කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ දක්ෂ වෛද්‍යවරු නොව අති දක්ෂ වෛද්‍යවරු සිටිති. එහෙත් හොඳ උපකරණ නැත.
ශල්‍යාගාරයක ඇඳක් වයර වලින් ගැට ගසා සෙලෝටේප් ඔතා තිබේ.
පසුගිය වසරේ 2441 සාර්ථක සැත්කම් ඉදි කළේ උපකරණවල දැඩි හිඟයක් මැද්දේය.
සැත්කමින් පසු රෝගියා සිහි ගැන්වීමට භාවිතා කරන යන්ත්‍රයක්, නවීන ශල්‍යාගාර ලාම්පු, අතිරේක ල්‍යාගාරයක්, ශල්‍ය ඇඳක් වසර ගණනාවක සිට ඉල්ලා ඇතත් මෙතෙක් ලැබී නැත.
දැනට ඇත්තේ එක්දහස් නමසිය හැට ගණන් වල ලැබුණු ලාම්පුවකි.
මෙම ඒකකයේ ප්‍රධානියා වනුයේ ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන පිටරටවල් දැනුවත් කළා නම් ඒ අයගේ සහය අනිවාර්යයෙන්ම ලැබෙනවා. (නි)
සෞක්‍ය සේවය ඉහල ප්‍රමිතියෙන් යුක්තයි ලංකාවේ (දී)
අපි පත්තර වල මේවා දැක්කත් ලොකු ලොකු අයට මේවා බලන්න යන්න වෙලාවක් නැහැ (නි)
මත්තල ගුවන් තොටුපළ විවෘත කිරීමට තව ඇත්තේ දින එකයි දෙකයි තුනයි .... (නි)
කරුණාකර නිකරුණේ කරන වියදම් නවතා ප්‍රයෝජනවත් වැඩක් කරන්න. (නි)
කොච්චර ඔහොම කලත් අන්තිමේදී සුළු අත්වැරදීමක් සිදුවුණොත් අපේ මහජනතාව වෛද්‍යවරුන්ට බනින්නේ බල්ලන් ගානටය. නමුත් මාධ්‍යයෙන් කරන අනගි සේවාව නම් වැඩි දෙනෙක් අගයන්නේ නැති පාටය. වෛද්‍යවරු කොච්චර කාර්යබහුලද? කොච්චර නිදිවර්ජිතව සේවය කරනවද යන්න ගැන ගොඩාක් දෙනා දන්නේ නැත. වෛද්‍යවරයා වුවත් කායිකව හා මානසිකව වෙහෙසුනාම අත්වැරදීම් සිදුවිය හැකියි. (නි)
වගකිවයුත්තන්ගේ අවධානය පිනිසයි. මොන දේ කළත් වැඩක් නැහැ මේ වගේ දේකට විසදුම් දෙන්න බැරුව. (නි)
සෑම් හරි. දියුණු රටක දිනකට වෛද්‍යවරයෙක් බලන්නේ ලෙඩුන් 20ක් වගේ ගාණක්. ලංකාවේ 500ක් විතර බලනවා. (නි)
මිනිස් ජිවිත අනතුරේ දාන්න එපා (දී)
සෑම් කිවුවා වගේ ලංකාවේ දොස්තරලා ගණන ජනග්‍රහණයට සාපේක්ෂව අඩුයි. (නි)
ඔන්න තියෙනවා දියුනුව (දී)
"කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ දක්ෂ වෛද්‍යවරු නොව අති දක්ෂ වෛද්‍යවරු සිටිති." මේ කතාව නම් සහතික ඇත්ත. ගල්ෆ් වලට ආපු දවස් වල අපි මේක අත්දැකීමෙන්ම දැනගත්තා. (නි)
රෝගීන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා (දී)
ආසචර්යය (දී)
ලැම්බොගිනි, ෆෙරි වගේ කාර් ගුවන්යානා වල පවා ගෙන්වන රටක මෙහෙම වෙන්න බැහැනේ. (නි)
කෝ අර හැමදේකටම හුරේ දාන කට්ටිය අද ගොළුද? (නි)
මෙවැනි දේවල් සොයා බැලීම රෝහල් බලධාරීන්ගේ වැඩක්. මොනවා වුණත් දක්ෂ වෛද්‍යවරුන්ට අපේ ප්‍රණාමය! (නි)
කෝ අර හුරේ දාන කට්ටිය අද ගොළුද? (නි)
යම්කිසි ගුවන් සේවා සංවත්සරයක් වෙනුවෙන් කෝටි එකහමාරක් වැය කළා කියලා මම දැක්කා පත්තරේක තියෙනවා. (නි)
අනවශ්‍ය වියදම් නවත්වලා මේ වැඩ වලට සල්ලි දෙන්න (දී)
ඒ වුණාට බලන්නකෝ අපේ ලොකු ඇත්තන් පාවිච්චි කරන කාර් වල ගණන්. (නි)
ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ හැම රටකම ඉස්පිරිතාල ඔහොම තමයි. (නි)
ඇයි අර එක්තරා නාම පුවරුවක නමක් වෙනස් කරන්නත් ලක්ෂ 10ක් විතර ගියැයි කියලා කතාවකුත් තියෙන්නේ. (නි)
මිනිස්සු න්ගේ ජිවිතත් එක්කයි මේ සෙල්ලම් කරන්නේ (දී)
කරුණාකර මෙම වෛද්‍යතුමාගේ අන්තර්ජාල ලිපිනය හෝ දුරකතන අංකය ලබාදෙන්න. (නි)
අදාළ බළධාරීන් මේ පිළිබදව කඩිනමින් අවධානය යොමු කරයි කියලා හිතනවා. (නි)
වරායවල් සහ ගුවන් තොටුපළවල් හදන්න නාස්ති කරන සල්ලි මේ වගේ දේකට දුන්නා නම් මොකද වෙන්නේ? ලොකු ලොක්කන්ගෙ කෙනෙක් ලෙඩ වුණොත් නම් ඇමරිකාවේ, එංගලන්තෙ අරන් ගිහින් හොඳ කරගෙන එයි . අපිට තමයි මෙහේ ආශ්චර්ය බලබලා ඉන්න වෙන්නේ. (නි)
හැකිනම් වෛද්‍යතුමාගේ ඊ මේල් ලිපිනය පළකරන්න. (නි)
පොඩ්ඩක් ඉවසන්න. ආශ්චර්යයට ආපු ගමන් ඔය සේරම ලැබෙයි. (නි)
සල්ලි නැද්ද ඒ බඩු ගන්න (දී)
ඕක මොකක්ද? අපිට අධිවේගී මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල් තියෙන්නේ. (නි)
ඔය භාණ්ඩ ටික කීයක් විතර වෙනවද? මම කැමතියි ආධාර කරන්න. (නි)
ඔන්න ලංකාවේ වැඩ (දී)
කාටද මේ අවනඩුව කියන්නේ (දී)
මිනිස්සු තමයි අසරණ වෙන්නේ මේ වැඩ වලින් (දී)
අළුතින්ම රෝහලක් හැදුවා නම් හරි. (නි)