සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙස බල කරමින් බලපිටියේ ප්‍රදේශවාසීහූ බලපිටිය බස් නැවතුම් පොළ අසලදී අද (13) උද්ඝෝෂණයක් ඇරැඹූහ.
බලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කමල් ජයන්ත ද සොයිසා, රුහුණු ජනතා පක්ෂයේ නායක හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී අජන්තද සොයිසා යන මහත්වරු ද නීතිඥවරු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටිති.
දූෂිතයන් රජයට එක්කැර නොගත යුතු බවත් සජින් වාස් දැනටම තම රජයේ රැකවරණය ලබන බවට කතා පැතිරී යන බවත් එහිදි කියවිණි.
සජින් වාස් ගුණවර්ධන මහතා ආණ්ඩුවට එක්කර ගතහොත් ගිනි තබා ගන්නා බව කියමින් පුද්ගලයකු බලපිටිය බස් නැවතුම්පොලේ වහලේ වාඩි වී සිටියි. ඔහු අත පෙට්‍රල් බෝතලයක්ද දක්නට ඇත.
(ඡායාරූප- හේමන්ත ද සිල්වා)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය ජනතා තීන්දුවට අවනත විය යුතුය. ජනතා බලය පරම වේ . ආණ්ඩුවක් ගෙනියන්න බැරිනම් මැතිවරණයකට ගොස් එය කළ යුතු මිස දුෂිතයින් සමග කරන වැඩ අවැඩක්ම වනු නිසැකය. (බ)
අපිත් බලන් ඉන්නේ මොනවද අලුත් සන්ධානය කරන්න යන්නේ කියල. ඔය ඇවිල්ල ඉන්න කට්ටිය මාර දූථයො කියල දැනගන්න තරම් මොලයක් අලුත් සන්ධානයට ඇතිවේවා! මෛත්‍රීය වගේම ඔලුවත් පාවිච්චි කරන්න වේවි. (ස)
මේ විදිහට මෛත්‍රී පාලනයක් කරන්ඩ ගියොත් එතුමා වැඩ වරද්ද ගන්නවා .මිනිසුන් ඡන්දය දුන්නේ මේ රට හොරුන්ගෙන් බේරා ගැනීමට .එසේ නැතිව හොරුන්ව ඔඩොක්කුවේ දමාගන්ඩ නොවේ.එතුමා කළයුතු වන්නේ මේ පාලනය සොරකම් කරන ලද ඇති මහත් ධනස් කන්ධය මාධ්‍ය මගින් හෙළි කොට නැවත බල තණ්හාවෙන් දඟලන ලොක්කෝ සිරගත කොට පාර්ලිමේන්තු මැතිවරණයකට යාමයි .නැත්නම් වෙන්නේ සොරකම් කරන ලද කෝටි ප්‍රකෝටි මුදල් වැය කර ඔළුගෙඩි මාරුකර හොරු නැවත බලයට පැමිණීමයි (බ)
එ්ක ඇත්ත දූෂිතයන් රජයට එක්කැර නොගත යුතුය (බ)
මමත් මහින්ද මැතිතුමාට සහයෝගය දුන්න කෙනෙක්. එත් මේ වගේ අයවනම් කිසිම පක්ෂයකට ගාව ගන්න නරකයි. අපේ රටේ නමත් සංස්කෘතියත් විනාස කරන අය. (බ)
මෙතුමා ක්‍රිස් නෝනිස් මහතාට පහර දුන්නා පමණක් නොවේ මීට ඉහතදී දෙමළ පක්ෂ සමග තිබු දේශපාලන සාකච්ඡංවකදී ද්‍රවිඩ පක්ෂ නායකයෙකුට අසභ්‍ය ලෙස බැන වැදීම හේතුවෙන් සාකච්ඡාවත් කඩාකප්පල් උනා. යහ පාලනය කියන්නේ මෙවැනි අය කළ වැරදි වලට දඬුවම් ලබාදීම මිසක් ඉස්සර වගේ වැරදිකරුවන් ආරක්ෂාකිරීම නොවේ. (බ)
ඇත්ත තමයි මෙයාල කියන්නේ..ලංකාව ජාත්‍යාන්තරයෙත් විනාශ කළ පුද්ගලයෙක් ආණ්ඩුවට ගන්න තියා..ගන්න ඕනේ..මැගසින් එකේ වැඩට..(බ)
හරියට හරී. (ස)
ඉන්දික හරියට හරි.(හේ)
මේ දේ ගැන අවධානය යොමු කරන්න.(හේ)
ඇත්ත කතාව හොරු ආණ්ඩුවේ වැඩ වලට ගාව ගන්න එපා. යන ගමන යන්න බැරි වෙනවා.(හේ)
ඇත්තටම මමත් මහින්ද මැතිතුමාගේ පැත්තට කතා කල කෙනෙකු උනත් රටට වැඩක් නොකරපු ජාත්‍යාන්තරයත් විනාශ කළ පුද්ගලයෙක් ඔය දුෂන කර ඇත්නම් කිසිම පක්ෂයකට ගාව ගන්න නරකයි. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට වාසි අතට පනින අය ගාව ගන්න එක නම් අනතුරුදායකයි. (නදී)
ගන්න හොද නෑ මේ වගේ අය (දිල්)
මේ සාමකාමී විරෝධය අගය කරනවා. මේ විදිහට මිනිස්සු කෙලින් ඉන්න එක ගොඩක් හොදයි. එතකොට දේශපාලකයොත් දගලන්න හදන්නේ නෑ. (හේ)
මොහු සිරේ සිටිය යුතු පුද්ගලයකි.(හේ)
මේ සාමකාමී විරෝධය අගය කරනවා. මේ විදිහට මිනිස්සු කෙලින් ඉන්න එක ගොඩක් හොදයි. එතකොට දේශපාලකයොත් දගලන්න හදන්නේ නෑ.හැබැයි ගිනි තියාගන්න වගේ දේවල් කරන්න එපා. ඒ දේවල් හොද නෑ.(හේ)
අපේ රටේ රාජ්‍යතාන්ත්‍රික සේවාව කානු පල්ලට ඇදල දාපු කෙනෙකුව නම් ගාව ගන්න එපා. (බ)
ඔබ සියලු දෙනාටම හදවතින් ගරුකරනවා. (ස)
ඇත්තටම මමත් මහින්ද මැතිතුමා ගේ පැත්තට කතා කළ කෙනෙකු උනත් රටට වැඩක් නොකරපු ජාත්‍යාන්තරයත් විනාශ කළ පුද්ගලයෙක් ඔය වගේ පල් හොරැ නම් කිසිම පක්ෂයකට ගාව ගන්න නරකයි. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට වාසි අතට පනින අය නම් ගාව ගන්න එක නම් අනතුරැ දායකයි. (බ)
වාස් ආණ්ඩුවට ආවොත් කැන්සර් එකක් බද්ධ කරගත්තා වගේ තියේවි, ඒ තමා එහෙනම් නව රජයේ අවසානය. (බ)
හොඳම හොදයි. ජනතාව අවදියෙන් නම් ඔය වගේ අයව එලවන්න පුළුවන් (නදී)
ජයන්ත කියන කතාව හරි මාත් එකග වෙනවා. හොරු නැවත බලයට එන්න කලින් එයාල මහජන මුදල් කොල්ලකපුව රටට හෙළි කරන්න ඕන. නැතිනම් මහ මැතිවරනේදී අයෙත් එයාල බලයට ඇවිත් කරන්නේ රට හුරගෙන කන එකම තමයි.(හේ)
පාලිත මහින්ද බන්දුලට මොලේ පැදීම මා ඉතා අගය කරමි. (නදී)