(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
ඇය මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම්දී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
පෞද්ගලික හේතු මත තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව ඒ ලිපියෙන් ඇය දැනුම්දී ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
ඉෂිනි වික්‍රමසිංහ මහතා එම තනතුරින් මීට පෙරද ඉල්ලා අස්වීමට උත්සාහ දරා තිබිණ.එහෙත් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තුත් එක්ක වැඩ කරන්න බැරුව වෙන්න ඇති.
රට මෙච්චර අවපාතයකට යන්න මැයත් තරමකින් දායක වුනා.
වෙන ඔක්කොටම වැඩිය අර යහපාලනය කාලෙදි අල්ලපු අලි ටික සර්ටයි සර් වගේම කට්ටියටයි ආයෙත් බාර දෙන්න එකඟ වුණ හින්දා.
පන්සල් වලට අලි පැටවූ හොරෙන් දාල ගිහින් කියලනේ නීතිය හමුවේ කීවෙ. අපි නම් දන්නේ මෙහෙම දාල යන්නේ බලු පැටවූ බළල් පැටවූ විතරයි. මේ වගේ මුසාවාද කියන්න හොඳද මන්ද?
දැන් රජයට පොට පෑදුනා. මේ තනතුරට දේශපාලුවන්ට කොන්ද නවන කෙනෙකු දාගනීවී. 69 ලක්ෂය පැතූ යුක්තිය කෝ?
පින්නවල අලි අනාථාගාරය අලින්ටත් දැන් නරක කාලයයි
ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ වැඩිමහල් සොහායුරා වන ටීඑන්එල් රූපවාහිනියේ සභාපති ශාන් වික්‍රසිංහ මහතාගේ දියණියයි. ඇය පසුගිය ජනාධිපතවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ සටනේ කැපී පෙනෙන භූමිකාවක් කළ කාන්තාවකි. අලි පැටවුන් සොරකම් කිරීම සහ නීති විරෝධීව ළඟ තබා ගැනීම සම්බන්ධ නඩු කටයුතු හේතුවෙන් රජයේ භාරයේ සිටි අලි පැටවුන් 14 දෙනකු අදාළ චෝදනා ලත් පුද්ගලයන්ටම භාර දීම සඳහා රජයේ නීතිපතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් ඇය මෙලෙස ඉල්ලා අස්වී ඇතැයි අන්තර් ජාලයේ පලවී ඇති වාර්තාවල දක්වා ඇත. මෙලෙස නිදහස් කරනු ලබන අලි පැටවුන් කිහිප දෙනෙක්ම අප රටේ ප්‍රභල දේශපාලන පවුලක කිහිප දෙනෙකුටම අයත් බවද එම වාර්තාවල සඳහන්ව ඇත.