
(සුජිත් හේවාජුලිගේ )
කැසිනෝ ඇතුළු සියලු සූදු නියාමන කිරීමේ විධිවිධාන ඇතුළත් අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ පිළිබඳ අභියෝගය රජය බාරගෙන ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා කිසිම නියාමනයක් නොතිබූ කැසිනෝ ආයතන වලට කෝටි පනහක බද්දක් අය කළේ මේ රජය බවද සඳහන් කළේය.
සූදු නියාමන කටයුත්ත පියවරෙන් පියවර කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
ගිලෙන්න යන ශ්‍රී ලංකාව වලට බැහැලා කරගහල අරගෙන යන බවත් මේ කටයුත්ත රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පමණක් කරන බවට කියන කතා පිළි නොගන්නා බවත් රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරක්කු බදු අය කරගෙන ඉවරද?
මළ ගෙවල් වල බූරුවා ගහනකොට ග්‍රාම සේවක ව පත් කරමු.
මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව බලයට ආපු ද ඉඳන් පනත් රාශියක් සම්මත කලත්, රටේ දූෂණ වංචා අඩු වෙලාත් නැහැ, රටේ ආර්ථිකය ගොඩ දාලත් නැහැ. මේ රනිල් ආණ්ඩුව ළඟදී ආසියාවේ ශක්තිමත් දූෂණ පනත සම්මත කාලෙන් පසුව තමයි මහින්දානන්දත්, අජිත් කබ්රාලුත් දූෂණ වංචා නඩුවලින් නිදොස් කොට නිදහස් කලෙත්. මොන නීතිය සම්මත කලාට වැඩක් නැහැ, නීතිය හරියට ක්‍රයාත්මක කලේ නැත් නම්... එදා ගුවන්තොටුපොළේ චන්ඩිකම් කළ රාජ්‍ය ඇමතිට නීතිය ක්‍රයාත්මක කලාද?
එතකොට ජනපති වැල් පාලමෙන් එගොඩ කරලා ඉවරවුනහමද ඔබතුමාට වලට බැහැලා කරගහල අරගෙන යන්නෙ වුනේ ???
රටට හෙන ගැහුවත් කමක් නැහැ, සූදූ වලින් කොමිස් ගහලා මඩිය තරකර ගනිල්ලා.