(තිළිණි ද සිල්වා)
සංචාරක ව්‍යාපාරය මෙරට වැඩිම විදේශ විනිමය උපයන ක්ෂේත්රය බවට පත් කිරීම රජයේ අරමුණ වී තිබියදී මිරිස්ස හා තවත් ප්‍රදේශයක දී සංචාරකයින්ට හිරිහැර සිදු කළ පුද්ගලයින්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමේ වගකීම පොලිසිය ගත යුතු යැයි සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.
මෙම සිද්ධිය ලොව පුරා කතා බහට ලක්වී ඇති බවත්, එය අපේ කීර්ති නාමයට හානිකර සිදුවීමක් නිසා මේ ගැන නිසි ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙන බවත් , එසේම සංචාරකයින්ට ලිංගික අතවර කිරීම්, පහරදීම් ආදියට සම්බන්ධ සියලූ දෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීම් සිදු කළ යුතු බවද සංචාරක අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කීය.
මිරිස්ස ප්‍රදේශයේ හෝටලයේ දී නෙදර්ලන්ත සහ බි්රතාන්ය ජාතිකයින් තිදෙනෙකුට හිරහැර සිදුවීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුකට සහභාගී වෙමිනි.
මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා අදහස් දක්වමින් කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින බවත් හෙට (19) ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන බවය.
මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඇසල වීරකෝන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරාතිරමක්ද? ඕන කස්තිරමක් ගහලා නීතියෙන් බේරිලා යන්න පුළුවන් රටක සංචාරක ව්‍යාපාරය ගැන කතා කිරීම විහිළුවක් !
අද රටේ නිදැල්ලේ මැරයන් බිහි වී ඇත්තේ නීති පද්ධතියේ ඇති දුර්වලකම නිසයි. මේ බොහෝ මැරයන් අපරාධ කර නීතියේ රැහැනට අසුවුනත් ඉතා පහසුවෙන් ඇප ලබා එලියට පැමිණ නැවත තමන්ට පුරුදු අපරාධ කරනවා.
අපේ රටේ මෑතකදී සංචාරක කාන්තාවන්ට සිදු වූ අතවර කීයක් වාර්තා වුනාද ? ගෙදර බුදුන් අම්මා කියා වඳින ගමන් සෙසු කාන්තාවන් සියල්ලෝම සක්කරවට්ටම ලෙස සලකන එකම රට මේකයි. සංචාරක කාන්තාවන් මෙහෙ පැමිණෙන්නේ රටේ සිරි නරඹා නිවාඩු ගත කිරීමට මිස රටේ සමහර අසහනකාරයන්ගේ මනදොල පිනවීමට නොවන බව මොවුනට තේරුම් කර දීම නිලධාරීන්ගේ යුතුකමයි.
අනේ කරුණාකරලා අර එයාර්පෝර්ට් එකේ ඉන්න මැරයෝ වගේ සංචාරකයන්ගේ ගමන් මලු උදුරාගෙන වෑන්වල පටවලා කීයක් හරි දෙන්න කියලා පාර්ට් දාන අයවත් නතර කරන්න කියන්න. නැත්තම් එ්ක හරි කතා අත්දැකීමක් වෙයි සංචාරකයින්ට පළවෙනි දවසේම..
සිද්ධිය වෙලා සෑහෙන කාලයක්. ඇමැතිතුමාට ඇහැරුනේ දැන්...
මුලින්ම ටුවරිස් වීසා වලින් ඇවිල්ලා වදකරන අය අල්ලන්න....
අතවරයට ලක්වුණු සංචාරකයන්ට, නඩු කටයුතු සඳහා මෙරටට පැමිණීමට නොමිලයේ ගුවන් ටිකට් ආදී පහසුකම් සපයන බව අමාත්‍යංශ නිවේදනයක තිබෙනවා, එත් මොන සංචාරකයා ද ඒ විදියට තමන්ගේ කාලය නාස්ති කරගෙන වැඩ කටයුතු අතපසු කරගෙන ආවේ? අමිහිරි අත්දැකීම් අතවර විඳලා ආයේ මේ රටේ පස් පාගන්නේ නැහැ, දන්නා කෙනෙක්ට එන්න දෙන්නෙත් නැහැ, නඩුවේ සාක්ෂි නැති නිසා විත්තිකරුවන් ලෙහෙසියෙන්ම නිදහස් වෙනවා, ඉතින් කල යුත්ත නම් ස්කයිප් හෝ එවන් ක්‍රමයක් මගින් ඔන්ලයින් සාක්ෂි දීමේ ක්‍රමයක් මගින් නඩු කටයුත්ත ඉක්මනින් අවසන් කිරීමයි.