හිටපු ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන 23ක් අයථා ප්‍රයෝජනයට ගත්තැයි සැකපිට රිමාන්ඩ් කර සිටින සජින් වාස් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී හා තවත් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 17 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
2011 ඇතිවූ සෙම් අමාරුවක් ගැන කියමින් සජින් වාස් ඇප ඉල්ලා ඇතත් ඔහු 2013දී ඊට ප්‍රතිකාර ගෙන ඇතැයිද ඉන්පසු සිදුකළ ප්‍රතිකාර ගැන වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර නැතැයිද මහේස්ත්‍රාත් කියා සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය ලොව වැදගත් වෘත්තියක් වුවත් ලංකාවට අනුව පහත් පෙලේ වෘත්තියක් .....මන්ද රටේ සිදුකරන දුෂණ,මංකොල්ල වලට සම්බන්ධ ඔක්කොම දේශපාලකයෝ නිසා ..(බ)
සෙම ඇතිවෙන්නේ නැද්ද මිනිසුන්ගේ සල්ලි කොල්ලකෑවහම? මේගොල්ලන්ට දෙන්න ඕනෑ අර කොරියාවේ ජනාධිපතිගේ මාමාට දුන්නා වගේ දඬුවම්. (නි)