(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දහවල් මීරිගම මිනී ඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයට ගොස් මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය .

රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් හා පසුගිය කාලයේ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මීරිගම ප්‍රදේශය ඇතුළු රටේ සිදු වූ ආපදාවන් සම්බන්ධයෙන්ද මහනාහිමියන් සමඟ විපක්ෂ නායකවරයා මෙහිදී අදහස් හුවමාරු කර ගත්තේය.

අනතුරුව මාධ්‍ය අදහස් දක්වමින්  විපක්ෂ නායකවරයා සඳහන් කළේය.  වත්මන් රජය ක්‍රියාවට නංවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විධිමත් නැහැ.

තමන්ගේ මතය පමණක් ක්‍රියාවට නංවන්නට උත්සාහ කරනවා හැරෙන්න වෙනත් කිසිවකුගේ මතයන්ට ගරු නොකිරීම කනගාටුවක්.

රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.සියලු දරුවන්ට සුහුරු උපකරණ ලබා දී ආරක්ෂාකාරී අන්දමින් භාවිතා කිරීමට වැඩපිළිවෙලක් අවශ්‍ය බවද විපක්ෂ නායකවරයා මෙහිදී කීය.

විපක්ෂ නායක මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ඇතුළු ප්‍රදේශයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.