පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධන මහතාගේ නිවසේ සිටි අලියාට 2009 වර්ෂයේ නිකුත් කළ බලපත‍්‍රයක් ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මන්තී‍්‍රවරයාගේ නිවසේ අනවසර අලියකු රඳවාගෙන ඇතැයි ලද තොරතුරකට අනුව එහි ගිය වනජීවී නිලධාරීන්ට මන්තී‍්‍රවරයා කොළඹ සිට දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ අදාල බලපත‍්‍රය තමන් සතු බවත් එය වනජීවී කාර්යාලයට ඉදිරිපත් කළ හැකි බවත්ය.
හික්කඩුව වනෝද්‍යාන භාරකරු අසංක ගුණවර්ධන මහතා පවසන්නේ මන්තී‍්‍රවරයා කොළඹ සිට අදාල බලපත‍්‍රයේ පිටපතක් ෆැක්ස් මගින් තමන්ට ලැබීමට සැළැස්වීමෙන් පසු අලියා එම ස්ථානයේ රඳවා තමන් නිලධාරින් සමග එතැනින් ඉවත්ව ගිය බවයි.
පසුදින මන්තී‍්‍රවරයා විසින් අලියාට අයත්යැයි පවසන බලපත‍්‍රයක් කොළඹ වනජීවී කාර්යාලයට ඉදිරිපත් කැර තිබිණි. එය 2009 දී වනජීවී දෙපාර්තමේන්තුව මගින් නිකුත්කරණ ලද 207 අංකය සහිත බලපත‍්‍රයකි. එම බලපත‍්‍රයේ දැක්වෙන්නේ අලියා නාමලී නමැති හීලා ඇතින්නක විසින් බිහිකරණ ලද පැටවකු බවයි. දරු උපතේ දී පැටවා මියගිය බව ද අදාල ලේඛනයන්හි දැක්වේ.
අලියාගේ වත්මන් හිමිකරු කොළඹ හත පදිංචි අයෙකි. ඔහු අලියා මිලදී ගෙන ඇත්තේ පන්නිපිටිය ප‍්‍රදේශයේ විහාරස්ථානයකිනි. අලියකු රුපියල් ලක්ෂ 10ට විකිණීමට ඇති බව හිමිනමක් විසින් තමන්ට දැනුම් දුන් බවත් ඒ අනුව අලියා ගැන සොයා බලා එම හිමියන්ගේ විහාරස්ථානයේ දී අලියා මිලදී ගත් බවත් හිමියන් එම ගනුදෙනුවේ සාක්ෂිකරුවකු ලෙස අත්සන් කළ බවත් අලියාගේ හිමිකරු පවසයි.
වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ අදාල හිමිකරු විසින් අලියා සජින් වාස් ගුණවර්ධන මහතාගේ නිවසේ රඳවා ඇත්තේ ග‍්‍රාම නිලධාරී මහතාගේ හා ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය ද ඇතිව බවයි.
අලියා වෙනුවෙන් නිකුත් කැර ඇති බලපත‍්‍රය නීත්‍යානුකූල බලපත‍්‍රයක් වුව ද බලපත‍්‍රය ලබා ගැනීමේ දී ඉදිරිපත් කැර ඇති තොරතුරු සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ද වනජීවීන නිලධාරීහු කියති. අලියාගේ බලපත‍්‍රය නිකුත් කිරිමේ දී ඉදිරිපත් කැර ඇති ලේඛණවල සත්‍ය අසත්‍යතාව සොයා බලා නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීමට සිදුවන බව ද වනජීවී නිලධාරීහු කියති.
කෙසේ වෙතත් මේ අලියා සමග තවත් අලි පැටවකු මන්තී‍්‍රවරයාගේ නිවසේ රඳවාගෙන සිටි බවට තොරතුරු ඇතත් එය සනාථ කැර ගැනීමට මෙතෙක් හැකියාවක් නොලැබුණු බව ද හික්කඩුව උද්‍යාන භාරකරු අංසක ගුණවර්ධන මහතා පවසයි.
