විනීතා එම් ගමගේ
සාම්පූර් හි ඩෝසර් කර විනාශ කරනු ලැබූ සුඩකුඩා චෛත්‍ය බිමේ කැණිම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බව පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා ලංකාදිපයට පැවැසීය.
මෙහි මූලික කටයුතු සොයා බැලීම සඳහා පුරා විද්‍යා කණ්ඩායමක් එහි යැවූ බව ද අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
යුද හමුදා ආරක්ෂාව යටතේ එම පුරා විද්‍යා කණ්ඩායම එහි ගිය බවත් සුඩකුඩා චෛත්‍යය පිහිටි බිමේ ‘‘ගලවා ගැනීමේ කැණිම්’’ ආරම්භ කිරීමට කටයුතු කරනු ඇතැයි ද මණ්ඩාවල මහතා කීය.
එම චෛත්‍යය යළි යම් මට්ටමකට හෝ ගොඩ නැගීමේ බලාපොරොත්තුවෙන් මෙසේ කැණීම් කටයුතු කරන බවත් එයින් සොයා ගන්නා තොරතුරු අනුව චෛත්‍යය ගොඩනැගීමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
චෛත්‍යය සොයා ගත් අවස්ථාවේ එහි ඡායාරූප ලබාගෙන ඇති බැවින් උස පිළිබඳ අදහසක් ඇති බව පැවැසූ අධ්යක්ෂ ජනරාල්වරයා කැණීම්වලින් පසු දළ වශයෙන් පරිමාණය සකස් කර ගැනීමට හැකිවේ යැයි සිතන බව ද කීය.
චෛත්‍යය යලි ගොඩනැගීමට පෙර අවශ්‍ය වුවහොත් විද්වත් මතයක් ලබා ගැනීමට කටයුතු කරන බවත් මුළුමනින්ම නොහැකි වුවත් යම් තරමක් හෝ එම චෛත්‍යය ගොඩ නැගීම පුරාවිද්‍යා අංශවල අදහස යැයි ද ඔහු කීය.
පුරා විද්‍යා අංශ මඟින් මතු කරගනු ලැබූ සාම්පූර් සුඩකුඩා චෛත්‍යය එසේ මතු කරගත් දිනට පසු දිනම යම් පිරිසක් විසින් ඩෝසර් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක හදනවට වැඩිය ලොකු වැඩ තියෙනව ඔබලාට. විනාස කරන්න ඉඩ තියෙන තැන ඉක්මනින් හැකි ඉක්මනට ඡායාරුප අරගෙන තොරතුරු රැස් කිරීමත් ආරක්ෂාව සැලසීමත්. තියෙන සම්පත් ටික හරියට පාලනය කරගෙන කටයුතු කල යුතුයි.
උතුරේ සහ නැගෙනහිර තිබුණු සහ පුරාවිද්‍යා තොරතුරු මත පදනම් වූ මුලාශ්‍ර අනුව තිබුනා යයි ඔප්පු කල හැකි සියලු බෞද්ධ නටබුන් පිළිසකර කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
වෛර නොකරමු අපි එකතු වී නැවත ගොඩ නගමු අවෛරයේ සංකේතය ලෙස, එලෙසම ද්‍රවිඩ ජනතාවගේ කෝවිලද සුදුසු ස්ථානයක මේ ආසන්නයේම ඉදිකර දෙමු හින්දු සහ බෞද්ධකම එකට පෑහී ඇති නිසා වෙනි........
මෙම දාගැබ යලි ගොඩ නගන එක ඉතාම හොඳ අදහසක්. අපේ පුරාවස්තු අනාගත දරුවන්ට දැකගන්න තියන්න ඕන. ඒක විතරක් මදි. මෙම දාගැබ 2017 වර්ෂයේ අන්තවාදීන් විසින් බිමට සමතලා කල බවත් පුර විද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්ව මෙය යලි ගොඩනැගු බවත් ගල් පුවරුවක සටහන් කර තබන්න ඕන. මෙය නැවත ගොඩනැගීමට අවශ්‍ය මුදල් මහජන අරමුදලකින් හොයාගන්න පුළුවන්.
මෙය ඉතාමත් අගනා ක්‍රියාවකි. සියලු දෙනාගේම ආගමික අයිතීන් සුරැකිය යුතුය. එය රජයේ වගකීමකි.
කඩා දැමූ පිරිස සොයාගැනීමත් ඔවුනට දඩුවම් දීමත් වැදගත්
මේ චෛත්‍ය විනාශ කරපු පවුකාරයන්ට කර්මයෙන් කිසිම ගැලවීමක් නැහැ. කරත්තයක බැඳපු ගොනා පසුපස එන කරත්ත රෝදය වගේ කර්මය පලදෙනවා දෙනවාමයි.