මරණාසන්න රෝගීන්ට සතුටින් ,විනෝදයෙන් මෙලොවින් සමුගෙන හැකි ගිලන් නිවාසයක් ඇමෙරිකාවේ බෝල්ට්මෝර් හි ග්‍රිල් ක්‍රිස්ට් ප්‍රදේශයේ තිබේ.
එම ගිලන් නිවාසය භාරව සිටින්නේ ඒ පිළිබ විශේෂඥ උපාධි ලබා ඇති එක කුස උපන් නිවුන් සෙහොයුරිටන් දෙදෙනකි. එක් අයෙක් ටීනාය අනෙක් සොහොයුරිය ජිනාය.ඔවුන් දෙදෙනා මාරුවෙන් මාරුවට දිවා රාත්‍රී එහි සේවය කරති.
ගිලන් නිවාසයේ සේවය වසර 16 කි .එහි ඇති ඇදන් සංඛ්‍යාව 34 කි. සෑම සතියකම ඉන් තිස්දෙනකු මෙලොවින් සමු ගනති.
වේදනාවෙන් තොරව සතුටින් මෙලොවින් සමුගැනීමට අවශ්‍ය පරිසරය ඔවුන්ට ලබා දීම සමුගැනිමට අවශ්‍ය සියළු පරිසරය ඔවුන්ට ලබා දීම අපේ මුලික සේවාවයි.
මරණයට බිය නොවී එයට මුහුණදෙන ආකාරයත් මරණය අපේ ජීවිතයේම කොටසක් බව ඒ ජීවිත වලට අවබෝද කර දීමත් අපේ සේවයට අයිතියි.
ඉතා සතුටින් අපේ සේවය මරණාසන්න රෝගීන්ට ලබා දෙන බව නිවුන් සොහොයුරියන් දෙදෙනා කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඇත්තන්ට නැවත මව් කුසක ඉපදෙන්නේ නැති තත්‍වයකට හිත පත්කරන්න පුඵවන්. උපදිනවා කියලා කිව්වත් වැරදියි. උපදින්නේ නැහැ කියලා කිව්වත් වැරදියි. ඒ දෙක අතර තත්‍වයකට සිත පත්වෙනවා. ඒ තත්‍වයට ඔය ඇත්තො පත්වෙනවා කියන්නේ රහත්වෙලා. ඔය ඇත්තෝ ඒ සදහා එක දෙයයි කරන්න අවශ්‍යය. ඒ තමයි මානසික වශයෙන් සියල්ල සමග තියෙන බැදීම අත්හැරීම. එය තමයි රහස. ඒ තමයි මේ ලෝකයේ පහලවන සියඵම බුදුරජාණන් වහන්සේලා ලෝකයට දෙන පණිවුඩය. ඉතින් ඒ බව ඔය ඇත්තො තේරුම් ගන්න. ඒ සදහා සිත පුරුදු කරන්න. එවිට අපේ ජීවිතය බොහොම අගේට හැඩ වැඩ වෙනවා. වෙනස් වෙනවා. අපි හිතන විදිහ වෙනස් වෙනවා. මෙතෙක් කලක් ඔය පණිවුඩය දක්වා අපිට එන්න බැරිවුනේ අපි හිතන විදිහ මේ පැත්තට හරවා ගත්තේ නැති නිසා. දැන් ඔය ඇත්තන් හිතන විදිහ වෙනස් කර ගන්න සුදානම් වෙන්න. (නි)
සතුටින් ජීවත් වෙන්න ක්‍රමයක් තමා හොයා ගන්න ඕනෑ (නි)
සත්වයින් අතුරින් උත්තරීතරම සත්වයා මනුෂ්‍යයා බවත්, ඒ මනුසතාගේ මුලු ජීවිතයම ගිලන් නිවාසයක් බවත්, ඒ තුල ජීවත්වන මනුෂ්‍යයාට සත්‍ය අසත්‍යය හදුනාගෙන තම චිත්ත පාරිශුද්ධිය ඇතිකර ගනිමින් තම ජීවිතයේ යතාර්ථයට මුහුණ දෙන්නේ කෙසේද යන්නත් තේරුම්ගෙන, වේදනාවෙන් තොරව සතුටින් මෙලොවින් සමුගැනීමට අවශ්‍යය පරිසරයක් තම ජීවිතය තුල ගොඩනගා ගන්නේ කෙසේදැයි ඉතා පැහැදිලිව අතීතයේ පැමිනි වක්තෘවරුන් බුදුවරුන් පෙන්වා දුන් අතර ඒ විශ්වාසය තහවුරු කරමින් අවසානයට පැමිණි වක්තෘවරයාණන් වු මුහම්මද්තුමාණන් එය පැහැදිලිව ප්‍රායෝගිකව ලෝකයට පෙන්වාදුන් නිසා, ඉස්ලාම් ධර්මය අනුව ඒ විශ්වාස පද්ධතිය ගොඩනගාගෙන ජීවත්වන මුස්ලිම් සමාජයට මෙවැනි ගිලන් නිවාසවල අවශ්‍යතාවයක් නොමැත්තේය.මන්දයත් ඔවුන් ඉපදෙන්නේනත් සතුටින්ය. මරණයට පත්වන්නේත් සතුටින්ය. (නි)
ලංකාවටත් ඔය වගේ 1000 ක් තිබුනත් වැඩි නැහැ. (නි)
දිසා, නියම කතාව (නි)
ලංකාවට මේක හරියන්නේ නැහැ. වැඩි හරියක් මැරෙන්නේ ත්‍රීවීල් වලයි ප්‍රයිවෙට් බස් වලයි ගිහින්නේ. ඒ ගොල්ලන්ට ඔය උපදෙස් අහ අහා ඉන්න වෙලාවක් නැහැ. (නි)
අරුණ,බෞද්ධයන්ට නම් මෙය අරුමයක් නොවේ කියලා ඔයා කිවුවට බෞද්ධයන්, ස්වාමින් වහන්සේලා කරන දේවල් ඇහෙනකොට ඇත්තටම මේක අරුමයක් තමා. අනේ මන්දා ? (නි)
මරණය දැක දැක , එවන් වූ ඉරණමක් ළඟා කරගන්නට හේතුවූ කරුණු ගැන අවදානය යොමුවීම වඩා වැදගත් (නි)
මම අත්දැකීමෙන් කියන්නේ. කියන තරම් සුන්දර නැහැ ඕවා. දවසක් වැඩ කළොත් සතියක් කන්න හිතෙන්නේ නැහැ. (නි)
ලංකාවේ ජිනා මැඩම්ගේ කෙරුවාව අපි දැක්කනේ.අපි නම් ඔය දේවල් විශ්වාස කරන්නෙ නැහැ. (නි)
වෙන්න බැරි දෙයක්නේ. සතියකට 30 ක් මැරෙනවද? (නි)
මරණය යනු මනස පංචේන්ද්‍රියන් සමග ඇති සම්බන්ධය විසන්ධි වී විඥානයේ ඇති දේවල් සමග චිත්ත සංස්කාර පමණක් ඇතිවන තත්වය හෙවත් 'ස්මරණය' ඇති වීමයි. මෙහිදී කය විනාශ වන අතර මනසේ පැවැත්මට අවශ්‍ය අහාරය හෙවත් 'චිත්ත සංස්කාර' ඇතිවන හෙයින් මනස නොමැරේ. චිත්ත සංස්කාරද නවත්වා මනස විනාශ කිරීම යනු උතුම් වූ නිර්වාණයයි. (නි)
පණ යන වැඩක්නේ මේකත්. (නි)
හොද දෙයක් මේ කරන්නේ. ලංකාවෙත් බ්‍රාන්ච් එකක් අරිනවා නම් මටත් ජොබ් එකක් දෙන්න කියන්න (නි)
මරණය අපේ ජීවිතේම කොටසක් බව ඒ ගොල්ලෝ අවබෝධ කරලා දෙනවලු. අපේ පුද්ගලික බස් කට්ටිය ඕක සෑහෙන්න අපට අවබෝධ කරලයි තියෙන්නේ. (නි)
ජිනා නම් හොදට ඇති කොහොමටත්.(නදී)
එක පැත්තකින් මේක විකාරයක් කියලා පෙනුනත්, ඉතාමත් ප්‍රයෝගික, අධ්‍යාත්මික මෙහෙවරක් කියා සිතේ. මෙලොව උපන් සෑම මිනිසෙක්ම, මිනිසෙක් විලස මියයාමට පෙරුම් පුරයි. (නි)
බෞද්ධයන්ට නම් මෙය අරුමයක් නොවේ. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව බුදු පියානන් මැනවින් දේශනා කර තිබේ (නි)
මේකේ බ්‍රාන්ච් එකක් ලංකාවේ ඇරියොත් හොදම තැන තමයි පාර්ලිමේන්තු ආපන ශාලාව (නි)
මේකේ ශාඛාවක් ලංකාවෙත් පටන් ගන්න බැරිද දන්නේ නැහැ. මැරෙනකොටවත් සතුටින් මැරෙන්න (නි)
බෞද්ධයන්ට මේක අරුමයක් තමයි. එයාලා ඉතින් වැඩියෙන්ම මැරෙන්නේ ඇන කොටාගෙන නේ. (නි)