තම මාසික වැටුප සහ ඉන්ධන දීමනා නිවාස සංවර්ධන අරමුදලට මාසිකව බැර කරන බවත් තමාට අමාත්‍යංශයෙන් ලැබෙන වාහන හෝ නිල නිවස බාර නොගන්නා බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (22) බත්තරමුල්ල සෙත්සිරිපායේදී අමාත්‍යංශයේ වැඩ බාරගනිමින් පැවසීය.
යහපාලනයට ආදර්ශයක් ලබාදීමට මේ තීරණය ගත් බවද ප්‍රේමදාස මහතා කීය.
මෙහිදී අනුශාසනායක් කළ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් පැවසුයේ සජිත් ප්‍රේමදාස මහතාට වැඩිපුර බණක් කීමට අවශ්‍ය නොවන බවත් තාත්තා වාගේ වැඩ කරන්නැයි යන්න පමණක් මතක් කර දෙන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩට අපේ සහාය. (අ)
කෙහෙල්වත්තේ බුදලේ බලේ ...(අ)
පඩිය නම් මොනවද නේද ? (නදී)
තාත්තා වගේ නම් කොහොමත් වෙන්න එපා.එහෙත් නිම කිරීමට හැකි නිවාස ඉලක්කයන් පමණක් ප්‍රචාරයට යොදන්න. ඔබට ජය...! (අ)
ඔබට අපේ සුබ පැතුම්! අනෙකුත් අැමතිවරුන්ටත් මෙය ආදර්ශයක් වේවා! (නි)
ඉතිහාසයේ ජවිපේ තමයි ඔය වගේ ආදර්ශයක් දුන්නේ. දැනන් සජිත් මහත්තයත් ඒ වගේ වීම හොඳයි. මෙයාලට කොච්චර කාලෙකට ඔය ප්‍රතිපත්ති ඔරොත්තු දෙයි ද දන්නේ නැහැ. (නදී)
කොහොමද ජීවත් වෙන්නේ (නදී)
ඡන්දයක් එන නිසා සමහර මන්ත්‍රීලා සිල්ගන්නත් යයිද දන්නෙ නැහැ (නි)
තාත්තාගේ හොඳ වැඩ ටික පමණක් ගන්න. එවිට ඔබටත් හොඳ ගමනක් යන්න පුළුවන් වේවි. නරක වැඩ ටික නම් මතක් කරන්නවත් එපා. පින් සිදුවේවි. එම කාලයේ සිටි ගොඩක් අය තවම ඉන්නවා (නි)
අපේ අනාගත නායකයට ජයෙන් ජය! ඔබට බුදු සරණයි! (නි)
88/89 කාලේ සජිත්ලා කරපුවා අපි දන්නවා (නදී)
සජිත් පුතා, මිනිසාගේ පරම යුතුකම මිනිසා ජීවත් කරවීමයි. ජයවේවා! (නදී)
ඊළග ඡන්දෙ එනකම් විතරයි මේ ඔක්කොම සෙල්ලම් (නදී)
හොඳ පූර්වාදර්ශයක් (නි)
මට ටයර් සෑයවලුත් මතක් වෙනවා. බුදුඅම්මෝ තත්තා වගේ නම් එපෝ. (නදී)
ඇයි මේවා කලින් කරන්න බැරිවුණේ? ඒත් කමක් නැහැ, හොඳ දෙයක් හින්දා සුබ පතනවා. කොහොමහරි හොඳ දේවල් කරලා පෙන්වන්න. ඒත් මේකත් දවස් 100ට විතරක් කරන දෙයක් නම්...... අර දීපාල් සිල්වාගේ සින්දුව තමා අපේ රටේ මිනිසුන්ට 100% ගැළපෙන්නේ ..... (නි)
දැන් ඉන්න මිනිස්සු ගොඩක් බුද්ධිමත් (නි)
ආදරණිය සජිත් මැතිඳුනි, ඔබ මතු දිනෙක අපේ රටේ ජනාධිපති වෙනවාමයි. ඔබ වැනි විරල නායකයන් බිහිවන්නේ රටේ ජනතාවගේ වාසනාවටයි. ඔබට දිගු ගමනක් යන්න අපි සුබ පතන්නෙමු. (නදී)
තාත්තා තමයි ගම්උදාව පටන් ගත්තේ. (නි)
මෙතුමා තාත්තගේ නිල කාලයේ මහජනයාට හිරිහැරවෙන ලෙස පිස්සු නැටුවේ නැහැ. පුජනීය තැන් වලට නිගරුවෙන විදියට කාර් පැද්දෙත් නැහැ. ක්‍රීඩා විනිසුරුවන්ට කණේ පහර දුන්නෙත් නැහැ. ඒ අතින් ලකුණු වැඩියි. (නි)
මේවා දකිනකොට සමහර අයට බලාගෙන ඉන්න අමාරු ඇති (නි)
1000 දීලා 10000 ගනී. පවු අහිංසකයා. (නදී)
විශිෂ්ටයි! (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
මෙන්න මිනිස්සු (නදී)
ඔබට තවත් ශක්තිය, ධෛර්ය ලැබේවා...!!!! (නි)
ඔය එක එක්කෙනා වගේ සල්ලි හෙව්වේ නැහැ සජිත්ගේ තාත්තා (නි)
අමෙරිකාවේ ග්‍රීන් ලොතරැයියක් දිනන්න ඇති නේද ? (නදී)
ඔබට සුබ අනාගතයක්! (නි)
නිලයට අදාළ දේ බුක්ති විදීමත් අදාළ නොවන දේ ප්‍රතික්ෂේප කිරීමත් වඩා සුදුසුයි. (නදී)
ඔබතුමා ලංකාවේ දේශපාලනයෙන් තවත් ඉදිරියට යනතුරු අපි බලාගෙන ඉන්නවා. ඒවගේම ඔබතුමාව ඒ තැනට යවන්නට අපි උපරිම වෙහෙසක් ගන්නවා.පුංචි ප්‍රේමදාස මැතිඳුනි, ඔබට ජය ශ්‍රී! (නි)
සංජය, දින 100 හෝ 1000, වේවා, එතුමාගේ තාත්ත කරපුවා අදටත් තියෙනවා. කලින් නායක තුමා වගේ කරපුවා කොහොමත් කරන්න බෑ. පේනවනේ දැන් එළිවෙන හැටි (නදී)
වැඩේ නම් හොඳයි. අර අක්කගේ හොර සල්ලි මිටිය ගැනත් හොයන්න ඕනා (නදී)
තාත්තා වැරදි කරන්න ඇති. ඒත් ඉතින් ඒ කාලේ වැදගත් වුණේ ජීවිත බේරාගැනීමනේ. මැණික් කියන්නේ අනෙක් අය මොකුත් කළේ නැහැ කියලද? දැන් ඔයා ඉන්නේ මොන රටේද කියන්නකෝ. ත්‍රස්තවාදය නැතුව අපි අද ඉන්නේ එතුමා නිසයි. (නි)
වැටුප නම් ඉතින් ඒ තරම් ලොකු ගාණකුත් නැතුව ඇති.... (නි)
ඔබ තුමා හැමටම ආදර්ශයක්. රටට සේවයක් කරන්න ඔබට ශක්තිය ලැබේවා (නදී)
නව නිවාස ව්‍යාපෘතියක පිඹුරුපත දිගහැරීමට කොතරම් කාලයක් ගතවේද? (නි)
අරමුණ කරා යන කම් ඔය වගේ පරිත්‍යාග කරයි. ඊට පස්සෙනේ වැඩ තියෙන්නේ. (නදී)
මෙතුමාට සල්ලි ඇති.... (නි)
ඔබගේ කැපකිරීම අගයනවා.අවංකව වගකීම ඉටුකරන්න. ඔබගේ පියා ජනතාවට නිවාස සංකීර්ණ සෑදුවා.දුගී ජනයාට හිසට සෙවණක් සාදාදෙන්න ඔබට දිරිය ආශිර්වාදය ලැබේවා! අපි සැමදා ඔබ සමඟ සිටිනවා! (නි)
බුදු අම්මෝ ...තාත්ත වගේ නම් එපා.......(අ)
ඔබතුමාගේ පියාගෙනුත්, රාජපක්ෂ මහත්තයාගෙනුත් මේ රටට සේවයක් සිදු වුණා. ඒ වගේම ඒ දෙපලටම වැරදුනු තැන් තිබුණා. ඉන් එකක් තමයි ජෝතීර්වේදීන් විශ්වාස කිරීම. අනිත් එක තමයි සුදුස්සාට සුදුසු තැන නොදීම. ඔබතුමා එම වැරදි නොකරනු ඇතැයි සිතන අතර ඔබට සුබ පතමි. (නදී)
තාත්ත හොයලානේ ඇත්තේ තව වැටුප් මොනවටද? (අ)
හැම ඇමති කෙනෙකුටම මේ වගේ කැපකීරීමක් කරන්න අමාරු ඇති, මං හිතන්නෙ. දේශ සේවය කියන්නෙ මේකටයි, හොඳ ආදර්ශයක්. අනෙකුත් ඇමති වරුත් ෆලෝ කරත්වා. (බ)
මේ වගේ නායකයන් තමයි ලංකාවට ඕනේ. ජනතාවට ආදරේ නම් මෙන්න අාදර්ශ (බ)
අවංකවම සතුටු වෙනවා... ඔබ වැනි නිර්මල මිනිසුන් මේ පින් බිමට තව තවත් පහළ වේවා...(බ)
මෙන්න රටට අවශ්‍ය දේශපාලනය! (නි)
ඇත්ත. බිල්ඩිමක අත්තිවාරමක්වත් දාන්න බැරි කෙටි කාලයක ඇමති පදවියක් වැටුප පරිත්‍යාග කිරීම සහ වාහන භාවිතයට නො ගැනීම නම් හොඳයි. (නදී)
සජිත් ප්‍රේමදාස මහතාට වැඩිපුර බණක් කීමට අවශ්‍ය නොවන බවත් තාත්තා වාගේ වැඩ කරන්නැයි යන්න පමණක් මතක්කර දෙන බවත් පවසමි (නි)
බොහොම හොඳ ආදර්ශයක් (නි)
මේ වගේ හොද ඇමතිලා අපි අතරේ ඉන්න එක කොයි කරම් දෙයක්ද? ඔබතුමාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.(දිල්)
අනේ බලන්නකෝ, මෙයාලා මහජනතාවට කොච්චර ආදරේද කියලා. කටින් බතල හිටවලා නම් වැඩක් නැහැ. අපි බලන් ඉන්නවා. (නදී)
කරන සේවයට සාධාරණ වැටුපක් ගත්තට කමක් නෑ. නොගත්තම මුනිස්සු හිතන්නේ අනාගතේ වෙනුවෙන් හිතල හුදු ජනප්‍රියත්වය වනුවෙන් ගත් තීරණයක් කියල.මොන හොද දේ කලත් අපේ අයත් එක්ක බේරුමක් නෑ (දිල්)
අනේ පුතේ තාත්තාගේ තිබුණු හොද වැඩ පමණක් ආදර්ශයට ගන්න(දිල්)
ආදරේ කරනවා මිනිසුන් හැමදාම සජිත් පුතාගේ වැඩ ගැන දැක්කාම නපුරු උන්ට කළකම් පල දුන්නාම හේරත් මල්ලි මතෙකෙට ඇයි සැමදාම (දිල්)
සජිත් මැතිතුමනි, ඉංජිනේරු සංස්ථාව කාපු දේශප්‍රේමීයො ටික අල්ලන්න (අ)
ඔව් තාත්ත වගේ වැඩකරන්න නමුත් තාත්තගේ ඇතැම් වැඩ වලින් කරුණාකර වල කින්න. ඔබට සුබ අනාගතයක් පතමි. (අ)
මෙතුමාගේ තාත්ත හොර කව කියල අපි කවදාවත් අහල නැ ඒ නිසා ඔබතුමාට අපි කවදත් ආදරේ ඔබ තුමා තාත්තගේ ආදී පාරේම යන්න කියල අපිට විශ්වසයි සුබ පැතුම් (අ)
දින 100 ට විතරක්ද? නැතිනම් දිගටම ද ප්‍රේමදාසලගේ වැඩ ගැන අපට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ (අ)
විවේචකයෝ මොනවා මොනවා හරි කියාවි. ඔබ තුමා නිවැරදිව හා අවංකව කටයුතු කරන්න. එවිට සත්‍යයත් ධර්මයත් ඔබ තුමාව රැකගනීවී.(දිල්)
පව් අනේ! මගේ වැටුප දෙන්න හිතෙනවා මට (නි)
තාත්තා හෙව්වත් ඒවා ටිකක් හරි ඒ මනුස්සය නැවත පන්සල් වලටම දුන්නා. (දිල්)
හොඳ අයට කොතන ගියත් ඇනුම්පද නම් එමටයි.ඒ අය හෘද සාක්ෂියෙන්ම අහලා බලන්නකෝ. (නි)
තාත්තා වගේ වැඩ කරොත් නම් වැටුප් ගන්න ඕන නෑ (නදී)
ඔබයි අපේ දුප්පතාගේ හදවතින්ම හිතවතා. ඒ ජනතාව වෙනුවෙන් වැඩ කරලා ඒ ජනතාවගේ දෙවි කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරමි. රටේම ජනතාවගේ ආදරය ඔබට ලැබෙනවා නොඅනුමානයි. (නදී)
ඔබ වැනි තරුණයන් රටට වාසනාවක්. මිට 10 වසරකට ඉහත ඔබ වැනි අයකු මෙරට පාලනය කලා නම් අද පවතින තත්වයට වඩා හොඳ පරිසරයක් අපට ලැබෙනවා. ඔබගේ පියාගේ වැඩ පිලිබදවත් අප වැඩිහිටියන්ගෙන් අසා දැනගෙන තිබෙනවා. සෝබිත හිමි පැවසුවා සේම ඉදිරියට වැඩ කරගෙන යන්න. ඔබ වගේ තව 10ක් හිටියා නම් ඇති මේ රටට. රන්ජන් රාමනායක මහතා සමග අරලිය ගහ මන්දිරය පිලිබදව කල විශ්ලේෂනයද ඇති විශිෂ්ටියි. ඔබගේ පියා මෙන් රටේ වටිනා දේවල් රකිමින් යහපත් පාලනයක් ගෙනියන්න මා සුබ පතමි. (නදී)
නිකන් ඉරිසියා කතා කියන්න එපා. සජිත් තමයි මීළඟ ජනපති හෝ අගමැති ව්‍යවස්ථා වෙනසට අනුව. හොඳ නායකයෙක් වෙයි එතුමා (නදී)
චන්න,මේ රටේ බිහිවුණු ප්‍රයෝගිකම ජනාධිපති තමයි සජිත්ගේ පියා. මටත් කියන්න තියෙන්නේ සෝභිත හාමුදුරුවෝ කියපු දේම තමයි (බ)
මේ වගේද අරගොල්ලෝ සල්ලි හෙව්වේ? (බ)
ඇමතිතුමාට මේ විදියට වැටුපක් නැතුව ජීවත්වෙන්න සල්ලි කොහෙන්ද අප්පා! අපි දැක්කා එක කාලයක් දිගටම 50000 ගානේ බෙදාගෙන ගියා. (නි)
තාත්ත කොහොම කෙනෙක් උනත් කමක් නැහැ ඔබ තුමා කරන දේවල් හිතට එකගව හරි දේ කරන්න . එතකොට ජනතාව හරි තීන්දුවක් දේවි හරි මොහොතක. (බ)
ඔබ නියම දේශපලකයෙක්. ඔබ හැමෝටම ආදර්ශයක් (නදී)
අහන්නත් සංතෝෂයි. ජයවේවා..! (නදී)
ඔබේ පක්ෂය ගොඩගන්න පුළුවන් ඔයාට පමණයි. එදාට ඔය කාගෙවත් පස්සේ නොයන ශක්තිමත් පක්ෂයක් හදන්න. (නදී)
අනවශ්‍ය ලෙස මඩ නොගසා කෙරෙන අලුත් වැඩවලට පැසසුම් කිරීම ජනතාව හැටියට අපේ යුතුකමය. තාත්තා හෙව්වා , හොරකම් කළා කියා නිහතමානි මේ තරුණ බලාපොරොත්තුව මඩින්න එපා. ජාති ආගම් කුල මල බේදවලින් තොරව වැඩකරපු කෙනෙක් එයාගේ තාත්ත. වැරදි වෙන්න ඇති. නමුත් පුතා ඒවාට පළි නැහැනේ..(අ).