(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මුදල් ඔට්ටුවට සූදු කෙළීමේ ජාවාරමක් වටලා , කාන්තාවන් පහක් ඇතුළු නවදෙනකු , ඔට්ටු තැබීමට සන්තකයේ තබාගෙන තිබූ රුපියල් හය ලක්ෂ අනූ පන්දහසක මුදලක් ද සමග අද (18) අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ,රාජගිරිය,ඔබේසේකරපුර,තොටලග,ග්‍රෑන්ඩ්පාස් ,බණ්ඩාරනායකපුර සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවල පදිංචි (45 - 60) නවදෙනකු බව පොලීසිය කියයි.
සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පවත්වමින්,මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත,රාජගිරිය ඔබේසේකරපුර 60 වත්ත ප්‍රදේශයේ පදිංචි , එම ප්‍රදේශයේ ප්‍රසිද්ද කාන්තාවගේෙනිවසේ, කලක සිට ඉතා සූක්ෂමව මෙසේ මුදලට ඔට්ටු තැබීමේ සූදු ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd