බත්තරමුල්ලේ සෙත්සිරිපාය අමාත්‍යංශ සංකීර්ණයෙන් ඉවත් කිරීමට සැලසුම් කළැයි කියන ලිපිගොණු තොගයක් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ පරීක්ෂාවට භාජනය විය. අද (15) දහවල් ඔහුට ලැබුණු දුරකතන ඇමතුමක් අනුව සෙත්සිරිපායට ගොස් ඒ පිළිබඳව පරීක්ෂා කළ අතර එම ලිපිගොණු පොලිසියට භාරගන්නා ලෙස මන්ත්‍රීවරයා දැනුම් දී තිබේ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලියුම් බලන්නම දින සීය යයිද මන්දා? (නි)
ඔය ගමන්ම නරකද අනෙක් කට්ටියගේ ෆයිල් ටිකත් බැලුවා නම්? (නි)
මේ මහත්තුරු තමයි අපේ අනාගතේ. ඉතිහාසය නොවේ වටින්නේ අනාගතේ.(හේ)
රටට අවශ්‍ය සැබෑ වෙනස එයයි. සොරුන් ඇල්ලීම, දූෂණය වංචාව නැතිකිරීම., ජනතාවාදී නායකයින් පත්කිරීම. අපි බලාපොරොත්තුවන සැබෑ වෙනස එයයි.(හේ)
මින් ඉදිරියට අපිට විශ්වාසය තබන්න වෙන්නේ ජවිපෙ මතයි. මේ පක්ෂය මෙවර ඡන්දයෙන් විපක්ෂයට හෝ එනවා දැකීම සතුටකි. මම මේ කියන්නේ ඉහත ෆයිල් කතාව ගැන සිතලා නොවේ. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන හිතායි. (නි)
තොරතුරු දැන්වුව කෙනාට විශේෂ ස්තූතියක් පිරිනැමිය යුතුයි (දිල්)
මෙහෙමත් හොරු (දිල්)
අපේ සිංහල අයට හොඳ නරක තේරෙන්නේ නැහැ. ඔය ජේ.වී.පී එකට දොස් කියන්නේ තර්කාන්විත බුද්ධියක් නැති මන්ද බුද්ධික අය. පව් කියල තමයි කියන්න තියෙන්නේ. මේ වගේ මිනිස්සු ටික බුද්ධිමත් කරගත්ත නම් මේ රට දියුණු වෙනවා. එක තමා කරන්න බැරි කරුමේ. (අ)
ජයන්ත, පහුගිය දවස් දෙකේ සිට මා හිතුවෙත් ඔබ කියූ දෙයමයි. (අ)
චමින්ද බන්දුල,හොරුන්ගේ සල්ලි අයකරගන්න බැරි වුණත් ඔවුන්ගේ දේපල රාජසන්තක කරලා, නිවාඩුවකට ආණ්ඩුවේ බෝඩිමටත් ඇරලා අපට සතුටු විය හැකියි. (අ)
පොරොන්දු වුන පරිදි ජනතා විමුක්ති පෙරමුණ මුලිකත්වය අරගෙන. හැමෝම ඔවුන්ට සහය දීමට පෙරමුණ ගමු. (බ)
කරුණාකර ඉහත ලිපි වල අයදුම්කරුවන්ගේ නම් සහ ඦයාරූප බොද කරන්න. (අ)
මොනවා වුණත් ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙවර මේ වෙලාවේ අගය කළයුතුයි. (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)
අනේ ගොන් චමින්ද ජවිපෙ එක චන්ද්‍රිකාගේ කාලේ නෙමේද සුනාමි සහන මණ්ඩලට විරුද්ද වුණේ එහෙම නුනනම් මෙලහකට ඊලම ඇතිවෙලා උතුර නැගෙනහිර අධිකරණයට ගොස් වෙන්කළේ මේවා දන්නැතුව බොරුවට තප්පුලන්න එපා (අ)
මොකක්ද මෙතන වැරදි වැඩක් කියල කියන්නේ? නිකන් ෆයිල් හම්බ වුණා කියල මේක හොර වැඩක් කියන්නේ කොහමද? මේවා තනිකරම මඩ.(දිල්)
නිවාඩු දවසෙම ගේම දෙන්න හිතන් ඉන්න ඇති. හඳුන්නෙත්ති මන්ත්‍රී තුමනි, ඔබට ස්තුතියි මෙයට මැදිහත්වීම පිලිබඳව. (නදී)
අපිට ප්‍රශ්නේ තියෙන්නේ හදුනෙත්ති කවුද මේවා පරික්ෂා කරන්න කියන එකයි. තුන්ඩු කෑල්ලේ ආණ්ඩුව ආයෙත් ඇවිල්ලද? මේවා ගැන පරික්ෂා කරන්න. ඒකට බලය පවරපු වගකිවයුත්තෝ නැද්ද? රටේ මහජන දේපල කෝටි ගානක් ගිනි තියලා විනාශ කරපු තරුණ ජිවිත 60/70 දාහකට වගකිව යුතු මෙයාල අද මේ කුණු අවුස්ස අවුස්සා වීරයෝ වෙලා මාධ්‍ය සංදර්ශන තියන්නේ කක්කුස්සිවලවල් ගේ ඇතුලේ තියාගෙන. අපි නොදන්නා රතු මල්ලිලා. (නදී)
මෙම ලිපිගොනුවල තියෙන්නෙ මොනවද කියල හරියට නොදැන තර්ක කිරීමෙන් අැති ඵලය කුමක්ද?.(හේ)
