රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙනත් ස්ථානයකට ගොන ගොස් සති දෙකකටත් වඩා ගත වුවද එහි නව දුරකතන අංක ප්‍රසිද්ධ නොකිරීමෙන් රාජ්‍ය සේවකයෝ දැඩි අපහසුතාවකට පත්ව සිටිති.
ඔවුන්ගේ නව දුරකතන අංක රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයටවත් ලබා දී නැතැයි අප කළ විමසීමකදී රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සඳහන් කළේය.
රාජ්‍ය සේවා කොමිෂන් සභා වෙබ් අඩවියේ තවමත් සඳහන් වන්නේ පරණ අංක වන අතර ඒ අංක සියල්ල වැඩ කරන්නේ නැත.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ එහි ලිපිනය ලෙස සඳහන් කර ඇත්තේ ද පැරණි ලිපිනයයි. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිසමේ කාර්යාලය දැන් ස්ථාපිත කර ඇත්තේ බත්තරමුල්ලේ බවයි.
රාජ්‍ය සේවා කොමිසමේ අලුත් අංක මෙතෙක් ප්‍රසිද්ධ කර නැති නිසා මෙම චෝදනාව සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසීමට ද නොහැකි විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රා.සේ.කො කියන්නේ. කිසිම වැඩක් නොකරන සුදු අලියෙක්. මේ තරම් රාජ්‍ය සේවය පිරිහෙනවද එතන හොඳ නම්. දුරකතන අංක, ලිපිනය තිබුණත් කරපු වැඩක් වත් කරන වැඩක් වත් නැති නිසා අවුලක් නැහැනේ.
ස්තිර් කොමීස්මක්. හැමදාම අහිකුණ්ඨ යො වගේ තමයි .තැන තැන . බිල්ඩ්න් කුලියෙන් සබාපතිට ගාණ කැපෙනව ඇති.
වැඩ්ක් කල , කරණ තැනක් නෙමෙයි .වැඩක් කලා නම් රජයේ සේවය මෙහෙම පිරිහෙනවද . දුරකතන අංක ,ලිපිනය තිබුනත් මොටද.