(අංජුල මහික වීරරත්න)
සත්‍ය, සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත පිළිබඳ මල්වතු, අස්ගිරි මහා නා හිමි ප්‍රසාදය පළ වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංග ගුණවංස මහතා ඇතුළු නිලධාරීන් මෙම පනත් කෙටුම්පත තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන්ට සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නා හිමියන්ට පිළිගන්වා තිබේ.
පනත් කෙටුම්පත පිළිබඳ ප්‍රසාදය පළ කළ උන්වහන්සේලා එය තවදුරටත් සමාලෝචනය කර ඒකාබද්ධ අදහසක් ඉදිරිපත් කිරීමට ද එකඟ වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අංශ ප්‍රධානී (ප්‍රතිපත්ති) ආචාර්ය සී.වයි.තංගරාජා, මහජන සම්බන්ධතා විධායක දනුෂි ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නීති විධායකයන් වන යස්මදා ලොකුනාරංගොඩ, දුලාන් දසනායක, සම්බන්ධීකාරක එස්. ඩී. කොතලාවල යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සත්‍ය සමඟිය සහ සංහිඳියා පනත් කෙටුම්පත මහා නා හිමිවරුන්ට