(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
පාරිභෝගිකයා වෙත රුපියල් 130 බැගින් අලෙවි කිරිම සඳහා අවශ්‍ය දුඹුරු සීනි තොග මේ වනවිට සතොසට නිකුත් කර ඇති අතර හෙට සිට ලංකා සීනි සමාගම මගින් සමුපකාර සමිති වෙත නිකුත් කරන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
රටේ සීනි මිල ඉහළයාම හේතුවෙන් පාරිභෝගික ජනතාව පත්ව ඇති අසීරුතාවෙන් මුදවාගැනීමට මෙම පියවර ගත් බව දුරකතනය ඔස්සේ අදහස් දක්වමින් වක්කුඹුර මහතා පැවසුවේය.
සෙවනගල, පැලවත්ත සහ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන සීනි, ලංකා සීනි සමාගම විසින් බෙදා හරිනු ලබයි. රටපුරා ඇති සියලුම සමූපකාර වෙළඳසැල් සහ සතොස අලෙවිසල්වලින් රුපියල් 130ට සීනි මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
‘ලංකා සීනි සමාගම සතු සීනි තොග මදිනම් රජය විසින් ලබාදුන් බදු සහනය යටතේ සීනි ආනයනය කර රටතුල දැනට පවතින සීනි ඒකාධිකාරියෙන් පාරිභෝගික ජනතාව මුදාගැනීමට පියවර ගන්නවා. රුපියල් පනහකට තිබූ සීනි ආනයනය බද්ධ රජය විසින් අඩු කළේ පාරිභෝගික ජනතාවට සහනයක් දෙන්නයි. නමුත් වෙලා තියෙන්නේ වෙළඳපොලේ සීනි මිල රුපියල් දෙසීය ඉක්මවලා තියන එකයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්තොට සතොස අද සිටම සීනි මිල 130 යි එක් අයෙකුට කිලෝ එකක් බැගින්
අන්තිමට යාලුවන්වයි, රු. 2000 බඩු මල්ලට තමා අැමතිතුමෝ. සිල්ලරට නැත.
හිතෙන හිතෙන වෙලාවට බඩුමිල අඩුකරනවා වැඩි කරනවා
බඩු මිල වැඩිකරන අලුත්ම සුත්‍රය.