සෞදියේ නිවෙසකින් පැන ගිය බව කියන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනකු නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා සෞදි රියාල් 22000ක් (රුපියල් 743404.20) අවශ්‍ය බව එරට අල් රියාද් පුවත්පත කියයි.
මේ ශ්‍රමිකයන් දෙදෙනා සේවය කළ නිවසින් හොරෙන් පැනවිත් ඇති බවට නිවෙස් හිමියා විසින් පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
සිය පැමිණිල්ලෙන් ඔහු කියා ඇත්තේ ගිවිසුමකට අනුව මේ දෙදෙනා තම නිවසේ රැකියා සඳහා පැමිණි බවයි. ඔවුන් එම ගිවිසුම කඩ කර පැන ගොස් ඇති බව ද ඔහු කියා ඇත.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ මේ දෙදෙනා රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සිටින බවයි. ඔවුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නම් ගිවිසුම කඩකරමින් හොරෙන් පැන යාම සහ ලියකියවිලි සඳහා වැය වන මුදල ගෙවිය යුතු බවත්, එම මුදල එක් අයකුට රියාල් 11000ක් බවත් එම මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවතම ප්‍රවෘත්තිය එම මුදල සෞදි ජාතිකයෙක් ගෙවා ඇත. එමෙන්ම දෙදනාම ලංකාවට එවීමට අවශ්‍ය කටයුතු තානාපති කාර්යාලය මගින් සැකසා ඇත .(නදී)
මේ අය ඇන්න පැන්න සංවිධාන යේ ලොක්කෝ දෙන්නෙක් වටග්. දැන් ඉතින් මේ මුදලුත් ලංකවේ අපි තමයි ගෙවන්න වෙන්නේ.(නදී)
ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසුව බලෙන් රදවාගෙන සේවයේ යොදවා ගන්නා සේවකයන්ට ලංකාවට යාමට ඇති ක්‍රමවේදය කුමක්ද? (නි)
මේ පිස්සු කතා කරනවා. ලංකාවේ ගිවිසුම් ගහපු කී දෙනෙක් ඇවිල්ල සෞදි වල මාට්ටු වෙලා ඉන්නවද? මේ කට්ටිය ඒගොල්ලන්ගේ ගෙවීම් ගැන විතරක් කතාකරනවා. අපේ ලොක්කන්ට මොලේ කොහෙද දන්නේ නැහැ මේවට උත්තර දෙන්න. මේක තනිකර වහල් බාවයක්.(නදී)
ලංකාවේදී අත්සන් කරන ගිවිසුම් මෙහෙදී වලංගු නැහැ. මේවා එජන්සි වල අය හොදහැටි දන්නවා. දුප්පත් කෙනෙක් ලක්ෂයකට වැඩියෙන් ගෙවලා මෙහෙ ආවට පස්සේ නැවත ලංකාවට හැරිලා ගියොත් ඒ මුදල නැවත එජන්සි අය දෙන්නේ නැහැ. ජාත්‍යන්තර ප්‍රශ්න වලදී සෞදි අරාබිය ලංකාවට ගොඩක් උදව් කරනවා. ඒ නිසා අපේ ඔය ප්‍රශ්න කවුරුත් ගණන් ගන්නේ නැහැ (නි)
මම කුවේට් වැඩ කරන්නේ. හැමෝම කියන කතාවක් තමයි සෞදියේ තියෙන්නේ තිරිසන්නුන්ටට් වැඩිය බයානක නීතියක් කියලා.එහෙනම් අය අපේ අය සෞදි යන්නේ? (නි)
අරාබියේ නිවෙස් වල සේවය කරන අයට ලනු දෙන්නේ අපේම අයමලු. විදුලි,වායුසමීකරණ කාර්මිකයෙකු අදාල නිවසට ගිය විට, ඇයි නංගී අඩු පඩියට මෙතැන වැඩ කරන්නේ,හොඳ වැටුපකට රක්ෂාවක් මම සොයා දෙන්නම් කියා රවටා විවිධ විෂමාචාර ක්‍රියා වලට යොදා ගනිමින් අහිංසක ගැහැණුන් අමාරුවේ දමනවාලු. (නි)
කිසිම බුරුලක් දෙන්න නම් එපා. (නි)
සෞදියෙන් මේ වගේ දේවල් නිතර ඇසෙනවා.අද ලංකාවේ ගෑනුන්ට ගහලා තියෙන පළමු හෙණේ තමයි ලංකාවේ ඒජන්සිකාරයෝ ගෙවන ලක්ෂ ගණන් මුදල! මේ මුදල් අරගෙන මාස දෙක තුනක් වැඩ කරලා ගෙදරින් පනිනවා. පැනලා බංගලි,මලබාරි ,පකිස්තාන්, ජාතිකයොත් එක්ක ඉන්නවා. ඉදලා එම්බසියට ඇවිත් එක එක කතා කියනවා. කාට කියන්නද මේවා? (නි)
මුදල් වැය කල යුත්තේ මේ දෙන්නා ශ්‍රී ලංකාවෙන් යවපු ඒජන්සියෙන්.(නදී)
මෙහෙ වැඩ කරන එක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ. අපේ අයත් අමාරුවේ වැටෙන්නේ නැතුව දැනගෙන වැඩ කරන්න ඕනැ. (නි)
මේ අයව සෞදි ජාතිකයෙක්ම මුදල් ගෙවා බේරාගෙන ඇති බවට ආරංචියන් තියෙනවා. ඒ ගැන සොයා බලන්න මුදල් ගෙවීමට පෙර (නි)
එහෙම කියන්න එපා.(නදී)
අර රන්ජන් රාමනායක මහතා කියනවා වගේ ශ්‍රමිකයන් සෞදි වලට යවන එක නවතන්න බලදාරින් වගබලා ගන්න. එතකොට මෙවැනි අකරතැබ්බ වලට යොමු වෙන්න අවශ්‍ය නැහැ (නි)