමත් ඔහු සභාපතිද? (නි)
බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට මෙහෙම නම් අපි වගේ සාමාන්‍ය කෙනෙකුට කොහොම වෙයිද? (නි)
නීතියෙන් සාධාරණයක් ඉටු වෙනු ඇති. එහෙත් පසුගිය දිනක මේ ග්‍රීසියේ සලොනිකි නගරයේ නිවසක අබිරහස් ලෙස ඝාතනය කළ තරුණයා ගැන සොයන්න කව්රුවත් නැද්ද? මෙරට සමග රාජ්‍ය මට්ටමේ කිසිම සම්බන්ධතාවක් නැති නිසා මෙහි සිටින අප මෙවැනි සිදුවීම් වලදී තව තවත් අසරණ වන බව ලංකාදීපය තුලින් හෝ දැනුවත් කරන්නේ නම් මැනවි. (නි)
එන්න, බලන්න, දකින්න ආශ්චර්‍යයක මහත (ස)
අපිත් කනගාටුව පල කරනවා (දී)
මහා මැතිවරණයේ සිට පළාත් පාලන මැතිවරණය දක්වා ඒ ඒ පක්ෂවලින් ඉදිරිපත්වෙන අපේක්‍ෂකයින්ව වැඩි මනාපවලින් පත්කරන්නේ ජනතාවයි. මැතිවරණ වලදී සෑම පක්ෂයකම නුසුදුස්සන්ටම වැඩි මනාප දෙන්නේ ඇයි ? (නි)
මේ මන්ත්‍රීතුමාට කියන්න තව ටිකක් ඉවසන්න කියලා. අවුරුදු 2500ක් ගියත් තවම හැදෙන්න බැරි වුණ නිසා තව කල් ඕනෑ අපට. (නි)
අයියෝ! මටත් දැන්නම් ලංකාව එපාවෙලයි තියෙන්නේ. (නි)
තවමත් ගත්තෙ නැද්ද පියවර? (නි)
අයියෝ! අවුරුදු දෙකයිනේ තවම. (නි)
අනේ මන්දා (දී)
මෙයයි අපේ චින්තනය... (නි)
අපිත් අනුමත කරන්නේ නැහැ ඒ වැඩේ මහත්තයෝ (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. සභාපතිතුමාව පැමිණිල්ලේ සාක්කිකරුවෙක් කරන්න බැරිද? (නි)
ඔවු අපිත් මේ සිද්ධිය ගැන කණගාටු වෙනවා. (නි)
අපේ ලංකාවෙ අහිංසක දරුපවුල්කාර තරුණ පියෙක්ව ලන්ඩන් වලදී කලු දමරිකයෙක් විසින් අමානුෂික ලෙස ගහල මරල දාපු වෙලාවෙ ඒකට ලැබුනෙ දෑවුරුදු හිර දඩුවමක් විතරයි. ඔන්න ඒ රටේ නීතියත් වැඩකරන විදිය. (ස)
සුදු මන්ත්‍රීතුමනි, මගේ රට කියලා මේ පැත්ත ගන්න අවශ්‍ය නැහැ මට. මමත් එකගයි ඔබ සමග. (නි)
මෙයත් අපේ උතුම් බව විදහා දක්වන සිදුවීමක්නේ. (නි)
මෙන්න නියම මිනිස්සු. ලෝකයේ කොහේ හිටියත් තමන්ගෙ රටේ කෙනෙකුට අසාධාරණයක් වුණහම පුද්ගලිකව හෝ මැදිහත් වෙනවා. (නි)
අපි කිසිම කෙනෙක් මේ වගේ දේවල් වලට කැමත නැහැ. (නි)
කෝ අර සුද්දන්ට බනින අය ..ඉගෙන ගන්න පුළුවන්නම් මෙන්න අවස්ථාව (ස)
චමින්ද, අවුරුදු දෙකක සිර දඩුවම ඇප දීමට වැඩියෙන් හොදයි මට නම්. (නි)
මොනතරම් නම් කණගාටුදායක සිදුවීමක්ද? (නි)
ඔන්න ඕකයි තත්වය ...හැබැයි අපිලු උතුම්ම ජාතිය (ස)