චමින්ද විතරයි හරියටම තේරුම් අරගෙන තියෙන්නේ. අපි මේවා මඩ ගහන්න කරනවා කියල කියමුකෝ. එතකොට අර සල්ලි හොරා කාල රට පැන්න අයට මොකද කියන්නේ. එකම මතයක හිටියම ඕකයි ප්‍රශ්ණය. ඇත්ත දකින්නම බැහැ. (නදී)
කෙහෙන්හරි හොරු ටික හොයලා ජාතිය ඉදිරියට ගෙනෙනවා නම් ලොකු පිනක්. (නි)
ජේ වී පි එක එදා ඉදන්ම කරන්නේ කොහේ හරි තියන කුණු ගොඩවල් අවුස්සන එක. ඒවා අවුස්ස අවුස්සා ජීවත්වෙන්න කියක් හරි හොයා ගන්න එක. අද වෙනකල් කරපු එක හරි දෙයක් කියන්න පුලුවන්ද රට වෙනුවන්. (නදී)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙවැනි අාකාරයේ පරීක්ෂා කිරීම් සඳහා වරප්‍රසාද තිබෙනවා. එවැනි වරප්‍රසාද අැත්තේ ජනතාවගේ සුබසිද්ධිය සඳහායි (නි)
හදුන්නෙත්ති කියන්නේ කව්ද ? ඒවා බලන්න අදාල වගකිවයුතු නිලදාරීන් නැද්ද ? රට අරාජික කරන්න එපා (නදී)
ඇසල මහත්තයෝ 2005 දී ජේ.වී.පී සාමාජිකයෝ කකුල් ගෙවනකම් ඇවිදලා කරලා දීපු දේ මාස ගානකින් අමතක උනා නේද ? (නදී)
පුදුම වැඩක් තමයි. දුෂණ වංචා වලට සම්බන්ධ ෆයිල් ටික අල්ලා ගත්තහම මෙතන ඉන්න අයට රිදෙන හැටි බලමුකෝ.අනේද කියන්නේ....! (නි)
හදුන්හෙත්ති දැං පොලීසියේද? (නදී)
ලිපිගොනු යනු වැරදි දෙයක්ද, පරණ ලිපි ගොනු විනාශ කරන්න බැරිද? (නදී)
රටේ අනාගතය බාරදිය යුත්තේ ජේ.වී.පී. එකටයි. ඔවුන් ජාතික ධනය නාස්ති කරන්නේ නැහැ (නි)
තවම ඉතින් මේ සිද්ධවෙලා තියනවා කියන දුෂණ වංචා ගැන කිසිම පියවරක් අරගෙන නැහැනේ. තවමත් පක්ෂ වල පටලැවිලි ලිහමින් ඉන්නවා බලන්නයි අපිට වෙලා තියෙන්නේ. (නි)
ඔයාල වැරදි හොය හොය තව අවුරුදු 2ක් වත් අදින්න. රටට වැඩක් කරන්න හිතන්න එපා. චන්ද්‍රිකාත් කලේ ඕකමයි අව්රුදු 11ක්. අපේ ගොන් හරක්ටත් හරි සතුටුයි ඔය වගේ ගොන් පාට් වලට. දැන් හෙව්වා කියල සල්ලි ආණ්ඩුවට අයකර ගන්නද? (නදී)
කාගෙන් බේරුනත් හොරුන්ට වංචා කාරයන්ට ජේ වී පි එකෙන් ගැලවුමක් ලැබෙන්නේ නැහැ (නදී)
ඇසල, අපේ රටේ පසුගිය කාලයේ ඉතිහාසයේ කවදාවත් නොතිබුන ලෙස රාජ්‍ය දේපල සහ සම්පත් නාස්තිය සහ අපහරණයට හසු වුනා. ඒවා ගැන එලි කරන්න බය නැති කවුරු හරි මේ රටේ ඉන්න ඕනා. මම ජ වී පෙ ට කවදාවත් ඡන්දය දීපු කෙනෙක් නෙවෙයි. හැබැයි අපේ රටේ මෑත අතීතයේ සිදු වූ මහා පරිමාන මහජන දේපල කොල්ල කෑමට විරුද්ධව ඔවුන්ගේ ක්‍රියා කාරිත්වය අගය කරනවා. (නදී)
ජවිපෙ ඉන්නකම් මේ රජයට උනත් හොරු ආරක්ෂා කරන්න ලැබෙන්නේ නැහැ. අකමැත්තෙන් හෝ අල්ලලා අදිකරණය ඉදිරියට ගෙන එන්න සිද්ද වෙනවා. (නදී)
ෆයිල් එකක් අත ගාපු ගමන් මෙතන කි දෙනෙක් කුලප්පු වෙලාද ? වැරදි කරන්න හොඳයි. හැබැයි ඒවා හොයන්න බැහැ. එතකොට ඒවා මඩ. රට වටේට ගසා කාපු අයට හෝයියා අයත් ඉන්නවා නේ (නදී)
ජේ වී පි එකේ ඉන්නෙම හොරුනේ 88/89 මතකද (නදී)
ජේ.වී.පි සමග රට පෙරට (නදී)
තව කොච්චර මෙහෙම දේවල් වෙලා ඇද්ද? (නි)
පාරමී , පරණ ලිපිගොනු විනාශ කිරීම සහ අදාළ සාක්ෂි විනාශ කිරීම අතර සම්බන්ධතාවයක් තිබෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒ නිසා අපි 50% සම්භාවිතාවයකින් මේ ගැන හිතුවොත් හොඳයි නේද ? (නි)
මේවා ගැන පරීක්ෂා කරන්න ඊටම බලය පැවරූ වගකිවයුත්තෝ නැද්ද? (නි)