IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සංජු තවදුරටත් පෙරමුණ රැකගනී

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ ආරම්භයේ සිටම ඡුන්ද සටහනේ නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 272 ත් සමග මුළු ඡුන්ද 1750 ක් ලබාගෙන තවදුරටත් තම ස්ථානය රැකගැනීමට සමත්ව සිටී.

සමස්ත ලංකා කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටි තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්, පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 1272 ත් සමගින් ඡුන්ද 17,000 සීමව පසු කිරීමට සමත්ව සිටී. මේ වන විට ඔහු ලබාගෙන සිටින මුලූ ඡුන්ද ප‍්‍රමාණය 17,261 කි.

මෑතකදී එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණි කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දුෂාන් හේමන්ත පසුගිය සතිය තුළදී ඡුන්ද 496 ක් ලබාගෙන ඔහුගේ මුළු ඡුන්ද සංඛ්‍යාව 4213 දක්වා වර්ධනය කරගෙන තිබේ. පසුගිය සතිය තුළදී ඡුන්ද 33 ක් පමණක් ලබාගත් රිච්මන්ඞ් විද්‍යාලයේ ඒ. කේ. ටිරෝන් මේ වනවිට මුළු ඡුන්ද 3628 ක් සමගින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවේ.    

ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රි ඡුන්ද 7000 සීමාව පසුකිරීමට සමත්වූයේ පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 378 ත් සමගිනි. ඔහු තවදුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවෙයි.

මෙම තරගයට අදාළ කූපන් පත් මේ වසරේ ජනවාරි 1 වනදා සිට විජය පුවත් පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ. තමන් කැමතිම කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පඨකයන්ට අවස්ථාව ඇත.
පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා         පාසල      ඡන්ද
මින්හාජ් ජලීල්          තර්ස්ටන් විදුහල 17261
දුෂාන් හේමන්ත    කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 4113
ඒ. කේ. ටිරෝන්   රිච්මන්ඞ් විදුහල   3628
දිනුක වික‍්‍රමනායක            ත‍්‍රිත්ව විදුහල 1478
මාධව නිමේෂ්     පානදුර රාජකීය විදුහල    1190
සචින් බුලත්සිංහල     කටුගස්තොට ශා අන්තෝනි විදුහල    602
ජේසන් බුල්ජන්ස්     කොළඹ ශාන්ත පීතර විද්‍යාලය   497
රොෂාන් අනුරුද්ධ    කැළණිය ගුරුකුළ විදුහල    213
දමිඳු අෂාන්     පානදුර රාජකීය විදුහල   206
කුසල් මෙන්ඩිස්     මොරටුව වේල්ස් කුමර විදුහල  188
දේවින් පත්මනාතන්    කොළඹ රාජකීය විදුහල    181
තමල්ක ඇතුලත්මුදලි    කොළඹ ආනන්ද විදුහල      148
යොහාන් සිල්වා    අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල     85
සන්ජික රිද්ම    මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල   74
ගෙහාන් ගජධීර  මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල 10

 

නැගී එන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා        පාසල      ඡන්ද
සංජු ශාරුක්        ගාල්ල විද්‍යාලෝක විදුහල 1750
ලහිරු විමුක්ති    පානදුර ශී‍්‍ර සුමංගල විදුහල  902
චාමික අමරසේකර   පානදුර ශ්‍රී සුමංගල විදුහල    681
ප‍්‍රසන්න සුජිත්       උහන මධ්‍ය මහා විදුහල 343
භානුක මනිලංග    කෑගල්ල ශාන්ත මේරි විදුහල    155
දේෂාන් ධනංජය    මාතර රාහුල විදුහල   125
සදීප ලක්ෂාන්    වේයන්ගොඩ බලවන විදුහල    19
ලසිත් ලක්ෂාන්   මාතර ශන්ත තොමස් විදුහල   16
නිපුන යතිදුර   කැළණිය ධර්මාලෝක විදුහල   13

 

අන්තර්ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා          පාසල     ඡන්ද
වලීඞ් ජෙෆ්රි ලේටන් පාර්ක් විදුහල    7163
සසික රත්නතිලක    නුගේගොඩ ලයිසියම් විදුහල 5597
ඬේවින් යසත් සේරසිංහ       ගේට්වේ ජාත්‍යන්තර විදුහල       97
පවින් ලහඳුපුරගේ           වත්තල ලයිසියම් විදුහල  18



අදහස් (0)

සංජු තවදුරටත් පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site