( තිළිණි ද සිල්වා )
සෞදි ආරාබියේදී සෞදි ජාතිකයකු ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ප්‍රියංකා ජයශංකර් නැමැති 42 හැවිරිදි ලාංකික කාන්තාවකි. ඇය සැකකාර සෞදි ජාතිකයාගේ නිවසේම සේවය කළ ගෘහ සේවිකාවකි.
සෞදි ආරාබියාවේ බුරේඩ් හි පිහිටි ඝාතකයාගේ නිවසේ දී පසුගිය සෙනසුරාදා උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවද එරට තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
මෙම වෙඩි තැබීම සිදුකළේ යැයි පැවසෙන සෞදි ජාතිකයා ලාංකික කාන්තාව ඝාතනය කිරීමෙන් පසුව ඔහු ද අදාළ ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි.
අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා 31 හැවිරිදි තරුණයකු වන අතර ඔහු මානසික ආබාධයකින් පෙලෙන තැනැත්තෙකු බවට සෞදි පොලීසිය විසින් සිදු කළ මූලික විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
ඝාතනය ලක්වූ ලාංකික සේවිකාවගේ මළ සිරුර මේ වන විට එරට අල් රාස් ප්‍රදේශයේ රෝහලක තැන්පත් කර තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණ ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් අපේ අයියලා රට ගිනි තියයිද?
සියලුම සවුදි ගෘහ සේවකයන් ආපසු කැඳවන්න , ඔවුන් අනාරක්ෂිත සේවය යෙදීම භයානකයි . ලංකාවේ හැමදාමත් පාලකයන් පම්පොරි ගහමින් නවීන වාහන ,ගෙවල් දොරවල් අරන් සැප විඳින්නේ කාන්තාවන් රටට ලබාදෙන විදේශ විනිමය නිසා , ලංකාවේ හැමදාමත් දේශපාලකයන් පොහොසත් .. රටේ මහජනතාව දුප්පත් . එකයි සංවර්ධනය .
සෞදි වලට කාන්තාවන් යවන එකට හොද ක්‍රමවේදයක් හදන්න බැරි මොකද ? එක්කෝ සෞදි වලට මිනිස්සු යවන එක නතර කරන්න. කෝ මානව හිමිකම් කතා මේවට?
උදිත, ඔබ හිතන තරම් අපේ පාලකයෝ සානුකම්පික නම් මැද පෙරදිග වහල් සේවයට ශ්‍රී ලාංකික කතුන් යවන එක මෙලහකටත් නවත්වලා. වසර 2009 පමණ අප විසින් හිටපු ජනාධිපතිට ව්‍යාපෘතියක් ඉදිරිපත් කළා මැද පෙරදිග වහල් සේවය නවතා පරිගණක අධ්‍යාපනයක් තුලින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට පුහුණු ශ්‍රමයක් ලබා දී විදේශ රැකියා වලට යවන්න. හිටපු පාලකයා අපගේ යෝජනාවට කිසිසේත් කැමති වුනේ නැහැ.