විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට විරුද්ධව දූෂණ විරෝධී හඬ සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ගුණවර්ධන මහතා සිය බලය අයුතු ලෙස පාවිච්චි කරමින් අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති බවට තොරතුරු ලැබී තිබෙන හෙයින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා සැකකරුට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි දූෂණ විරෝධී හඬ සංවිධානය එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටිති.
හෙලිකොප්ටර් යානා කිහිපයක් මිලදී ගැනීමට මුදල් උපයා ගත් ආකාරය පිළිබඳව ද සැකකරු මෙතෙක් තොරතුරු හෙළිකර නැතැයි එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.
දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු උතුරුමැද පළාත් සභා ජ.වි.පෙ. මන්ත‍්‍රී වසන්ත සමරසිංහ හා නීතිඥ ජානක අධිකාරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද උදේ 11.00ට පමණ පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
මේ සම්බන්ධයෙන් අප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ජගත් බාලපටබැඳි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ පැමිණිල්ල විභාග කිරීමට ප‍්‍රමාණවත් කරුණු (සාක්ෂි) තිබේ දැයි සෙවීමට ඒ කටයුත්ත නීති අංශයට පවරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමනි, වැරදි කළ සියළු දෙනාට දඬුවම් ලබාදෙන්න (නි)
එ්කනේ, ලොක්ක ෆයිල් ටික එකතුකරගෙන හිටියේ (නදී)
දැන් මෙයා විතරද එතකොට බලය අපහරණය කළේ? කෝ දැන් මීටත් ඩවා ලොකු ලොක්කන් ගැන තිබුණු චෝදනා පැමිණිලි? (නි)
ඔස්ට්‍ර්ලියාවේ තානාපති කාර්යාලවල හරියට ඉංග්‍රීසි ලිපියක් කියව ගන්න බැරි අයත් ඉන්නවා. මේවා කොහොම දුන්න පත්වීම්ද දන්නේ නැහැ. (නදී)
මේ චෝදනා ඔප්පු වුණොත්, මෙතරම් මේ පුද්ගලයාට මේවා නිදහසේ කරන්න බලය පවරාදුන් අයත් අල්ලාගන්න ඕනෑ නේද? මිනිස්සු බලය වැරදි ලෙස පාවිච්චි කරන්නේ ඒ කාර්යයට තමන්ට අනුග්‍රාහකයෙක් ඉන්න නිසානේ. ඒ නිසා වරද කළ කෙනා විතරක් නෙමෙයි එයාට උඩගෙඩි දුන් අයත් දඬුවම් ලැබියයුතු බව මගේ පුද්ගලික අදහසයි. (නි)
පොඩ්ඩක් ඉවසලා ඉන්න. එකපාර ඔක්කොම අල්ලන්න බැහැනේ! (නි)
තරාතිරම නොබලා සියළු වැරදිකරුවන් හට දඬුවම් දියයුතුයි (නි)
මගේ විශ්වාසය නම් මේ කාටවත් දඩුවම් ලබන්නේ නැහැ. මේවා ඡන්ද දායකයන් සතුටුකරවා නොමග යවන්න කරන වැඩ. (නදී)
හුනා කියනවා වගේ කියන්නේ ජේ.වී.පී හෙළ උරුමය/මාදුළුවාවේ සෝබිත හාමුදුරුවෝ කෙලින් හිටියේ නැත්නම් ඔය කාටවත් දඩුවම් ලැබෙන්නේ නැහැ පරණ විදියටම යනවා (නදී)
