
(අංජුල මහික වීරරත්න)
දේශපාලන පක්ෂ කෙරෙහි විදේශීය මැදිහත්වීම් පිළිබඳ යුරෝපීය වට මේස සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන මහතාට ආරාධනා ලැබී තිබේ.
තුන්වන පාර්ශ්වයන්ගේ අහිතකර බලපෑම් වලට එරෙහිව පක්ෂ වල ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරන්නේ කෙසේද?යන තේමාව යටතේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී අඟහරුවාදා(29)මෙම වට මේස සාකච්ඡාව පැවැත්වේ.
මෙම වැඩසටහන කොන්රාඩ් ඇඩනවර් පදනම (KAS) සහ යුරෝපීය දේශපාලන පදනම් ජාලය (ENoP) එක්ව සංවිධාන කරයි. යුරෝපීය දේශපාලන පදනම් වල නියෝජිතයින්, යුරෝපා සංගමයේ ආයතන හා විද්වත් සංවිධාන වල විශේෂඥයින් මීට සහභාගී වන බව කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
විදේශීය තොරතුරු හැසිරවීම් හා මැදිහත්වීම්, රහසිගත මූල්‍යකරණය, සයිබර් මෙහෙයුම් සහ ව්‍යාජ තොරතුරු ව්‍යාපාර ඇතුළු අහිතකර බලපෑම් හේතුවෙන් යුරෝපයේ සහ ඉන් පිටත දේශපාලන පක්ෂ මුහුණ දෙන අභියෝග පිළිබඳ සාකච්ඡා කෙරෙන ආරම්භක සැසියේදී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා අදහස් දැක්වීමක් කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd