IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සූඩානෙ සාමෙටත් අපේ ගුවන් භටයෝ

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා සහය වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් බළගණ භටයන් 104 දෙනකු සහ එම් අයි 17 හෙලිකොප්ටර් යානා තුනක් සමඟ කණ්ඩායම් දකුණු සූඩානය අනුයුක්ත කොට ඇතැයි ගුවන් හමුදාව කියයි.

මෙම කණ්ඩායමට එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා තුනක් සහ ගුවන් නියමුවන්, දෙදෙනකු ඉංජිනේරුවන් ඇතුළු 10 කාර්ය මණ්ඩල පිරිසක් ඊයේ (06) දකුණු සූඩානය බලා පිටත් වූ බවත් වින්ග් කමාන්ඩර් විශ්ව සාමන්ත මහතා මෙම කණ්ඩායමේ අනදෙන නිලධාරියා වශයෙන් කටයුතු කරන බව ද ගුවන් හමුදාව පවසයි.

කණ්ඩායමේ සෙසු පිරිස ලබන 21 වැනි දින පිටත්ව යෑමට නියමිත බවත් ගුවන් හමුදාව සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා තෝරා ගැනීමට රටවල් රැසකින් අයදුම් පත් කැඳවන බවත් එම රටවල් අභිබවා ශ්‍රී ගුවන් හමුදාව මේ සඳහා සුදුසුකම් ලැබීම මුළු ශ්‍රී ලංකාවම ලැබූ ජයග්‍රහනයක් බව ද ගුවන් හමුදාව කියයි.

DSC_0163 DSC_0171 DSC_0173 DSC_0184 DSC_0200 DSC_0204



අදහස් (0)

සූඩානෙ සාමෙටත් අපේ ගුවන් භටයෝ

දුමින්ද Sunday, 07 June 2015 02:13 PM

2009 දී පරාජිත හමුදාවක් ජයග්‍රාහී වීමේ ප්‍රතිපලයක් (නදී)

:       0       0

කාංචන Monday, 08 June 2015 04:28 AM

අර කලින් කතා කළ නුවන් ගැන මේ කියන්නේ. තමන් නොදන්නා දේවල් ගැන කතානොකර ඉන්නවා නම් තමා හොඳ. (නි)

:       0       0

කාංචන Monday, 08 June 2015 04:34 AM

නුවන්ලා වගේ අය ඉන්නකන් මේ රට ඉස්සරහට යන්නේ නැහැ තමා. (නි)

:       0       0

හේමන්ත Sunday, 07 June 2015 03:19 PM

දුමින්දට මොකක්හරි අසනීපයක්ද? හොඳ සිහියෙන්ද ලියන්නේ. (නි)

:       0       0

නුවන් Sunday, 07 June 2015 03:33 PM

ඇසළ, මෝඩ කතා කියන්න එපා. දැන් හමුදාවෙ කෙනෙක් අද රෑ ඔබගේ ගෙට පැනලා අපරාධයක් කළොත් ඔහුව නීතිය හමුවට ගෙනඒමත් 'රට ජාතිය පාවාදීමක්ද'?'යුධ අපරාධ' කියන්නෙත් ඒ වගේම අපරාධ තමා.ඇයි යුධ අපරාධ කළ අයව නීතිය ඉදිරියට ගේන්න එපා කියන්නේ? (නි)

:       0       0

සංජය Monday, 08 June 2015 05:16 AM

ඇසල, මේක පොඩ්ඩක් අහන්න , යුද්දය කියන්නේ අපරාධයක් . යුද්දයක් වෙද්දී අපරාධ වෙනවා . කිසිම රටක් ඒ වුණ දේ හෙළි කරන්නේ නැහැ .(ම)

:       0       0

නුවන් Sunday, 07 June 2015 08:10 PM

මම වෙන නුවන් කෙනෙක්. ඇසළගේ අදහස 100% ක් අනුමත කරනවා. (නි)

:       0       0

ටිරෝන් Sunday, 07 June 2015 10:48 AM

ශ්‍රේෂ්ඨ හමුදාවක් ඉන්න අපේ රටට ආඩම්බරයක්. ඩයස්පෝරාවට කණේ පහරක් (නි)

:       0       0

සුදෙල්මි Sunday, 07 June 2015 11:00 AM

ලෝකෙන් කොන්වෙලා තිබුන රටක් නැවතත් ලෝකයට ගෙනයාමට හැකිවීම ගැන හැමෝම සතුටුවිය යුතුයි (නි)

:       0       0

යෝනක Sunday, 07 June 2015 11:06 AM

හරිම සතුටුයි (නි)

:       0       0

ටෙන්සිල් Monday, 08 June 2015 01:09 AM

ගුවන් හමුදාවට මගේ සුබ පැතුම්! ප්‍රවේශමෙන්! (නි)

:       0       0

ලලිත් Monday, 08 June 2015 01:15 AM

ඉන්දික, ඕඩර් කරන එක නම් මහා කජ්ජක් නෙමෙයි, අපිට වුණත් සල්ලි අතේ තියෙනව නම්. අනික ඕවා අපි බදු ගෙවපු සල්ලි. මීට කලින් තිබුණු ආණ්ඩු වලිනුත් එක එක ප්‍රමාණ වලින් ආයුධ ඇණවුම් කළා. රාජපක්ෂ මැතිතුමාගේ වාසනාව තමයි සිංහල ජනතාව අතරේ වීරයෙක් වීම. අවාසනාව තමයි රටේ ප්‍රධානතම සුළු ජන කොටස අතරේ සදාකාලික සතුරෙකු වීම. (නි)

:       0       0

වයිකෝ Sunday, 07 June 2015 12:09 PM

කාටද නම්බු ? අපේ රටට (නදී)

:       0       0

නුවන් Sunday, 07 June 2015 12:26 PM

මේ මොනවා කලත් යුද්ධය අවසාන කාලයේ යුධ අපරාධ කල සුලු පිරිසට එරෙහිව දඩුවම් කලයුතුයි. ඔවුන් හමුදාවේ සහ රටේ නාමය කලු කලා. යුධ අපරාධ වුනේ නෑ කියා කාටත් කියන්න බෑනේ. ශාක්ෂි තියෙනවානේ. (නදී)

:       0       0

ඉන්දික Sunday, 07 June 2015 12:29 PM

මෙම හෙලිකොප්ටර් ඕඩර් කරේ රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ. මේ යානා කලිනුත් දුන්නා ගුවන් බටයන් සමග කලින් ආණ්ඩුව තියෙන කොට යු.එන් එකට. දැන් කෑගහනවා සල්ලි නාස්ති කරා කියලා කලින් ආණ්ඩුව. ඔය දීපු හෙලිකොප්ටර් 3 ගත්තේ කොහොමද දන්නේ නැහැ (නදී)

:       0       0

පියලාල් Sunday, 07 June 2015 12:42 PM

සුදෙල්මි, කොටියා වනසපු නිසා නැවත ලෝකයට ගෙන යාමට හැකිවුණා.එතකොට අපේ කලින් ලොක්කා අමතක කරන්න බැහැ.(නදී)

:       0       0

ඇසළ Sunday, 07 June 2015 01:25 PM

නුවන් කොටියා බාප්පද. කොටි කරපු ඒවා අපරාධ නෙමෙයිද. වීර සිංහල හමුදා නිලධාරීන් කරපු ඒවා හොයන්න යන්නේ. සාක්කි තියනවා නම් තියාගන්නවා ජාතිය රට පවා නොදී. එකම දෙමල මිනිහෙක් වත් කියනවද කොටි අපරාධ කරා කියල. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site