ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කථා කරන්නේ මෛත්‍රිපාල ජනපති ගැන පමණක් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ගැන කිසි විටක කථා කරනවා තමා අසා නැති බවද ප්‍රසන්න රණතුංග මහතා බණ්ඩාරගම අටුලුගම අල්ගස්සාලි විදුහලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කරමින් අද (22) කීවේය.
මොන දේශපාලන අර්බුද තිබුණත් පළාත් සභා ශක්තිමත් කළ යුතු බවත් පාසල් සිසුන් සංවර්ධනය කර පළාත තුළ අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බවත් ඔහු පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දේශපාලකයන් පාසලකට ආවොත් පවත්වන්න ඕනෑ කතාවේ අන්තර්ගතය ගැන කිසිම අදහසක් නැහැ. එයාත් කිව්වා නිසා මෙයාත් කියන එක කමක් නැහැ කියන එක මොන බොළඳ තර්කයක්ද? (නි)
අනේ මේ අර ආනන්දයට කිට්ටුව ළමයින් ගහපු ක්‍රිකට් බෝලය වත්තට වැටුණ වෙලාවේ ඇති වුණ කලබගැනිය දන්නා කෙනෙක් රණතුංග ල ගැන ආවඩන්නේ නැහැ. ක්‍රීඩාවකින් හරි රටට සේවයක් කළේ අර්ජුන විතරයි. අන්න එකට මමත් ගරු කරනවා. (ම)
අනුන්ගේ ඒවා අපිට මොකටද මහත්තයෝ? (නි)
අපිට මොකටද එක එක කතා? (නි)
මහා ඇමතිතුමා කළ සමස්ත කතාව මෙය නොවන බව සිහිබුද්ධියෙන් කියවන පාඨකයෙකුට වැටහිය යුතුය. මෙවැනි කතා අනෙක් පක්ෂවල කථිකයොත් ඕනෑතරම් කරනවා මෙන්ම පට්ටපල් බොරු පවා කියනවා. ප්‍රසන්න මහතා ප්‍රකාශ කරන ආකාරයෙන් පැහැදිලි කරන්නේ දේශපාලන පටු අදහස් වලින් කොන් නොවී පොදුවේ පාසල් සහ අධ්‍යාපනය සංවර්ධනය සඳහා කටයුතු කිරීම වැදගත් බවයි. එම කතාව කාලෝචිත බව මගේ හැඟීමයි. (නි)
පල ඇති රුකට ගල් වැසි (ම)
සුරන්ජිත් මහත්තයෝ..රෙජි මහත්තය හිටියනම් අර්ජුනට ගහන්නේ පොල් පිත්තෙන්..තමන්ට ක්‍රීඩා ඇමතිකම නොදීමේ පලිය ගන්න මුළු පවුලම 77 දී සියල්ල අහිමි කරවල ගේ දොර ගිනි තියල පාරට ඇදල දාපු යු අන් පි කාරයෝ එක්ක හවුලේ පවුල් කන්න තරමට අර්ජුන දෙකේ කොලේට වැටුනට පවුලේ අනිත් අයට කශේරුකාවක් තියෙනවා තාම හොදට වැඩ කරන.. ක්ෂයට ආදරයක් නැති පක්ෂය දිනවීම හෝ පාක්ෂිකයා රැක ගැනීම අරමුණ නොවූ කලගුණ සැලකීම පමණක් අරමුණු කරගෙන යු අැන් පි එකට බලයට එන්න පක්ෂය දිය කරන්න හදන සභාපති වරයෙක් එක්ක මේ සැබෑ ශ්‍රී ලංකා කාරයින්ට මොන ගනුදෙනුද? (නදී)
අපේ රටේ දේශපාලකයෝ කවුරුහරි තමන්ට කකුල් මාට්ටුවක් දායි කියලා බයෙනුයි ඉන්නේ. ඒක නිසයි අනුන් ගැන කතා කරන්නේ. මහජනයා දන්නවා ඇමතිතුමා සහ මහා ඇමතිතුමාගේ වටිනාකම (නි)
තැනට සුදුසු කතාවක් කරන්න (නි)
නසාර් ඔබ සිනහ වුවේ සජිත් ඇමතිතුමා ගැන කි කතාවට විය යුතුය. ලංකා දේශපාලනයේ ඔවුන්ගේත් අපේත් නෛසර්ගික ලක්ෂණය තමා මේ. සිනාගස්සනවා, සිනාසෙනවා.(නදී)
ලංකාවේ ජනතාව හරිම බුද්ධිමත්. ජනතාවට තමා දැන් සිද්ධවෙලා තියෙන්නේ දේශපලකයින්ව නාස්ලණු දාලා හරි පැත්තට ඇදගෙන යන්න. (නි)
අනෙක් දේශපාලකයනුත් කියනවා කරනවා යන්න තමන් කල කිව යුතු දේවල් ගැන තීරණ ගැනීමේදී නිවැරදි මිනුම දණ්ඩක් නෙවෙයි. (නදී)
ඕක තමයි යහපාල මහත්තයෝ කියන්නේ දේශපාලනයට සදා මිතුරන් හෝ සදා සතුරන් නැත කියලා.(නදී)
පිවිතුරු යහපාල. මට කියන්න ඕනා උනෙත් ඔබ අවසානයට කියා ඇති දෙයයි. මම පදිංචි රණතුංගලා ඉන්නා ප්‍රදෙශයෙමයි. මම දන්නා දේ බොහොමයි. ඒ නිසා කිව යුත්තේ තනතුරු වෙනුවෙන් ලැජ්ජාව බිමින් තියන්න සැරසුණු අයගෙන් ඉතාම වෙනස් කෙනෙක් තමයි අපේ මහා ඇමතිතුමා. (නදී)
මේ අය පාසැලකට ගිහින් කතා කරන විදිහවත් දන්නැති බව නම් පේනවා. හැම තැනම හැම දේටම දේශපාලනය. හරිම බාල දේශපාලන සංස්කෘතියක් අපේ රටේ තියෙන්නේ (නදී)
ඇගේ බර අඩු කර ගත්තම මොලයට හොඳයි. මොලයට. ලේ ගමන්කිරීම අමාරු වගේම තෙල් (මේදය ) තැන්පත් වෙනවා. එතකොට තේරුම් ගන්න බැහැ මොලය වෙහෙසට පත් වෙනවා (නදී)
ඒ කතාව ඇත්ත. සජිත් කවදත් කතා කෙරුවේ පියාණන්ගේ දර්ශණය ගැන මිසක් පක්ෂයේ පිළිවෙත ගැන නොවෙයි. පක්ෂයේ නායකත්වය ගැන එතුමාට ප්‍රශ්න තිබුණා. ඉතින් රටේ නායකයා ගැන කතා කරනවා ඇරෙන්නට වෙන මොකක් කරන්නද.? (නදී)
ඉතින් තමුන්නාන්සේට ඒ ගැන ඇති ප්‍රශ්නය මොකක්ද? ඒ දෙන්නා අතරේ ප්‍රශ්නයක් ඇති කරන්නද ඕනෑ? ඕක තමයි කියන්නේ ඔළුවයි බඩයි තිබුනට සාර්ථක දේශපාලකයෙක් වෙන්න බැහැ කියලා.ඔබතුමා ඒක ඔප්පු කළා. (නි)
ලැජ්ජයි! එක්සත් ජාතික පක්ෂය තවම බොරදියේ මාළු බානවා. (නි)
බොරුවට උඩ පැන්නොත් ප්‍රසන්නට ලබන පාර නාමයෝජනා ලැබෙන්න නැහැ , එතකොට ඔය දැඟලිලි නිකම්ම නැතිවෙලා යාවි (බ)
පිවිතුරු යහපාල, පිලිප් ගුණවර්ධන, ආචාර්ය දහනායක, ඊරියගොල්ල මහත්මයනුත් යු අැන් පි යට ගියානම් වෙන මොන කතාද (බ)
ඔය බයිලා ගහනවට වඩා හොඳ නැද්ද ඇඟ බහින්නත් එක්ක ගෝල්ෆේස් එක වටේ රවුමක් දිව්වා නම් ....?
එයාලා ගැන මොන කතාද? (නි)
සමහරුන්ට ඇඟ තිබුනට මොළය නැහැ (නි)
පාසලකට ගිහිනුත් කරන්නේ දේශපාලනය සම්බන්ධ කතා....? අනේ මෙහෙමත් මිනිස්සු. (නි)
නිසි තැන අදාල කතාවවක් කරගන්න බැරි අයට තමන්ගේ ඇසේ තිබෙන පොල්පරාලය නොපෙනීම තමා මේකෙන් පෙනෙන්නේ. (නි)
මට ඕ.අයි.සී පත්වීමක් ලැබිලා තියෙන්නේ. මේකේ දාල තියෙන ඒවා කියෙව්වහම ඒ පත්වීම අතහරින්න හිතුනා.
පාසල් උත්සවයකට පැමිණ සිසුන් ඉදිරියේ මේ වගේ කොහෙද යන්නේ මල්ලේ පොල් කතා කියනවද? (නි)
සුරන්ජිත් මහත්තයෝ..රෙජි මහත්තය හිටියනම් අර්ජුනට ගහන්නේ පොල් පිත්තෙන්..තමන්ට ක්‍රීඩා ඇමතිකම නොදීමේ පලිය ගන්න මුළු පවුලම 77 දී සියල්ල අහිමි කරවල ගේ දොර ගිනි තියල පාරට ඇදල දාපු යු අැන් පි කාරයෝ එක්ක හවුලේ පවුල් කන්න තරමට අර්ජුන පහත වැටුනට පවුලේ අනිත් අයට කශේරුකාවක් තියෙනවා තාම හොඳට වැඩ කරන..පක්ෂයට ආදරයක් නැති පක්ෂය දිනවීම හෝ පාක්ෂිකයා රැක ගැනීම අරමුණ නොවූ කලගුණ සැලකීම පමණක් අරමුණු කරගෙන යු අැන් පි එකට බලයට එන්න පක්ෂය දිය කරන්න හදන සභාපති වරයෙක් එක්ක මේ සැබෑ ශ්‍රී ලංකා කාරයින්ට මොන ගනුදෙනුද? (බ)
ඉතින් ඔබතුමාත් අර්ජුන මන්ත්‍රීතුමා ගැන කතා කරන්නේ නැහැනේ. අනෙක ඔය කියපු ටික මේ උත්සවයට අදාළද? මෙහෙම තැනකදී අරයා මෙයා ගැන කතා වැඩක් නැහැනේ (නි)
නිවැරදිව දකින නිවැරදිව සිතන නිවැරදිව කරන නායකයෙක් ලෙසින් අපි ප්‍රසන්න රණතුංග දකිමු. එතුමා තම පියාණන්ටත් එහා යමින් තම පක්ෂයද රකිමින් ජනතා සේවයක යෙදෙන බව අපි දනිමු. එතුමා ප්‍රකාශ කල දේ නිවැරදි බව කිව යුතුයි. තමා ජනපති පමණක් වර්ණනා කරන්නේ ඇයිදැයි ප්‍රසන්නගේ කියමනට පිළිතුරු දිය යුත්තේ සජිත් ඇමැතිතුමාය. (නදී)
රජය කෝටි ගණන් වියදම් කර මෙවැනි වටිනා ගොඩනැගිලි හදනවා. නමුත් විවෘත කිරීම් උත්සව වලට පැමිණ අමුත්තන් කරෙන කතාවලින් එම ගොඩනැගිලිවල වටිනාකමත් නැතිවෙනවා. (නි)
එක එක්කෙනාගේ කතා හොයන එකම තමයි වැඩේ (නි)
මට නම් හොඳටම හිනා ගියා මේ කතාව අහලා (නි)
ජනක,මෙවැනි දෙයක් ප්‍රසන්න කතාකළොත් නේද ඔබට වැරදි? එතකොට මේ රජයේ අනිත් ලොක්කෝ පාසල් හා ආගමික උත්සව වලදී අලිබබා සහ හොරු හතලිහ ගැන කතා කිරීම හරිද? අනික අර්ජුන ගැන ප්‍රසන්න කුමට කතාකරන්නද. (නි)
ඇයි අනේ රුපියල් 50000 බැගින් බෙදා දෙමින් පන්සල් පල්ලි ගානේ ගිය සජිත් මහත්තයත් ඒ කාලේ කෙරුවේ දේශපාලන කතා නේද.? ප්‍රසන්න මහත්තයා ඒවා කොපි කරලයි දැන් කියන්නේ. කොහොමටත් අපි ගහ බැන ගන්නේ නැතුව ඉමු. ඒ කියමන වැරදිනම් සහිත මහත්තයා පිළිතුරු දේවිනේ. (ස)
ඔබතුමාට මොකටද රනිල්ගෙයි, සජිත්ගෙයි කතා? ආ කාර්යය කළා නම් ඉවරයිනේ. (නි)
සජිත්,රනිල් කතාද වැදගත්? නැත්නම් අලි බබා සහ හොරු හතළිහේ කතාද වැදගත්? හොඳ තර්කයක්! (නි)
වැඩ කරන මිනිස්සු කියවන්නේ නැහැ. ප්‍රායෝගිකව වැඩ කරලා පෙන්වනවා. (නි)
සජිත් හැමවෙලාවෙම කියන්නේ "අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා' කියලා එකට.ප්‍රසන්නට දැන් කණ ඇහෙන්නෙත් නැහැ වගේ. ප්‍රසන්නගේ තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමානය රැකගත් පක්ෂයට ආදරය කළ දීප්තිමත් නායකයෙක්. එතුමා පක්ෂයේ නායකයා වුණේ කව්ද, එතුමාට එතුමියට කීකරුව නිහතමානීව යටත්ව සේවයකළා.අපි කව්රුත් දිවංගත රෙජී රණතුංග මැතිතුමාට ගෞරව කරනවා. බලන්න අර්ජුන හැසිරෙන විනීතභාවය දේශපාලන භූමියේ ! ප්‍රසන්න තාත්තාව සහ අර්ජුනව ආදර්ශයට ගත්තොත් දිගු ගමනක් යන්න පුළුවන්. (නි)
දේශපාලනයට සම්බන්ධ සියලු දෙනාම අනුන්ගේ දේවල් නැතුව තමන් කළ දේවල්, තමන් කරන්න බලාපොරොත්තු වෙන දේවල් පමණක් කතා කළා නම් ඉතාමත් ශීලාචරයි. අනුන් ගැන කතාකළාට තමන්ට තැනක් ලැබෙන්නේ ගැලරියෙන් විතරයි. (නි)