එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා සහය වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් බළගණ භටයන් 104 දෙනකු සහ එම් අයි 17 හෙලිකොප්ටර් යානා තුනක් සමඟ කණ්ඩායම් දකුණු සූඩානය අනුයුක්ත කොට ඇතැයි ගුවන් හමුදාව කියයි.
මෙම කණ්ඩායමට එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා තුනක් සහ ගුවන් නියමුවන්, දෙදෙනකු ඉංජිනේරුවන් ඇතුළු 10 කාර්ය මණ්ඩල පිරිසක් ඊයේ (06) දකුණු සූඩානය බලා පිටත් වූ බවත් වින්ග් කමාන්ඩර් විශ්ව සාමන්ත මහතා මෙම කණ්ඩායමේ අනදෙන නිලධාරියා වශයෙන් කටයුතු කරන බව ද ගුවන් හමුදාව පවසයි.
කණ්ඩායමේ සෙසු පිරිස ලබන 21 වැනි දින පිටත්ව යෑමට නියමිත බවත් ගුවන් හමුදාව සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා තෝරා ගැනීමට රටවල් රැසකින් අයදුම් පත් කැඳවන බවත් එම රටවල් අභිබවා ශ්‍රී ගුවන් හමුදාව මේ සඳහා සුදුසුකම් ලැබීම මුළු ශ්‍රී ලංකාවම ලැබූ ජයග්‍රහනයක් බව ද ගුවන් හමුදාව කියයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2009 දී පරාජිත හමුදාවක් ජයග්‍රාහී වීමේ ප්‍රතිපලයක් (නදී)
අර කලින් කතා කළ නුවන් ගැන මේ කියන්නේ. තමන් නොදන්නා දේවල් ගැන කතානොකර ඉන්නවා නම් තමා හොඳ. (නි)
නුවන්ලා වගේ අය ඉන්නකන් මේ රට ඉස්සරහට යන්නේ නැහැ තමා. (නි)
දුමින්දට මොකක්හරි අසනීපයක්ද? හොඳ සිහියෙන්ද ලියන්නේ. (නි)
ඇසළ, මෝඩ කතා කියන්න එපා. දැන් හමුදාවෙ කෙනෙක් අද රෑ ඔබගේ ගෙට පැනලා අපරාධයක් කළොත් ඔහුව නීතිය හමුවට ගෙනඒමත් 'රට ජාතිය පාවාදීමක්ද'?'යුධ අපරාධ' කියන්නෙත් ඒ වගේම අපරාධ තමා.ඇයි යුධ අපරාධ කළ අයව නීතිය ඉදිරියට ගේන්න එපා කියන්නේ? (නි)
ඇසල, මේක පොඩ්ඩක් අහන්න , යුද්දය කියන්නේ අපරාධයක් . යුද්දයක් වෙද්දී අපරාධ වෙනවා . කිසිම රටක් ඒ වුණ දේ හෙළි කරන්නේ නැහැ .(ම)
මම වෙන නුවන් කෙනෙක්. ඇසළගේ අදහස 100% ක් අනුමත කරනවා. (නි)
ශ්‍රේෂ්ඨ හමුදාවක් ඉන්න අපේ රටට ආඩම්බරයක්. ඩයස්පෝරාවට කණේ පහරක් (නි)
ලෝකෙන් කොන්වෙලා තිබුන රටක් නැවතත් ලෝකයට ගෙනයාමට හැකිවීම ගැන හැමෝම සතුටුවිය යුතුයි (නි)
හරිම සතුටුයි (නි)
ගුවන් හමුදාවට මගේ සුබ පැතුම්! ප්‍රවේශමෙන්! (නි)
ඉන්දික, ඕඩර් කරන එක නම් මහා කජ්ජක් නෙමෙයි, අපිට වුණත් සල්ලි අතේ තියෙනව නම්. අනික ඕවා අපි බදු ගෙවපු සල්ලි. මීට කලින් තිබුණු ආණ්ඩු වලිනුත් එක එක ප්‍රමාණ වලින් ආයුධ ඇණවුම් කළා. රාජපක්ෂ මැතිතුමාගේ වාසනාව තමයි සිංහල ජනතාව අතරේ වීරයෙක් වීම. අවාසනාව තමයි රටේ ප්‍රධානතම සුළු ජන කොටස අතරේ සදාකාලික සතුරෙකු වීම. (නි)
කාටද නම්බු ? අපේ රටට (නදී)
මේ මොනවා කලත් යුද්ධය අවසාන කාලයේ යුධ අපරාධ කල සුලු පිරිසට එරෙහිව දඩුවම් කලයුතුයි. ඔවුන් හමුදාවේ සහ රටේ නාමය කලු කලා. යුධ අපරාධ වුනේ නෑ කියා කාටත් කියන්න බෑනේ. ශාක්ෂි තියෙනවානේ. (නදී)
මෙම හෙලිකොප්ටර් ඕඩර් කරේ රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ. මේ යානා කලිනුත් දුන්නා ගුවන් බටයන් සමග කලින් ආණ්ඩුව තියෙන කොට යු.එන් එකට. දැන් කෑගහනවා සල්ලි නාස්ති කරා කියලා කලින් ආණ්ඩුව. ඔය දීපු හෙලිකොප්ටර් 3 ගත්තේ කොහොමද දන්නේ නැහැ (නදී)
සුදෙල්මි, කොටියා වනසපු නිසා නැවත ලෝකයට ගෙන යාමට හැකිවුණා.එතකොට අපේ කලින් ලොක්කා අමතක කරන්න බැහැ.(නදී)
නුවන් කොටියා බාප්පද. කොටි කරපු ඒවා අපරාධ නෙමෙයිද. වීර සිංහල හමුදා නිලධාරීන් කරපු ඒවා හොයන්න යන්නේ. සාක්කි තියනවා නම් තියාගන්නවා ජාතිය රට පවා නොදී. එකම දෙමල මිනිහෙක් වත් කියනවද කොටි අපරාධ කරා කියල. (නදී)