කොළඹ - මාතර ශීඝ්‍රගාමි දුම්රියක් ධාවනය කැරෙයි. මුල්ම ගමන (22) උදේ 6.05 මරදානෙන් පිටත් වී උදේ 8.50ට මාතරට ළඟා වන බවත් මාතරින් පස්වරු හතරට පිටත් වී පස්වරු 6.40ට මරදානට ළඟාවන බවත් දුම්රිය ගමනා ගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි තව තව දියුණු වේවා ! (ස)
සුපිරි මගට එන්න
වෙල්ගම මහත්තයෝ,අනේ කරුණාකරලා උදේ හවස වැඩට යන කාර්යාල දුම්රිය වල ෆෑන් ටික හයි කරලා ඒවා රූං ගාලා කැරකෙන්න හදල දෙන්නකෝ. සැමන් ටින් එක වගේ ඇතුළේ තැම්බෙනවා මහත්තයෝ.එව්වගේ යන්නෙත් රටේ බදු ගෙවන මිනිස්සු.බොරු නම් හවස 5 ඉදන් කොටුවෙන් අඹේපුස්ස මීරිගම මීගමුව යන කෝච්චි ටිකට නැගලා බලන්න. (නි)
වෙල්ගම මහත්තයා හවසට අපි යන කාර්යාල දුම්රියක ගියා නම් අපි විදින දුක ඇස් දෙකෙන්ම බලාගන්න තිබුණා. (නි)
පැය තුනකින් කොළඹ යනව කියන්නේ ලොකු දියුණුවක්. අපි කෝච්චියේ ගිය කාලේ පැය හතරහමාරක් අඩුම ගනනේ ගතවුණා. හේතුව වෙන කිසිම දෙයක් නෙමෙයි සංවිධානයේ තිබුණ මදි පාඩුකම්. උදාහරණය විදියට කෝච්චිය ගාල්ලේ විනාඩි 15- 20 නතරකරලා තියෙන එක සාමාන්‍ය දෙයක්. (නි)
අන්න අලුත් කතාවක් හරියට ජර්මනියෙ වගේ..!(නු)
මට මාතර යන්න කවුරුවත් නෑනේ..(ස)
මම හිතුවා ප්‍රතිසංස්කරණයෙන් පසුව මේ දුම්රියවලට පැයට කිලෝමීටර 100 ක වේගයෙන්වත් යන්න අඩුම වශයෙන් 90ක්වත්.. එහෙම උනානම් පැය දෙකකට අඩු ප්‍රමාණයකින් යන්න තිබුණනේ..මොකද වෙලා තියෙන්නේ..?(නු)
නියම වැඩ. (නි)
දුම්රියේ නමට "මාතර චණ්ඩියා" කියලා දාමුද? (නි)
මොකද්ද මේ දුම්රියේ නම ....? (ස)
වැඩේ නම් නියමයි
මම මේ දකින්නේ පත්තරේ දැන්වීමක්ද? නැත්නම් හීනයක්ද?
අපි යෝජනාකරනවා මේ දුම්රිය සතියේ දිනවලද ධාවනය කරන මෙන්..!(නු)
පටන්ගන්න කොට හරියට යයි.. පස්සේ හැමදාම පරණ විදියම තමයි..!(නු)
කොළඹ - මාතර ශීඝ්‍රගාමි දුම්රියක් ධාවනය කැරෙයි, මෙයට ශීඝ්‍රගාමීයැයි කීම කණගාටුවට කරුණකි. (නි)
අනේ මන්දා ලංකාවේ දුම්රියනේ..වෙලාවටත් කලින් යයි.(ස)
ජයන්ත, දුම්රියේ නම "නයන කුමරී". (නි)
කියන විදියට වෙනවානම් හොඳයි ඉතින්..(ස)