සජින් වාස් ගුණවර්ධන නව රජයට එක්කර නොගන්නා බවට නව රජයේ ඇමැතිවරයකු ඇතුළු දෙදෙනකු තමන්ට පොරොන්දු වූ බව හිටපු මන්ත්‍රී අජන්ත ද සොයිසා මහතාට දැනුම් දීමෙන් පසු දෙපැයක් තිස්සේ බලපිටියේ පැවැති උද්ඝෝෂණය අවසන් විය.
පෙට්‍රල් බෝතලයක් රැගෙන වහළයට නැඟ සිටි මිනිසා ද වහළයෙන් බැස්සේය.
සජින් වාස් නව රජයට එක් කර නොගන්නා බව ප්‍රකාශ වීමත් සමඟ උද්ඝෝෂකයෝ විසිර ගියහ.
වීඩියෝ - දීපාල් ද සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑත කාලයේ ලංකාවේ හිටපු උගත්, වැදගත් රටට විශාල සේවයක් කල තානාපති මහත්මයකු වන නෝනිස් මහතාට කල නිග්‍රහය ගැන පරීක්ෂණයක් වහාම සිදු කරන ලෙස මම ලන්ඩනයේ තරුණ කැල වෙනුවෙන් ඉල්ලා සිටිමි. (අ)
ජයවේවා.බලපිටිය ජනතාවට මගේ ආචාරය.(හේ)
සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය හැමෝටම තියනවා.නමුත් අර පැට්‍රොල් බෝතලයක් අරන් නටාපු එක්කෙනාට ගිනිපෙට්ටියක් දෙන්න කව්රුවත් හිටියේ නැති එක ගැනයි දුක. (බ)
අනේ අපි මේ දෙශාපලනයකට කියනවා නෙමෙයි අර උගත් බුද්දිමත් තානාපතිතුමට ගහපු මේ වගේ තුන්වෙනි පන්තියේ මිනිස්සුන්ට ඉක්ක්මනටම දඬුවන් දෙන්න කියා මම ඉල්ලනවා මේ නව රජයෙන්. හිටපු ජනපති තුමා කෑවේ මේ වගේ මොලේ නැති හරක්. (අ)
අන්න හරි මිනිසුනේ , නුඹලාට දැන් ගඳ සුවඳ දැනෙන්න පටන් අරන් නේද ? මේ වෙනස ඇති කළ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී තුමන්ලාට අපේ ප්‍රණාමය !(දිල්)
මේ වාස්ව රජයට ගන්නවානම්, ජනාධිපති වෙනස් උන එකෙන් කිසිම තේරුමක් නෑ, මේ තමයි ජරාවැඩ වැඩියෙන්ම කළ ඇමති වරයා. (බ)
මොහුට ඇති චෝදනා ඉක්මනින් විභාග කර 'ආණ්ඩුවේ බෝඩිමට' යැව්වම මේ කරදර ඉවරයි.(හේ)
අන්න වැදගත් තීරණයක්.(හේ)
අපේ රාජ්‍ය තාන්ත්‍රික සේවාවේ ගරුත්වය මින් ඉදිරියටවත් රැක ගත යුතුයි. උගත් තානාපති නිලධාරීන්ට දේශපාලක පත් වීම් ලැබූ නුගතුන් විසින් තඩිබාන සංස්කෘතිය මින් ඉදිරියටවත් වෙනස් වේවි කියල අපි බලාපොරොත්තු වෙනවා.(දිල්)
ඔක්කොටම කලින් මෙයා අර උගත් තානාපතිතුමාට පහර දුන් චෝදනාව විභාගයට ගන්න. (හේ)
මේවගේ අයත් ගන්නවා නම් ඉතින් අර සමහර වෙබ් අඩවි වල දැනටමත් කියනවා වගේ " යහමට පාලනය " තමයි !.(හේ)
ජනතාවට දැන් යමක් වැටහිලා වගේ.(හේ)
සෑම් ඔයා ගිනිපෙට්ටිය ගැන කරදර වෙන්න එපා. එයා ලග ලයිටරයක් තිබුනා. (නදී)