(හේමන්ත රණසූරිය)
ඇතකු සමග පැවැති ද්වන්ද සටනකින් පරාජයට පත්ව කුඹුරක වැටී සිටියදී සහසිකයකු විසින් එක් දළක් කපාගෙන ගිය මහේශඛ්‍ය ඇත් රජු අද අලුයම මියගිය බව අනුරාධපුර වනජීවි පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා පවසයි.
ද්වන්ධ සටනික් පරාජයට පත් වූ මෙම ඇත් රජු කැබිතිගොල්ලෑව තිත්තගෝනෑව මොරඔය කුඹුරක වැටී සිටියදී ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමකට අනුව වනජීව පශු වෛද්‍යවරු ප්‍රතිකාර ඇරැඹූය.
දින 20ක පමණ කාලයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරදින කිසියම් සහසිකයකු පොරවකින් ගසා මෙම ඇත් රජුගේ දළක් කපාගෙන ගොස් තිබුණි.
ඒ හේතුවෙන් දැඩිව ගිලන්ව සිටි මෙම ඇතා අද උදෑසන මියගිය බව ද පශු වෛද්‍යවරු කියති.
දින 20කට ආසන්න කාලයක් ඇතාට නොකඩවා ප්‍රතිකාර කිරීම සිදු කළ බව වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සටනින් පැරදී සිටියදී දළ කැපූ ඇතා අවසන් ගමන් යයි
jagath Thursday, 07 July 2022 03:22 PM
යළිත් මෙවන් පවුකාර භූමියක නොයිපදේවා... ඔබට දිව්‍ය සැපසම්පත් ලැබේවා... සාහසික ක්‍රියාව කළ අය අල්ලා රජකාළේ දඬුවම් ලබාදෙත්වා...!