බදාදා සිට සතොස වෙළඳ සංකීර්ණවල මත්පැන් විකිණීම සම්පූර්ණයෙන් ම තහනම් කරණ බව ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. අද යෝර්ක් වීදියේ සතොස සුපිරි වෙළඳ සංකීර්ණය පරීක්ෂා කිරිමේ දී එහි මත්පැන් අළෙවිකරණ ආකාරය දුටු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. රාජ්‍ය ආයතන විකිණිය යුත්තේ ජනතාවට යහපත් සුදුසු දේ බවත් මත්පැන් වැනි විෂ විකිණීම වහාම නතර කළ යුතු බවත් අමාත්‍යවරයා කීවේය. මතට තිත තබමින් දැනට ඇති මත්පැන් වහාම අළෙවියෙන් ඉවත්කරණ ලෙස ද ඒ මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතොසට කොහොමත් හෙණහුරා තමයි හැමදාම. මිනිසුන්ට තරඟකාරීබවෙන් බඩු ගන්න බැහැ. ඔන්න ඔහොමයි වෙන්නේ. (නි)
දැන් ඉතින් බේබද්දෝ මුළු ලංකාවෙන්ම තුරන්වෙලා යයි. (නි)
මතට තිත කියලා පටන් අරගෙන අවසන් වෙනකොට තිතට මත වෙයිද දන්නෙ නැහැ (නි)
මේක සතොසින්ම ආරම්භ කළේ ඇයි දන්නෙ නැහැ (නි)
කුමන අරක්කු වර්ගයද මේ? (නි)
ඒගොල්ලෝම මේවා නවත්වන එක හොඳයි (නි)
දින 100 ට මේවත් අදාළද? (නි)
අපිට නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ (නි)
අරක්කු නවත්වපු ගමන් ස.තො.ස . පාඩු ලබන්න පුලුවන් (නි)
තේරුමක් නැති වැඩක්. මූලිකවම සතොස කියන්නෙ අමාරුවෙන් ඇදගෙන යන ආයතනයක්. ඒ වගේ තැනක තියෙන්න ඕන මේ වගේ ටිකක් ලාභ ප්‍රතිශතය වැඩි ද්‍රව්‍ය. මත්පැන් වලින් ඒක කවර් වෙනවා. මේකෙන් වෙන්නෙ එක දෙයයි. ඒ ලාභය නැතිවීම විතරයි. බොන්න ඕන කෙනා කොහොමත් බොනවා. මිනිස්සුන්ට සන්දර්ශන පෙන්නන්නෙ නැතිව මත්පැන් විකුණලා ඒ ලැබෙන ලාභයෙන් වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩයක මිල අඩු කිරීමයි කලයුතු (නදී)
බොහොම විමසිල්ලෙන් සිටියුයුතු කාලයක් (නි)
ඇමතිවරුන් පරිපාලනයේදී වඩාත් බුද්ධිමත් වියයුතුය (නි)
මත්පැන් විකිණීම සීමා කළයුතුයි. නමුත් සතොස විතරයි මිනිස්සුන්ට විශ්වාසයක් ඇතුව නියම අරක්කු බෝතලයක් ගන්න තිබුන තැන.අනිත් ගොඩක් තැන්වල තියෙන්නේ වස විෂ සහිත වඩාත් නරක ඒවා.එනිසා මෙවැනි තීරණ ගන්නකොට බුධිමත්ව සිතා තීරණ ගතයුතුයි.(හේ)
කන්න නැති කාළේ බොන්නවත් තිබුණා. මෙදා පාර ඒකත් නැති වුනා .(හේ)
විශිෂ්ටයි! (නි)
අනික් සුපර් මාර්කට්වලට මේ නීතිය නැද්ද? (බ)
කාලෝචිත ක්‍රියාවක්. බේබද්දන්ගෙන් රට බේරගන්න. (බ)
පිස්සු හැදෙනවා (බ)
ඉතා හොඳ දෙයක් (බ)
ඔබගේ ක්‍රියාව ඉතා අගය කළයුතුයි. අනෙකුත් ඇමතිවරුත් මත්ද්‍රව්‍ය පිටුදැකීමට කටයුතු කරන්න ඕනෑ. ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා මරණාසන්නව දුක්විඳින මහරගම පිළිකා රෝහල ඇතුලු අනෙකුත් රෝහල් වල සිටින රෝගීන් ගැන විස්තර මහජනතාවට හෙළිකර මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන සැබෑ ප්‍රතිඵල මිනිසුන්ට පෙන්වාදීම අනිවාර්යයෙන් කරන්න ඕනැ. නැතුව වැහුවට විතරක් වැඩක් වෙන එකක් නැහැ. (නි)
සමහර අයගේ වැඩ දැක්කහම හිතෙන්නේ තමන්ගේ තනතුර ලෝකයේ තිබෙන ලොකුම කෙරුමගේ තානාන්තරයක් වගේ හිතාගෙන කටයුතු කරන බවයි. (නි)
මතට තිත කියලා පටන් අරගෙන අන්තිමට තිතට මත නම් වෙන්න එපා (නි)
වරදවා හිතන්න එපා. මේකෙන් වෙන්නේ හොර අරක්කුකාරයන්ගේ මඩිය තරවෙන එක. පළමුවෙන්ම ඒවා නවත්වලා මෙතෙනට එන්න ඕනෑ. ලෝකයේ කිසිම රටක අරක්කු නවත්වනවා කියන එක විහිළුවක්. වියයුත්තේ නීත්‍යානුකූල නොවන විදිහට ඒවා පවත්වාගෙන යන එක නවත්වන එකයි. (නි)
නියම වැඩක්නේ! අනෙකුත් සියලුම සුපර් මාර්කට් වලත් මත්පැන් විකිණීම වහාම නවත්වන්න. (නි)
මේක හොඳ දෙයක් හැටියට මම දකින්නේ නැහැ. බොන මිනිහා සතොසේ මත්පැන් නැහැ කියලා නොබී ඉන්නේ නැහැ. වැඩි ගානක් දීලා විශ්වාස නැති තැනකින් හරි අරගෙන බොනවා. ඊට වඩා හොඳ නැද්ද විශ්වාසවන්තකම සහ සාධාරණ අයකිරීම යන දෙකටම ප්‍රසිද්ධ සතොස වගේ තැනකින් මේවා ලබාගන්න පහසුකම් සැළසීම? (නි)