දිවිනැඟුම ප්‍රජා මූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම්ව සිදුකරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 29 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය .
අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය, නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා,පොලිස්පති සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරින්ගේ සංගමය ගොනු කළ මෙම පෙත්සම අද චන්ද්‍රා ඒකනායක ,සරත් ද ආබෘෘ සහ උපාලි අබේරත්න යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd