බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ ආරම්භයේ සිටම ඡුන්ද සටහනේ නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 272 ත් සමග මුළු ඡුන්ද 1750 ක් ලබාගෙන තවදුරටත් තම ස්ථානය රැකගැනීමට සමත්ව සිටී.
සමස්ත ලංකා කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටි තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්, පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 1272 ත් සමගින් ඡුන්ද 17,000 සීමව පසු කිරීමට සමත්ව සිටී. මේ වන විට ඔහු ලබාගෙන සිටින මුලූ ඡුන්ද ප‍්‍රමාණය 17,261 කි.
මෑතකදී එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණි කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දුෂාන් හේමන්ත පසුගිය සතිය තුළදී ඡුන්ද 496 ක් ලබාගෙන ඔහුගේ මුළු ඡුන්ද සංඛ්‍යාව 4213 දක්වා වර්ධනය කරගෙන තිබේ. පසුගිය සතිය තුළදී ඡුන්ද 33 ක් පමණක් ලබාගත් රිච්මන්ඞ් විද්‍යාලයේ ඒ. කේ. ටිරෝන් මේ වනවිට මුළු ඡුන්ද 3628 ක් සමගින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවේ.
ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රි ඡුන්ද 7000 සීමාව පසුකිරීමට සමත්වූයේ පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 378 ත් සමගිනි. ඔහු තවදුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවෙයි.
මෙම තරගයට අදාළ කූපන් පත් මේ වසරේ ජනවාරි 1 වනදා සිට විජය පුවත් පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ. තමන් කැමතිම කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පඨකයන්ට අවස්ථාව ඇත.
පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| මින්හාජ් ජලීල් | තර්ස්ටන් විදුහල | 17261 |
| දුෂාන් හේමන්ත | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 4113 |
| ඒ. කේ. ටිරෝන් | රිච්මන්ඞ් විදුහල | 3628 |
| දිනුක වික‍්‍රමනායක | ත‍්‍රිත්ව විදුහල | 1478 |
| මාධව නිමේෂ් | පානදුර රාජකීය විදුහල | 1190 |
| සචින් බුලත්සිංහල | කටුගස්තොට ශා අන්තෝනි විදුහල | 602 |
| ජේසන් බුල්ජන්ස් | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 497 |
| රොෂාන් අනුරුද්ධ | කැළණිය ගුරුකුළ විදුහල | 213 |
| දමිඳු අෂාන් | පානදුර රාජකීය විදුහල | 206 |
| කුසල් මෙන්ඩිස් | මොරටුව වේල්ස් කුමර විදුහල | 188 |
| දේවින් පත්මනාතන් | කොළඹ රාජකීය විදුහල | 181 |
| තමල්ක ඇතුලත්මුදලි | කොළඹ ආනන්ද විදුහල | 148 |
| යොහාන් සිල්වා | අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල | 85 |
| සන්ජික රිද්ම | මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල | 74 |
| ගෙහාන් ගජධීර | මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල | 10 |
නැගී එන පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| සංජු ශාරුක් | ගාල්ල විද්‍යාලෝක විදුහල | 1750 |
| ලහිරු විමුක්ති | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 902 |
| චාමික අමරසේකර | පානදුර ශ්‍රී සුමංගල විදුහල | 681 |
| ප‍්‍රසන්න සුජිත් | උහන මධ්‍ය මහා විදුහල | 343 |
| භානුක මනිලංග | කෑගල්ල ශාන්ත මේරි විදුහල | 155 |
| දේෂාන් ධනංජය | මාතර රාහුල විදුහල | 125 |
| සදීප ලක්ෂාන් | වේයන්ගොඩ බලවන විදුහල | 19 |
| ලසිත් ලක්ෂාන් | මාතර ශන්ත තොමස් විදුහල | 16 |
| නිපුන යතිදුර | කැළණිය ධර්මාලෝක විදුහල | 13 |
අන්තර්ජාතික පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| වලීඞ් ජෙෆ්රි | ලේටන් පාර්ක් විදුහල | 7163 |
| සසික රත්නතිලක | නුගේගොඩ ලයිසියම් විදුහල | 5597 |
| ඬේවින් යසත් සේරසිංහ | ගේට්වේ ජාත්‍යන්තර විදුහල | 97 |
| පවින් ලහඳුපුරගේ | වත්තල ලයිසියම් විදුහල | 18 |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd