(දීපාල් සිල්වා)
අම්බලන්ගොඩ තානායම අසල මුහුදු තීරයේ දියනාමින් සිටි වෛද්‍ය යුවළක් ඇතුලු පස්දෙනෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
එම පිරිස අතර සිටි වෛද්‍ය යුවළ ඇතුළු පිරිස බේරා ගත් බවත්, වෛද්‍යවරයාගේ පියාගේ පමණක් දිවි බේරා ගැනීමට නොහැකි වූ බවත් පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තලා කොල්ලෝ වගේ වෙන්න ගිහිල්ලා මුහුදේ වැඩ කිඩ දමන්න ගියොත් මේවගේ කණගාටුදායක සිදුවීම් වෙන්න තියෙන අවස්ථාව වැඩියි.
අවාසනාවන්ත සිදුවීමක් පවුලේ සියලු දෙනාටම මගේ බලවත් ශෝකය. මේ ස්ථානයේ දැන් වැලි පිරිලා වගේ... මගේ ළමා කාලය සිහිවෙනවා.
මේ දොස්තරලා ප්රවෘත්ති බලන්නේම නැත්ද? පහුගිය දින කිහිපයකම ඔය වගේම මරණ කීයක් සිදු වුණාද? ඒත් වගේ වගක් නැතුව වතුරට පනිනවා. අපි හිතාගෙන හිටියේ දොස්තරලා වෙනත් අයට වැඩිය සිහි බුද්ධියෙන් වැඩ කරන කොටසක් කියලයි.
අපි හිතාගෙන හිටියේ වෛද්‍යවරු, වතුරෙන් වෙන අනතුරු හොඳටම දන්නවා ඇතියි කියායි.
එහෙනම් මුහුදට එරෙහිව ජී.එම්.ඕ.ඒ. එක උද්ඝෝෂණය කරාවි..
මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිත දිග මෝසම කියලා උගන්වන්නේ මට මතක විදිහට හතවසරේ සමාජ අධ්‍යයනය පාඩමට වෙන්න ඕනෑ. මේ පටන්ගත්තේ දකුණ සහ බස්නාහිර මුහුදේ වාරකන් කාලේ. හරිම ප්‍රචණ්ඩයි. නැගෙනහිර මුහුද මේ දවස්වල නිහඬයි. ආයෙත් නොවැම්බර් ඉඳන් මාර්තු වෙනකම් ඊසානදිග මෝසම. එතකොට දකුණ සහ බස්නාහිර මුහුද නිහඬයි. මේ දවස්වල මුහුදේ නාන්න ආස අය නිවාඩුවක් දාල හරි ත්‍රීකුණාමලය, මඩකපුව පැත්තේ යන්න. සමාජ වගකීමක් සේ සලකා දැනුවත්වීම උදෙසා ලියා තබමි.
පළාත් පාලන ආයතන මට්ටිමින් වයස් කාණ්ඩ යටතේ පිහිණීම් කඳවුරු ආරම්භ කළොත් එය ඵලදායි විය හැකිය.
විස්තර දානකොට හරියට විස්තර හොයාගෙන නිවැරදි පුවත් දාන්න. දොස්තර යුවලගේ තාත්තලා දෙන්නම ගෙදර.. ඒ නිසා ඒ දෙන්නට අපහාස කරන්න එපා. මේ අනතුරින් මියගිය අය දොස්තර යුවලගේ ඥාතියෙක්. එම පුද්ගලයා එම අනතුරට පත්ව ඇත්තේ ළමයි අනතුරින් බේරාගැනීමට ගොස්ය.... කරුණාකර මෙය නිවැරදි කරන්න.
වෛද්‍යවරුන්ටත් මහජනතාවගේ සහයත් ඕනැවෙන බව වටහාගන්න ඕනැ. වෛද්‍යවරු නිතරම මුදලට සහ වර්ජන වලට බර නිසා...
දැන් ගිහින් වැඩ වර්ජන කොරයි වතුරට විරුද්දව. එහෙව් කට්ටිය.