අලියා සජින් වාස් ගුණවර්ධන මන්තී‍්‍රවරයාගේ නිවසේ සිට වෙනත් ස්ථානයකට ගෙනගොස් ඇතැයි ප‍්‍රදේශවාසීහු කියති. උද්‍යාන භාරකරු කීවේ අලියාට බලපත‍්‍රයක් ඇති බවත් බලපත‍්‍රය නිකුත් කළ ආකාරයේ වරදක් තිබේ නම් ඒ ගැන අවශ්‍ය නීතිමය පියවර ගත යුතුයි බවත්ය. නමුත් බලපත‍්‍රයක් තිබෙන අලියකු එක් තැනක සිට තවත් තැනකට රැගෙන යාම වැළැක්විය නොහැකියි බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පුර්ණ වරද ඡන්ද දායකයෝ අතේ. මේ තරං අහිංසක කට්ටියකට විරුද්දව තමයි මේ ඡන්දෙ පාවිච්චි කරලා තියෙන්නේ තව ටික දවසකින් කියන්නේ වෙන්නේ එ් පැත්තේ කිසිම වරදක් නැති නිසා මේ පැත්තේ අපිටත් කරන්න දෙයක් නැහැනේ කියලා. ඔක්කොම පිළිවෙලට කරලා කියාවී (නදී)
තමන්ගේ ළඟ තියෙන වැරදිත් හොයන්න වෙයි අනුන්ගේ වැරැදි හොයන්න කළින් හැමෝටම(දිල්)
ඇයි එහෙනම් බලපත්‍රය ඉදිරිපත් නොකර හිටියේ දැන් වෙනකන්.(හේ)
දැන් එතකොට සජින් වාස් ට තියෙන්නේ අලියෙක් තියාගත්ත චෝදනාවද ? අපි නම් හිතුවේ සල්ලි වංචා ගැන හොයයි කියලයි .. මේවා හොයන්නද ආණ්ඩුව පෙරලුවේ ? මම නම් චන්දෙ දුන්නේ දින 100 යේ ප්‍රතිපත්තියටයි .. ඒක අමතක කලොත් සමා වෙනවා හොඳේ .. (ස)
අලියාගෙන් අහන්න සචින් ලගද, වනයේද ඉන්න කැමැති කියල... මිනිස්සු මදිවට අසරණ සතුනුත් පටලවාගෙන මුන්ගේ මොලේ අමාරු වලට. (ස)
අලි ප්‍රශ්නය අවසන්. දැන් ඊළඟට මොකක්ද? (නි)
ගොඩක් මන්ත්‍රීවරු ඇමතිවරුන් පසුගිය කාලයේ හාමුලා වෙන්න හැදුවා, ගෙවල්වල අලි තියාගෙන (නි)
මට හරි ආශාවක් තිබෙනවා බන්දුල පෙරේරාව මුහුණට මුහුණ මුණගැහෙන්න. (නි)
බලාගෙන යනකොට ඔක්කොම දැන් හොඳනේ! එතකොට නරක අපිද? (නි)
පන්නිපිටියේ අලි විකුණන පන්සලක්? ඒ කුමක්ද? දන්නෝ දනිති. ලැජ්ජාවේ බැහැ අපිට නම් (නි)
අපිට මේ ගෙදර ඉන්න බලු කුක්කටවත් කන්න යමක් දෙන්නේ බැරි කාලේක. මේ අය අලි නඩත්තු කරනවා. (හේ)
දරු උපතේ දී පැටවා මියගිය බව ද අදාල ලේඛනයන්හි දැක්වේ. මැරිච්ච පැටවා දැන් පණපිටින් ඉන්න එක ප්‍රශ්ණයක් නෙමෙයිද? (නදී)
සජින්ගේ අලියටත් බලපත්‍රයක් තිබෙනවා, අර අබලන් ගුවන් යානයටත් බලපත්‍රයක් තිබෙනවා. අන්තිමට මොනවද සොයාගත්තේ? ඉස්සරහට තව තව මඩ වැඩ ගොඩවෙයි වගේ. කොහොමත් එකම රටේ මිනිස්සුනේ! (නි)
බලයේ සිටි කාලයේ බල පත් ගැනීම සුළු දෙයක් නීති විරෝදී දෙයකට උනත් ඒක එහෙමයි. කොහොමත් මේ අයත් මෙම රජය යටතේ කිසි කරදරයක් නොමැතිව වැජඹෙනවා සිකුරුයි (නදී)
මේ දේවල් දැන්වත් නවතා දින 100 සහන ජනතාවට දෙන්න (නි)
යහ පාලනේ පැත්තට මාරු වෙන්න, සහයෝගය දක්වන්න, එතකොට ප්‍රශ්න ඉවරයි, (ස)
ෆැක්ස් මගින් බලපත්‍රය පිටපත් එවීම සැක සහිත කරුණක් වන අතර එහි මුල් පිටපත පරික්ෂා කල බැලිය යුතු බවයි මගේ අදහස . (ස)
පන්නිපිටියේ පන්සල් වල අලි බිස්නස් කරනවා වගෙයි. පන්සලක් නෙමෙයි බලනකොට මේවා සත්තු වත්තක් වගේනේ! (නි)
සල්ගාදුට ඕන එහෙම වෙන්න. රටට මොනවා උනත් කමක් නෑ. එතකොටනේ සතුටු වෙන්න පුළුවන් තමන්ගේ පැත්ත හරි කියලා. (නදී)