වැරදි කරපු අයයි , වැරදි කරන අයයි තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන එම සහ අවශ්‍ය දඬුවම් කිරීමත් මතු පරපුරටත් ආදර්ශයක්. එය යහපාලනයේ කොටසක්. ඉතින් අපි ඉතා ඕනෑකමින් බලන් ඉන්නවා ඒවා ඒ විදියටම වෙයි කියලා. දළ කාරයෝ එලියට පැන්නෙත්, ඉන්න දළ කාරයෝ රැකෙන්නෙත් රටේ දෙවැනි පුරවැසියාගේ පුර්ණ ආශිර්වාදයෙන්ද කියල අපිට සැකයි. ඒවා එහෙම නම් ඔය ඉන්නෙත් බයිලා ගහන නළුවෝ ටිකක් විතරයි. (නදී)
මේ කාටවත් දඬුවම් ලැබෙන එකක් නැහැ කියලා මට හිතෙනවා (නි)
මෙය මොනතරම් සල්ලිකාරයෙක් වෙන්නේ ඕනෑද? කොහොමහරි අවුරුදු දෙක තුනක් ලංකාවේ දේශපාලනය කරගත්තොත් ගොඩම තමයි. දෙන්න ඕනෑ පොඩි ට්‍රයි එකක්. (නි)
අපිත් හංසයාට තමයි ඡන්දය දුන්නේ. ඒත් මේ කරන පැමිණිලි ගැන විහාග කරලා දඬුවම් දෙනතුරු මේ අය ගැන විශ්වාසය තියන්න අමාරුයි (නි)
පහු ගිය ජයග්‍රහණ වලදී වැරදී කාරයෝ ගාලු මුවදොරට ගෙනත් උල තිබ්බා. බහු බූත ව්‍යවස්ථාව වෙනස් කළා. සුරිය කන්ද සමුහ මිනි මැරුම කරපු අය පෝරකේට යැව්වා. ලෝක බැංකුවේ ප්ලග් එක ගලවල බඩු මිල අඩු කරා. පාන් රුපියල් පහ කරා. මගේ අම්මෝ මොන තරම් දේවල් කරාද. (නදී)
දුමින්ද සිල්වාට එරෙහිව අල්ලන් හෝ දූෂණය කිරීමේ කොමිසමට පැමිනිල්ලක් දාන්න (නදී)
උසස් නායකයන්ව විනාශ කළ අයට දඩුවම් ලැබිය යුතුයි (නදී)
බැංකු ණයක් ඔච්චර ගානක් දෙන්නේ කොහොමද අපි ගන්න ගියහම කිලි පල්ලත් අතගාල හොයන බැංකු, එහෙමනම් වහාම බැංකුව ට එරෙහි වෙන්න ඕන (අ)
දින 100ය අල්ලස් චෝදනා විතරයි. (අ)
විදේශ අමාත්‍යාංශයේ පත්වීම් අනුමත සේවක සංඛ්‍යාවටත් වඩා විභාග වලින් තොරව පත්කල ආකාරය ගැනත් සොයන්න. (අ)
හිටපු විදේශ ඇමති ජී එල් මහතාද ? විදේශ සේවයේ පළපුරුදු අය යවන්නේ නැහැ. පැරදිච්ච දේශ පාලුවෝ යවන්නේ. කම්කරු වෘත්තියේ හිටපු අයත් තානාපති සේවයේ ඉන්නවා (නදී)
දින 100 තුළදී මේවා හැකිතරම් ඉදිරිපත් කරමු. මහජනයා ඒ මිනිස්සු ගැන කලකිරවමු. එතකොට ඡන්දෙදි එයාල පරාදයි. අල්ලස් දුෂණ චෝදනාත් අහෝසියි. කවුරු ඔතනට ගියත් ඕවා කරනවාමයි. ඒ නිසා මේ බොරු වැඩ නවත්තලා රටට වැඩක් කරමුකෝ.(අ)
පිටරටවල කන්ටේනර් රියදුරන්ට ඩොලර් වලින් හොඳ පඩි ඉතින් වාහන ගන්න බැරිද ? පැදුරේ ඉන්න කම්කරු නායකයන්ට ලිමොසින් තියෙන්නේ. (නදී)
මෙයා කොටි 17 ක් නොගෙවා ඉදලා එක පාරටම පහුගිය දවස් වල ගෙවල තිබ්බා. මෙච්චර මුදලක් බැංකුවේ දාල තිබ්බත් 5% පොලිය මසකට ලක්ෂ 7 ට වැඩියි. එ්කම කොච්චර වංචාවක් ද? (නදී)
රජයට ගිය අය ගැන හොයන්නේ නැත්තේ අඩු වෙන නිසාද කට්ටිය. (නදී)
හෙලිකොප්ටෙරය ගත්තේ බැංකු ණයක් අරගෙන කියලා කිව්වනේ. අනිත් ඒවත් අරගෙන ඇත්තේ ඒ විදියටම වෙන්න ඇති. දැන් බලාගෙන ගියාම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට විභාග කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. (නදී)