පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) තෙවැනි සතියේ තරග අවසන් වන විට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවිය. වෙස්ලි විදුහල දෙවැනි ස්ථානයේ පසු වෙයි.
ශාන්ත පීතර සහ වෙස්ලි විදුහල් සහභාගි වූ තරග තුනම ජය ලබා ප‍්‍රසාද ලකුණු 16.5 බැගින් ලබා සිටින අතර ශාන්ත පීතර විදුහල උත්සාහක දිනුම් අනුව පෙරමුණේ පසුවෙයි. ශාන්ත පීතර විදුහල තරග තුනේදී උත්සාහක දිනුම් 18 ක් ද, වෙස්ලි විදුහල තරග තුනේදී උත්සාහක දිනුම් 15 ක් ද, සම්පූර්ණ කර තිබේ.
පසුගිය වසරේ ලීග් සහ පිළිමළුන් පිටු දැකීමේ ශූරයන් බවට පත්වූ ඉසිපතන විදුහල තරග තුනම පරාජයට පත්ව අවසන් ස්ථානයේ පසුවීම කැපී පෙනෙන සිද්ධියක් බවට පත්ව තිබේ.
ප‍්‍රසාද ලකුණු සටහන - පළමු කොටස ‘ඒ’ කාණ්ඩය
| පාසල | තරග | ජය | පරාජ | වි.තො | ලැ.ල | දු.ල | අ.ප‍්‍ර | ප‍්‍ර.ල | සාමා. |
| ශා. පීතර | 3 | 3 | - | - | 124 | 46 | 1.5 | 16.5 | 5.50 |
| වෙස්ලි | 3 | 3 | - | - | 95 | 64 | 1.5 | 16.5 | 5.50 |
| ත‍්‍රිත්ව | 3 | 2 | - | 1 | 90 | 16 | 1.5 | 14.0 | 4.67 |
| ධර්මරාජ | 3 | 2 | - | 1 | 90 | 62 | 1.0 | 13.5 | 4.50 |
| විද්‍යා විදුහල | 3 | 1 | 2 | - | 67 | 58 | 2.0 | 9.0 | 3.00 |
| ශා. ජෝශප් | 3 | 1 | 2 | - | 66 | 102 | 0.5 | 7.5 | 2.50 |
| ශා. අන්තෝනි | 3 | 1 | 2 | - | 61 | 104 | 0.5 | 7.5 | 2.50 |
| රාජකීය | 3 | 1 | 2 | - | 51 | 74 | 0.5 | 7.5 | 2.50 |
| කිංග්ස්වුඞ් | 3 | - | 3 | - | 49 | 78 | 1.0 | 4.0 | 1.33 |
| ඉසිපතන | 3 | - | 3 | - | 53 | 91 | 0.5 | 3.5 | 1.67 |
කෙටි යෙදුම්: වි.තො - විසඳුමකින් තොර, ලැ.ල - ලැබු ලකුණු, දු.ල - දුන් ලකුණු, අ.ප‍්‍ර - අතිරේක ප‍්‍රසාද ලකුණු, ප‍්‍ර.ල - ප‍්‍රසාද ලකුණු, සාමා. - සාමාන්‍යය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීතර මෙවර ජයග්‍රහණය ලබනවා! (නි)
වෙස්ලි අනිවාර්යයෙන්ම දිනනවා. (නි)